හමු නොවේවා නුඹ..

dhanush_c

Active member
  • Apr 11, 2015
    150
    119
    43
    ලංකාවේ
    www.youtube.com
    හමු නොවේවා නුඹ..

    මතකයි අද වගේ..
    හිටියා නුඹ වෙනුවෙන් හිතින්..
    පෙම් කලා මුළු හදවතින්..
    දුක් වෙන්නැති රත්තරං අපි..
    රණ්ඩු වෙන්නත් ඇති ගොඩක්..
    දනිමි නුඹ මෙන්ම මාද..

    දුක් වුනේ හැඬවුනේ නුඹ පමණක් නෙවේ..
    සතුටින් පිරැණු දින අපේ දිනපොතේ..
    ගෙවුණු සත් වසක් කල්..
    තිබුණා බොහෝ..
    මතකයි අදවගේ..
    පුදුමයි අමතකයි නුඹට ඒ..
    ආදරෙන් තුරැලු වුනු..
    හදේ පෙම් පිරි ඉතිරැ...
    දින සතිගණන්...

    ඉල්ලුවේ මම නුඹෙන් කලක්..
    තැලුණු මේ හිත මගේ..
    ගෙන එන්න යලි වරක්..
    නුඹගේ නමින්..
    සිතුවේ නෑ කිසි දිනක හැරයන්න..
    මම කලේ නෑ ආදරේ..
    හැරයන්න නොකියාම නුඹෙන්..
    යලිත් එනවිට මම මගේ..

    හද අරන් තුටින්..
    නුඹ දුර ගිහින්..
    යලිනොඑන්නම..
    වැඳ වැටුනෙ මං..
    නුඹේ ලඟ ‍...
    අරඹන්න නව ලොවක් පසු දිනේ...

    තවම නොදනිමි මා..
    නුඹ කියූ පරක්කුව මගේ..
    මතකයි අද වගේ..
    මැරැවා මගෙ සෙනේ..
    තවත් නෑ රැඳෙන්නේ..
    නුඹ නමින්..

    ගිය තැනක නවතිනු මැනේ...
    පතමි මං..
    ඉන්නවාටත් වඩා ඉන්න සතුටින්...
    ඉතින් නවතිමි මං..
    පෙම් කෙරෑ හද තියන්...
    ඉල්ලන්නෙ මං..
    හමු නොවේවා නුඹ..
    දිවිය ඇති තෙක් මගේ..​
     
    • Like
    Reactions: coolshano