හම ගහලත් මදි

ccivo123

Banned
Oct 19, 2010
81
5
0
අහිංසකයන්ට ඇණ ගහන එවුන්ව හම ගහලත් මදි

නැති බැරිකම තරම් එපා කරවන දෙයක්‌ ජීවිතයේ තව තිබේද? නැති බැරිකම හරියට යක්‍ෂයකු මෙනි. නැති බැරි වේලාවට අත මිට හිඟවීම පමණක්‌ නොව දුක්‌ කරදර, ලෙඩ රෝගද එන්නේ එක පිට එකය. නැති බැරි වූ විට නෑ හිත මිතුරන්ද ඈතට යන විට මේ මිනිස්‌ ජීවිතයේ දුක තේරේ. ඉපදීම දුකකි. ලෙඩ රෝග වැළඳී අතමිටත් හිඟ වූ පසු මිනිසෙකුට දැනෙන හිතේ අමාරුවට තිබෙන එකම බේත මුදල් සෙවීමය. මුදල් සෙවීමට පිටරට යන්නට සිතන අයගෙන් බහුතරය ඒ යන්නේ අත මිට හිඟ නිසාය.

ඉබ්බාගමුව, තල්ගොඩපිටිය පදිංචිව සිටි වීරයියා ලෙච්චමි නම් වන දෙදරු මවද මේ මුදල් හිඟකමින් පෙළෙන්නට වූයේ විවාහයෙන් පසුවය. ලෙච්චමීගේ සැමියා කුලී කම්කරුවෙකි. ලෙච්චමීත් සැමියා වන රාජරත්නම් ජීවිතේ එක පිට එක එන ප්‍රශ්නවලින් හෙම්බත් වූයේ දරු දෙදෙනකුගේ මව් පියන් වූ පසුවය.

"රාජා මම රට යන්නද?" දිනක්‌ ලෙච්චමී සැමියාගෙන් අසා සිටියේ මේ නැති බැරි කමට එරෙහිව අවි එසවීමට රට යැම හොඳම දේ යෑයි කල්පනා කිරීමෙන් පසුවය.

"ඔයාව රට යවලා කොහොමද" රාජා ලෙච්චමීගේ සිත වෙනස්‌ කිරීමට උත්සාහ කළේය. නමුත් රාජාගේ කුලී රස්‌සාව හරහා ජීවිතයේ ප්‍රශ්න විසඳිය හැකිද? ලෙච්චමී ඉබ්බාගමුව නගරයේ රැකියා ඒජන්සියක්‌ සොයා ආවේ රට යැමේ තීරණය ක්‍රියාත්මක කිරීමටය. රැකියා ඒජන්සිකරුවන් යනු කවුරුන් හෝ රට යවා ලැබෙන මුදල් වලින් සංතෝෂ වන ජාතියකි. හොඳ වර්ගයේ ඒජන්සිකරුවන් වුවද මුදල් තණ්‌හාව නිසා කොයි රටකට හෝ කවුරු හරි යෑවීමට හිතන්නේ ඒ හරහා ඒ රටවල හාම්පුතාගෙන් මුදල් ලැබෙන නිසාය. ඇතැම් ඒජන්සිකරුවන් රට යන්නට එන අයගෙන්ද මුදල් අයකර ගන්නේ කිසිදු හිරිකිතයකින් තොරවය. ලෙච්චමීව දුටු ගමන් ඉබ්බාගමුව ඒජන්සිකරුද ඇයට රට යන්නට මඟ පාදා දෙන්නේ සතුටින්ය.

ලෙච්චමී කුවේටයට යන්නේ 2006 මැයි 18 වැනිදාය. ඒ ගෘහ සේවිකාවක ලෙසිනි. අපේ රටේ දුප්පත් කාන්තාව කුවේටයේදී මසකට උපයන්නේ රුපියල් විසිදහසකටත් අඩු වැටුපකි. ඒ හාම්පුතාගේ මුළු පවුලෙම සේවිකාව බවට පත්වන ඇයට, මාසික වැටුප් ගෙවීම නිසියාකාරයෙන් සිදු නොවුණේ ඔය අතරය.

"මට මගෙ පඩිය දෙන්න" ඇය හාම්පුතාට දන්න භාෂාවෙන් කියා සිටියාය.

"දෙනව උඹට පඩි" කුවේටයේ හාම්පුතා කී දේ ඇයට තේරුණේ රට යන්නට පෙර විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයෙන් කුවේටයේ භාෂාව ටිකක්‌ උගන්වා තිබූ නිසාය.

හාම්පුතාත්, ඔහුගේ පුතාත් ලෙච්චමීත් අතර බහින් බස්‌වීම් හට ගත්තේ වැටුප් ප්‍රශ්නයටය. ලෙච්චමීගේ දරු දෙදෙනා ඇයට සිහි වේ. අනේ මගේ පැටවුන්ට මම කොහෙන්ද සල්ලි යවන්නෙ. ඒ අයට කන්න, ඉස්‌කෝලෙ යන්න සල්ලි කොයින්ද? ආඬවනේ.... මොකද කරන්නේ... ඇය දස අතේ කල්පනා කළාය.

මගේ සල්ලි දීපල්ලා ඇය කෑ ගසා ඉල්ලුවේ බැරිම තැනය. ලැබුණු සල්ලියක්‌ නැත. ලැබුණේ ගුටි බැටය. ලෙච්චමී, ඉබ්බාගමුව නමැති කබලේ සිට කුවේටය නමැති ලිපට වැටුණේ එහෙමලුෘ ඇයට ආඬවනේ කියනවා හැරෙන්නට වෙන කියන්නට දෙයක්‌ නොවීය. ඉබ්බාගමුව රැකියා ඒජන්සියේ නියෝජිතයාට කතා කළ ඇය මේ අවනඩුව කීවේ පිළිසරණක්‌ ඉල්ලමිනි. ඒජන්සිය කළ දෙයක්‌ නැතැයි ඇය කියන්නීය.

වධහිංසා වැඩිවිය. කම්බි මෙන් දිගටි සිලින්ජර් ඇයගේ හම පසා කරගෙන සිරුරට ඇතුළු කළේ ඒ නිවසේ හාම්පුතාය. හාම්පුතාගේ පුතාත් ඇයට වධ දී ඇත.

දැනට ඇය කියන තොරතුරු එසේය. මේ සිද්ධියෙන් පසු ලෙච්චමී කොහොම හරි පසුගිය මැයි මස 18 වැනිදා ශ්‍රී ලංකාවට ආපසු පැමිණ ඇත. ඇඟට කටු ගැසූ සිද්ධිය ඉබ්බාගමුව ඒජන්සියට කී ඇය වැටුප් නොදුන් ප්‍රශ්නයද කීවාය.

උඹ ඔය දේ වෙන කාටවත් කියන්න එපා. කිව්වොත් මුළු පවුලම විනාශ කරනවා යෑයි ඒජන්සිකරු පැවසුවේ යෑයි ඇය දැන් කියන්නීය. මීට අදාළ පැමිණිල්ලක්‌ ඇය ගොකරැල්ල පොලිසියටද කර ඇත.

ඇයව කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කළේ ඊට පසුවය. වෛද්‍ය එස්‌. රාජමන්ත්‍රී ලෙච්චමීගේ කකුලේ තිබූ කම්බි දෙකක්‌ හා කම්බිවලට සමාන කටු නවයක්‌ම සැත්කමකින් එළියට ගත්තේ රට රස්‌සාවට මැදපෙරදිගට යන අපේ කතට වන ඇබැද්දිවලට නව අර්ථකථනයක්‌ සපයමිනි. දැන් අපිට ආරියවතී සිහි වේ. ඇයට ඇණ ගැසුවේ ද මේ පිටරට හාම්පුතුන්ය. ඊට පසුව මේ නොබෝදා මනම්පිටියේ චාන්දනී නම් වූ තවත් කතකට ඇණ වතුර සමග පෙවූ සිද්ධියක්‌ ජෝර්දානයෙන් වාර්තා වී ඇත. එවිට අපට රිසානාව අමතක කළ නොහැකිය. රිසානා දැන් මරණ දඬුවමට නියමව සිටින්නේ අඩු වයසින් රට ගොස්‌ හාම්පුතාගේ කිරිකැටි බිලිඳකු මැරීමේ චෝදනාවකටය.

ඇත්තටම රට රස්‌සාවලදී මැදපෙරදිග හාම්පුතුන් අපේ කාන්තාවට මෙවැනි හිරිහැර කරන්නේ මන්ද? එසේ නම් මේ මැදිපෙරදිගට ගෘහ සේවිකාවන් යෑවීම නතර කළ යුතුද?
 

ccivo123

Banned
Oct 19, 2010
81
5
0
මැදපෙරදිග ගෘහ සේවය පිළිබඳ ප්‍රශ්න රැසක්‌ තිබේ. නමුත් අපේ රටේ විදේශ විනිමය ඉපයීමේ අංශ අතින්, මේ කියන විදේශ රැකියා අංශය අංක එක බවට පත්ව ඇත. එනිසා කවුරු කොහොම කීවත් රට රස්‌සා ව්‍යාපාරය නතර කිරීමට රජය ක්‍රියා නොකරන බවද අපි දනිමු. එසේ නම් කුමක්‌ කරමුද?

රට රස්‌සා ව්‍යාපාරයකි. මේ ව්‍යාපාරය කරන්නේ රැකියා ඒජන්සිකරුවන්ය. කොහේ හරි රටක කරක්‌ ගසා නොමැති නම් ඒ ඒ රටවල "මෑන් පවර්" ආයතන සමග එක්‌ව රට රස්‌සා සොයන ව්‍යාපාරික පිරිස අපේ රටේ දුප්පත්කමින් විරැකියාවෙන්, ප්‍රශ්නවලින් මිරිකෙන කාන්තාවන් සොයා පිටරට පටවති.

මේ රට රස්‌සා ව්‍යාපාරය 1977 විවෘත ආර්ථිකයත් සමග මෙරට ඇති වූ ව්‍යාපාරයකි. 1980 දශකයේ දී කිසිදු වගවිභාගයකින් තොරව මේ විදේශ රැකියා ව්‍යාපාරය කරගෙන යද්දී ප්‍රශ්න පිට ප්‍රශ්න ඇති විණි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යංශය නමැති ආයතනය 1985 දී පිහිටුවන්නේ ඒ ප්‍රශ්න යම් පමණකින් විසඳීමට සිතාගෙනය. 1985 කාර්යංශය ස්‌ථාපිත කළ පණත එදාට ගැලපුණද අදට ගැලපෙන්නේ නැත. එනිසාම විදේශ රැකියා ඒජන්සිකරුවන් රිසිසේ මේ ව්‍යාපාරය හරහා කෝටිපතීන් බවට පත්වූහ. එය එක්‌තරා මාෆියාවක්‌ බවටද පත්කර ගත්හ. රිසානා වැනි බාලවයස්‌කාර දැරියක්‌ රට පටවා හෝ මුදල් ඉපැයීමට පිරිසක්‌ කටයුතු කරද්දී තවත් ඒජන්සිකරුවෝ රට යන තරුණියන්ගේ කන්‍යා පටලයද පරීක්‍ෂා කර බලන තැනට තල්ලු වී රටයන තරුණියන් දූෂණය කළ කාලයක්‌ ද තිබිණි. අදටත් මේවා සිදු නොවනවා යෑයි කාටවත් සහතික දිය හැකිද?

කොහොමින් කොහොම හරි මේ මැදපෙරදිග ගෘහසේවයේ තවමත් බරපතල ප්‍රශ්න තිබේ. පිටරට රස්‌සාවල ශ්‍රී ලාංකිකයන් ලක්‍ෂ දහසයක්‌ පමණ සේවය කරති. ඔවුන්ගෙන් කිහිප දෙනකු ඒ රටවලදී මෙලෙස ගුටි බැට වලට ලක්‌වා අනතුරුවලට ලක්‌ව, වධ බන්ධනවලට ලක්‌වන බවද කාර්යංශය පිළිගනියි. ඇතැම් විට පිටරට දී මියයන, සිරුරේ කොටස්‌ අහිමිව අංග විකල වන කාන්තාවන්ද සිටිති. විදේශ සේවා නියුක්‌ති කාර්යංශය කියන්නේ ලක්‍ෂ දහසයක්‌ අතරේ ප්‍රශ්න ඇතිකර ගන්නා සුළුතරයක්‌ සිටියද බහුතරය හොඳින් සිය රැකියා කර ආපසු මෙරටට එන බවය. ඒකෙත් යම් ඇත්තක්‌ ඇතැයි අපි පිළිගනිමු. නමුත් මැදපෙරදිගට යන කාන්තාවන්ට පොරොන්දු වන වැටුප නොලැබෙන්නේ නම්, ලිංගික හිංසන ඇති වන්නේ නම්, වධ බන්ධන වලට ලක්‌ වන්නේ නම් ඇති වැඩේ කුමක්‌ දැයි කියාය.

අනෙක්‌ අතට මෙහෙමත් ප්‍රශ්න තිබේ. රට යන ඇතැමුන් පිටරටක තබා මෙරටවත් ජීවත් වන්නට නොදන්න අයයි. පිටරට සුරපුරයක්‌ යෑයි සිතා රට යන ඇතැමුන් ඒ රටවල භාෂාව, සංස්‌කෘතිය, ගෘහ උපකරණ පරිහරණය පිළිබඳ හාන්කවිසියක්‌ දන්නේ නැත. ඒ අය ඒ රටවලදී වැඩේ අනාගන්නා බවට රැකියා ඒජන්සිකරුවෝ පවසති. එනිසා පිටරට යවන කාන්තාව එක්‌කෝ දැනුමෙන් සන්නද්ධ කළ යුතුය. ඒ අයට නිසි පුහුණුවක්‌ දිය යුතුය. දැනට කාර්යංශයේ මැදිහත්වීම මත එවැනි කෙටි පුහුණුවක්‌ දුන්නත් එය ප්‍රමාණවත් නොවීම නිසා මේ ගැටලු පැනනගිනවා වන්නට පුළුවන. එනිසා 1985 ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යංශය ස්‌ථාපිත කළ පනත වත්මන් සභාපති නීතිඥ කිංස්‌ලි රණවක මහතා විසින් අදට ගැලපෙන සේ වෙනස්‌ කර අලුත් නීති රීති සැකසුවා සේ මේ රට රස්‌සා වලදී වන ගැටලු වලටද කඩිනමින් විසඳුම් දිය යුතුය.

අනෙක්‌ වැදගත්ම කාරණය වන්නේ මැදපෙරදිග රටවල ස්‌ථාපිත කර ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලය. ඒ රටවල තානාපතිවරු සීත කාමරවලට වී සිට ඵලක්‌ නැත. මැදපෙරදිග රටවලට ගොස්‌ ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරීක්‍ෂා කර බලන්නේ නම් මේ මොහොතේත් විවිධ කරදරවලට, අකරතැබ්බිවලට ලක්‌ව අසරණ වූ විසි තිස්‌ ගණනක්‌ තානාපතිවරයා මුණගැසී ප්‍රශ්න කීමට පෝලිම් ගැසී සිටින අයුරු දකින්නට පුළුවනි. අපට වාර්තාවන පරිදි ඇතැම් තානාපතිවරු ඒ රටවල වෙනත් බිස්‌නස්‌ කරති. තානාපති නිලධාරීහු ඈනුම් අරිති. දුක්‌ ගැනවිලි එනවිට හැංගෙති. දුක අසනු වෙනුවට දුකට විසඳුම් දෙනු වෙනුවට බැන එළවා ගන්නා තානාපතිවරු හා තානාපති සේවකයෝද වෙති. එනිසා මේ රටවලට යවන තානාපතිවරු ඒ තානාපතිවරු කරන සේවය පිළිබඳ නිතර විමසිල්ලෙන් සිට පිස්‌සු කෙළින, වගකීම් ඉටු නොකරන තානාපතිවරු හා තානාපති කාර්යාල සේවකයෝ ආපසු මෙරටට ගෙන්වා ගන්නා ක්‍රමයක්‌ද රජය ආරම්භ කළ යුතුව තිබේ.

හොඳම විසඳුම නම් අපේ කාන්තාව මේ රට වල බැලමෙහෙවරට නොයෑවීමය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සිටින්නේ ඒ ස්‌ථාවරයේය.

නමුත් එය එකපාරටම කළ නොහැකි බව කාටත් තේරෙන දෙයකි. ලක්‍ෂ දහසයකගේ රැකියා ප්‍රශ්නයක්‌ මෙතැන තිබේ. එනිසා මුලින්ම මේ රටේ පිරිමියා කොන්ද තිබෙන නියම පිරිමියකු කළ යුතුව තිබේ. බිරිඳ ඇඟලුම් කම්හලට යවා ඒ මුදල්වලින් අඩි ගසන, කාලකණ්‌ණි සේ රස්‌තියාදු වන පිරිමින්ට ගැලපෙන රස්‌සා මෙරට සුලබ කළ යුතුය. කුඹුරු අස්‌වද්දා, නිෂ්පාදන ආර්ථිකයකට රට තල්ලු කළ යුතුය. එතෙක්‌ රට රස්‌සාවලට යන අපේ කුල කාන්තාවගේ රැකවරණය අවශ්‍ය වැඩපිළිවෙළ විදේශ කටයුතු ඇමැති ජී. එල්. පීරිස්‌ මහතා හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යංශයේ සභාපති නීතිsඥ කිංස්‌ලි රණවක මහතා ඇතුළු පිරිස විසින් ක්‍රියාවට නැංවිය යුතුය.

වර්තමානයේ කාර්යංශය කරගෙන යන වැඩපිළිවෙළට අපි පැසසුම් කරමු. හොර ඒජන්සිකරුවන් අල්ලා දඟගෙට යවන දෙසත්, රට රස්‌සා දෙන බව කියා මුදල් එකතු කරන හොර තක්‌කඩින් ටිකට වැට බදින දෙසත් අපි සතුටින් බලා සිටිමු. නමුත් තවමත් ප්‍රශ්න තිබේ. රට රස්‌සා ජාවාරම් තිබේ. පිටටරවල අපේ තානාපති කාර්යාලවල ප්‍රශ්න තිබේ. ඒජන්සිකරුවන් අතර හොරු ද සිටී. මේවා එකින් එක විස¹ රට යන අපේ කුල කාන්තාව නිරුපද්‍රිතව ඒ රටවල සේවය කර ආපසු මෙරටට ගෙන ඒමේ වගකීමද පාලකයන්ගේ වගකීම අතර තිබේ. එනිසා ආරියවතීට ඇණ ගැසීම, චාන්දනීට ඇණ පෙවීම, ලෙච්චමීට සිලින්ජර් කටු ගැසීම, මෙන්ම රිසානා මරා දැමීමට රට පැටවීම ඇතුළු වැරැදි ගැන අපි කතා කරමු. මේ දේවල් සිදු නොවිය යුතුය. එනිසා මේ ප්‍රශ්න සීරුමාරුවට විසඳිය යුතුය
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
මිනිස්සු අසරණ උනාම විඳින්න වෙන දේවල් ගැන නම් කියල වැඩක් නැහැ. මාර පව්. ඔය දේවල් අපට උනානම්. කායිකව වගේම මානසිකවත් කොච්චර විඳවනවා අතිද? මේවාට කව්රු හරි මැදිහත් වෙලා අවංකවම ක්‍රියාකරන දවසක් අපේ රටේ කවද උදා වෙයිද? ඒ දවස ඉක්මනට එන්න කියල ප්‍රාර්ථනා කරමු.
 

helo256

Member
Oct 7, 2010
2,093
71
0
Arab mother fuckers..... Brainless assholes... the whole world will be greatful if someone kill these Arab fuckers.. Arabs suck ass.. fuck u Arabs and all u middle east fuckers..

i hope an Arab find this post by googleing...