අහිංසකයන්ට ඇණ ගහන එවුන්ව හම ගහලත් මදි
නැති බැරිකම තරම් එපා කරවන දෙයක් ජීවිතයේ තව තිබේද? නැති බැරිකම හරියට යක්‍ෂයකු මෙනි. නැති බැරි වේලාවට අත මිට හිඟවීම පමණක් නොව දුක් කරදර, ලෙඩ රෝගද එන්නේ එක පිට එකය. නැති බැරි වූ විට නෑ හිත මිතුරන්ද ඈතට යන විට මේ මිනිස් ජීවිතයේ දුක තේරේ. ඉපදීම දුකකි. ලෙඩ රෝග වැළඳී අතමිටත් හිඟ වූ පසු මිනිසෙකුට දැනෙන හිතේ අමාරුවට තිබෙන එකම බේත මුදල් සෙවීමය. මුදල් සෙවීමට පිටරට යන්නට සිතන අයගෙන් බහුතරය ඒ යන්නේ අත මිට හිඟ නිසාය.
ඉබ්බාගමුව, තල්ගොඩපිටිය පදිංචිව සිටි වීරයියා ලෙච්චමි නම් වන දෙදරු මවද මේ මුදල් හිඟකමින් පෙළෙන්නට වූයේ විවාහයෙන් පසුවය. ලෙච්චමීගේ සැමියා කුලී කම්කරුවෙකි. ලෙච්චමීත් සැමියා වන රාජරත්නම් ජීවිතේ එක පිට එක එන ප්‍රශ්නවලින් හෙම්බත් වූයේ දරු දෙදෙනකුගේ මව් පියන් වූ පසුවය.
"රාජා මම රට යන්නද?" දිනක් ලෙච්චමී සැමියාගෙන් අසා සිටියේ මේ නැති බැරි කමට එරෙහිව අවි එසවීමට රට යැම හොඳම දේ යෑයි කල්පනා කිරීමෙන් පසුවය.
"ඔයාව රට යවලා කොහොමද" රාජා ලෙච්චමීගේ සිත වෙනස් කිරීමට උත්සාහ කළේය. නමුත් රාජාගේ කුලී රස්‌සාව හරහා ජීවිතයේ ප්‍රශ්න විසඳිය හැකිද? ලෙච්චමී ඉබ්බාගමුව නගරයේ රැකියා ඒජන්සියක් සොයා ආවේ රට යැමේ තීරණය ක්‍රියාත්මක කිරීමටය. රැකියා ඒජන්සිකරුවන් යනු කවුරුන් හෝ රට යවා ලැබෙන මුදල් වලින් සංතෝෂ වන ජාතියකි. හොඳ වර්ගයේ ඒජන්සිකරුවන් වුවද මුදල් තණ්‌හාව නිසා කොයි රටකට හෝ කවුරු හරි යෑවීමට හිතන්නේ ඒ හරහා ඒ රටවල හාම්පුතාගෙන් මුදල් ලැබෙන නිසාය. ඇතැම් ඒජන්සිකරුවන් රට යන්නට එන අයගෙන්ද මුදල් අයකර ගන්නේ කිසිදු හිරිකිතයකින් තොරවය. ලෙච්චමීව දුටු ගමන් ඉබ්බාගමුව ඒජන්සිකරුද ඇයට රට යන්නට මඟ පාදා දෙන්නේ සතුටින්ය.
ලෙච්චමී කුවේටයට යන්නේ 2006 මැයි 18 වැනිදාය. ඒ ගෘහ සේවිකාවක ලෙසිනි. අපේ රටේ දුප්පත් කාන්තාව කුවේටයේදී මසකට උපයන්නේ රුපියල් විසිදහසකටත් අඩු වැටුපකි. ඒ හාම්පුතාගේ මුළු පවුලෙම සේවිකාව බවට පත්වන ඇයට, මාසික වැටුප් ගෙවීම නිසියාකාරයෙන් සිදු නොවුණේ ඔය අතරය.
"මට මගෙ පඩිය දෙන්න" ඇය හාම්පුතාට දන්න භාෂාවෙන් කියා සිටියාය.
"දෙනව උඹට පඩි" කුවේටයේ හාම්පුතා කී දේ ඇයට තේරුණේ රට යන්නට පෙර විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයෙන් කුවේටයේ භාෂාව ටිකක් උගන්වා තිබූ නිසාය.
හාම්පුතාත්, ඔහුගේ පුතාත් ලෙච්චමීත් අතර බහින් බස්‌වීම් හට ගත්තේ වැටුප් ප්‍රශ්නයටය. ලෙච්චමීගේ දරු දෙදෙනා ඇයට සිහි වේ. අනේ මගේ පැටවුන්ට මම කොහෙන්ද සල්ලි යවන්නෙ. ඒ අයට කන්න, ඉස්‌කෝලෙ යන්න සල්ලි කොයින්ද? ආඬවනේ.... මොකද කරන්නේ... ඇය දස අතේ කල්පනා කළාය.
මගේ සල්ලි දීපල්ලා ඇය කෑ ගසා ඉල්ලුවේ බැරිම තැනය. ලැබුණු සල්ලියක් නැත. ලැබුණේ ගුටි බැටය. ලෙච්චමී, ඉබ්බාගමුව නමැති කබලේ සිට කුවේටය නමැති ලිපට වැටුණේ එහෙමලුෘ ඇයට ආඬවනේ කියනවා හැරෙන්නට වෙන කියන්නට දෙයක් නොවීය. ඉබ්බාගමුව රැකියා ඒජන්සියේ නියෝජිතයාට කතා කළ ඇය මේ අවනඩුව කීවේ පිළිසරණක් ඉල්ලමිනි. ඒජන්සිය කළ දෙයක් නැතැයි ඇය කියන්නීය.
වධහිංසා වැඩිවිය. කම්බි මෙන් දිගටි සිලින්ජර් ඇයගේ හම පසා කරගෙන සිරුරට ඇතුළු කළේ ඒ නිවසේ හාම්පුතාය. හාම්පුතාගේ පුතාත් ඇයට වධ දී ඇත.
දැනට ඇය කියන තොරතුරු එසේය. මේ සිද්ධියෙන් පසු ලෙච්චමී කොහොම හරි පසුගිය මැයි මස 18 වැනිදා ශ්‍රී ලංකාවට ආපසු පැමිණ ඇත. ඇඟට කටු ගැසූ සිද්ධිය ඉබ්බාගමුව ඒජන්සියට කී ඇය වැටුප් නොදුන් ප්‍රශ්නයද කීවාය.
උඹ ඔය දේ වෙන කාටවත් කියන්න එපා. කිව්වොත් මුළු පවුලම විනාශ කරනවා යෑයි ඒජන්සිකරු පැවසුවේ යෑයි ඇය දැන් කියන්නීය. මීට අදාළ පැමිණිල්ලක් ඇය ගොකරැල්ල පොලිසියටද කර ඇත.
ඇයව කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කළේ ඊට පසුවය. වෛද්‍ය එස්. රාජමන්ත්‍රී ලෙච්චමීගේ කකුලේ තිබූ කම්බි දෙකක් හා කම්බිවලට සමාන කටු නවයක්‌ම සැත්කමකින් එළියට ගත්තේ රට රස්‌සාවට මැදපෙරදිගට යන අපේ කතට වන ඇබැද්දිවලට නව අර්ථකථනයක් සපයමිනි. දැන් අපිට ආරියවතී සිහි වේ. ඇයට ඇණ ගැසුවේ ද මේ පිටරට හාම්පුතුන්ය. ඊට පසුව මේ නොබෝදා මනම්පිටියේ චාන්දනී නම් වූ තවත් කතකට ඇණ වතුර සමග පෙවූ සිද්ධියක් ජෝර්දානයෙන් වාර්තා වී ඇත. එවිට අපට රිසානාව අමතක කළ නොහැකිය. රිසානා දැන් මරණ දඬුවමට නියමව සිටින්නේ අඩු වයසින් රට ගොස් හාම්පුතාගේ කිරිකැටි බිලිඳකු මැරීමේ චෝදනාවකටය.
ඇත්තටම රට රස්‌සාවලදී මැදපෙරදිග හාම්පුතුන් අපේ කාන්තාවට මෙවැනි හිරිහැර කරන්නේ මන්ද? එසේ නම් මේ මැදිපෙරදිගට ගෘහ සේවිකාවන් යෑවීම නතර කළ යුතුද?