මාරම ලස්සනයි නේද මචන්ලා
දුක්බර ලෝකයක්
සුන්දරව පිපී නටන මල්
වැටෙන්නට නියමිත
හරියට අපි වගේ ම
----------------------
මගේ අපූරු ප්ලම් තුරු යුගළ
බලන්න මල් පිපෙන හැටි
දැන් එකක
අනෙක පසුවට
----------------------
අහා! යහපත් ලොව
පිනි බිඳු වැටෙයි
එක එක
දෙක දෙක
----------------------
නිසොල්මන් සැඳෑකල
ෂ්! ෂ්! ෂ්!
අසන්න දුරින් එන
තුරුණු ගෙඹි ගීතය
----------------------
සරුංගලය පාවෙයි
අහසෙහි
ඊයේ එය සැරි සැරූ තැනම
----------------------
අපේ අවසන් සමු ගැන්ම
බෝට්ටුව සහ වෙරළ අතරින්
නැමී හිඳියි
වැළපෙන විලෝ ගස
----------------------
වලාකුළු වරින් වර පැමිණ
විවේක දෙයි
සඳ දෙස බලා සිටින
මිනිසුන්ට
----------------------
මෙහෙමත් නිහැඬියාවක්
ගී ගයන රැහැයියන් පවා
උණුසුම් ගල්කුළුවලින්
වෙළාගෙන
----------------------
අනේ! තාත්තා සිටියා නම්
සිරි නරඹන්නට මා සමඟ
නිල් ගොයමට උඩින්
උදාවෙන හිමිදිරිය
----------------------
කිසිදු හඬක් නැත -සෙලවීමක් නැත
වැතිරෙයි අඳුර
කුඹුරු සහ වීදි මත
සොවට කරුණකි
සඳ නැගී ඇත.
----------------------
මහාධිරාජයා!!
හිස් වැස්ම නූස්සයි
කිසිවිටෙක
තමන් වෙනුවෙන්
දරදඬු පඹරාළ
----------------------
දිගම දිග
ගිම්හාන දවසක
වැල්ලේ රටා මවයි
අපේ අලස පිය සටහන්
----------------------
සුළං රහිත නිහඬ දිනයක,
බලන්න
බරැති තුරුපත
සිය කැමැත්තෙන් ම
බිම වැටෙයි.
----------------------
ගිනිකෙළි නිමා විය
නරඹන්නන් නික්ම ගොසිනි.
දැන්,
අපරිමාණ අඳුර යි.
----------------------
සරල දිවියක්...
අවපැහැ වී
බිම වැටෙන
චෙරි මල වැනි
----------------------
එළඹෙයි වසත් කල
පැරණි මෝඩකම් අලුත්වෙන
අලුතින් වැරදි කරනට
නැවුම් මං
සොයා ගැනෙන
----------------------
පිනි බිඳ
ඉඩදෙන්න මට
සෝදාහරිනට
ඔබේ සුමුදු දියෙන්
ජීවිතයේ අඳුරු දෑත්
----------------------
මැකී යා යුතුද වසන්තය?
කුරුල්ලනි හඬන්න
මාළුවෝ, වගුරන්න කඳුළු
මලානික සීතල ඇස්වලින්
----------------------
තරු පිරි විල් කැටපත
මෙන්න වසන්ත වැස්සක්!
දිය මත සිඟිති සුළි නගන
----------------------
තණකොළපෙත්තෝ
බලාගෙනයි පාගන්නෙ
බිඳෙයි කෑලිවලට
දිළිසෙන පිනි මුතු
----------------------
උපටා ගැනීමකි
දුක්බර ලෝකයක්
සුන්දරව පිපී නටන මල්
වැටෙන්නට නියමිත
හරියට අපි වගේ ම
----------------------
මගේ අපූරු ප්ලම් තුරු යුගළ
බලන්න මල් පිපෙන හැටි
දැන් එකක
අනෙක පසුවට
----------------------
අහා! යහපත් ලොව
පිනි බිඳු වැටෙයි
එක එක
දෙක දෙක
----------------------
නිසොල්මන් සැඳෑකල
ෂ්! ෂ්! ෂ්!
අසන්න දුරින් එන
තුරුණු ගෙඹි ගීතය
----------------------
සරුංගලය පාවෙයි
අහසෙහි
ඊයේ එය සැරි සැරූ තැනම
----------------------
අපේ අවසන් සමු ගැන්ම
බෝට්ටුව සහ වෙරළ අතරින්
නැමී හිඳියි
වැළපෙන විලෝ ගස
----------------------
වලාකුළු වරින් වර පැමිණ
විවේක දෙයි
සඳ දෙස බලා සිටින
මිනිසුන්ට
----------------------
මෙහෙමත් නිහැඬියාවක්
ගී ගයන රැහැයියන් පවා
උණුසුම් ගල්කුළුවලින්
වෙළාගෙන
----------------------
අනේ! තාත්තා සිටියා නම්
සිරි නරඹන්නට මා සමඟ
නිල් ගොයමට උඩින්
උදාවෙන හිමිදිරිය
----------------------
කිසිදු හඬක් නැත -සෙලවීමක් නැත
වැතිරෙයි අඳුර
කුඹුරු සහ වීදි මත
සොවට කරුණකි
සඳ නැගී ඇත.
----------------------
මහාධිරාජයා!!
හිස් වැස්ම නූස්සයි
කිසිවිටෙක
තමන් වෙනුවෙන්
දරදඬු පඹරාළ
----------------------
දිගම දිග
ගිම්හාන දවසක
වැල්ලේ රටා මවයි
අපේ අලස පිය සටහන්
----------------------
සුළං රහිත නිහඬ දිනයක,
බලන්න
බරැති තුරුපත
සිය කැමැත්තෙන් ම
බිම වැටෙයි.
----------------------
ගිනිකෙළි නිමා විය
නරඹන්නන් නික්ම ගොසිනි.
දැන්,
අපරිමාණ අඳුර යි.
----------------------
සරල දිවියක්...
අවපැහැ වී
බිම වැටෙන
චෙරි මල වැනි
----------------------
එළඹෙයි වසත් කල
පැරණි මෝඩකම් අලුත්වෙන
අලුතින් වැරදි කරනට
නැවුම් මං
සොයා ගැනෙන
----------------------
පිනි බිඳ
ඉඩදෙන්න මට
සෝදාහරිනට
ඔබේ සුමුදු දියෙන්
ජීවිතයේ අඳුරු දෑත්
----------------------
මැකී යා යුතුද වසන්තය?
කුරුල්ලනි හඬන්න
මාළුවෝ, වගුරන්න කඳුළු
මලානික සීතල ඇස්වලින්
----------------------
තරු පිරි විල් කැටපත
මෙන්න වසන්ත වැස්සක්!
දිය මත සිඟිති සුළි නගන
----------------------
තණකොළපෙත්තෝ
බලාගෙනයි පාගන්නෙ
බිඳෙයි කෑලිවලට
දිළිසෙන පිනි මුතු
----------------------
උපටා ගැනීමකි