මහින්ද රාජපක්ෂ ස්වාධීන අධිකරණයට තර්ජනය කරයි..! හොරුන්ගේ හයිඩ්පාක් රැලියේ සැබෑ හේතු හෙලිවේ
තම පවුල ගැන කාටූන් ඇන්දා කියා ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කළ, තමා ඇමරිකාවේ පිලිකා රෝහලකින් ප්‍රතිකාර ගත්තා කියා වාර්තා කිරීම නිසා ලංකා ඊ නිව්ස් ආයතනය ගිනි තැබූ, පමණක් නොව සදාකල් බලයේ සිටීමට සපුමල් කුමරුගේ කඩුව සොරකම් කිරීමට ගොස් කෝට්ටේ රජමහා විහාරයේ නා හිමිවරුන් දෙදෙනෙකු ඝාතනය කළ, ඒ මිනීමරුවා හසුවූ පසු නඩුවේදී රහස හෙලිවේවි යැයි සිතා හිරගෙදරට හමුදාව යවා නම කියා අඬ ගසා සැකකරුවා කැඳවා වෙඩි තබා ඝාතනය කළ මහින්ද රාජපක්ෂ නමැති ලංකා ඉතිහාසයේ පහල වූ අංක එකේ මිනීමරු පාලකයා පෙරේදා හයිඩ් පිටියට තම හෙංචයියන් බස් වලින් ඇද රැස් කරවා සෙනග පෙන්වා සිදුකෙළේ තමන්ට සහ පවුලට එරෙහිව සිදුකරමින් පවතින පොලිස් සහ අධිකරණ ක්‍රියාමාර්ග වලට තර්ජනය කරමින් එකී විනිසුරුවරුන් සහ පොලිස් නිලධාරීන් බිය ගන්වන්නැයි ලැබුණු උපදේශයන් අනුව කටයුතු කිරීමක් බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.
කරන ලද අපරාධ හේතුවෙන් මේ වන විට සොහොයුරන්, දරුවන් පමණක් නොව බිරිඳ පවා හිරේ විලංගුවේ වැටීම වළක්වා ගත හැකි ක්‍රමයක් නැති බවත් කළ හැකි එකම දේ සෙනග පෙන්වා විනිසුරුවරුන් සහ පොලිස් නිලධාරීන් බිය ගැන්වීම පමණක් බවත් ඔහුට උපදෙස් දී ඇත්තේ රොමේෂ් ප්‍රනාන්දු නීතිඥවරයාගේ නිවසේ දී ය.
පසුගිය දින කිහිපයක් මුළුල්ලේම රාත්‍රී 2 පමණ වනතුරු රොමේෂ් ප්‍රනාන්දු නීතිඥයාගේ නිවසේ දී මෙකී රහස් සාකච්ඡා පැවැති බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වී ඇත. මෙම රහස් සාකච්ඡා සඳහා මහින්ද රාජපක්ෂ, ජී.ඇල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ ආදීහු සහභාගී වී තිබේ.
මෙම තොරතුර සනාථ කරමින් මහින්ද රාජපක්ෂ කැම්බල් පිටියේදී උස් හඬින් අධිකරණයට තර්ජනය කරමින් “මිනිසුන් හිරගෙවල් වල දාලා ඔවුන්ගේ පවුල් වලට දුක් දෙන්න එපා කියලා මං නායකයන්ටත් කියනවා අධිකරණයටත් කියනවා කියලා මං බොහොම පැහැදිලිව කියනවා “ යි කීවේය. මෙය ඔහුට බලය නොමැති අවස්ථාවකදී පවා ස්වාධීන අධිකරණයකට පැහැදිලිවම කරන ලද තර්ජනයකි.
‘තමා දේශපාලනයෙන් එළවන්න හිතනවා නම් එය මිරිඟුවක්‘ යයි කියා සිටි මහින්ද රාජපක්ෂට අමතක වී ඇත්තේ ඔහුව මේ රටේ ජනතාව දෙවතාවක්ම එළවා දමා ඇති බවයි. ජනවාරි 8 දා ජනාධිපති ධූරයෙන් එළවා දැමූ මහින්ද අගමැති වීමට කරන ලද උත්සාහයද අගෝස්තු 17 දා පරාජය කරමින් එළවා දැමුවේය. ලැජ්ජාවක් නැතිව ‘මට දුන්නොත් මං කරලා පෙන්වනවා‘ යැයි පැවසූ මහින්ද වසර 9 ක් කරලා පෙන්වපු දේවල් නිසා ජනතාව දෙවතාවක්ම එළවා දැමූ බව ඔහුට නොතේරෙනවා නොවේ. එදා සම්පූර්ණ ශ්‍රිලනිපය සමග ජයැනීමට නොහැකිව අද ශ්‍රීලනිපයෙන් කාලක් පමණක් රැගෙන කිසි සේත්ම ජයග්‍රහණයක් කළ නොහැකි ඔහු මේ කරන්නේ ආණ්ඩු පෙරලීමක් ගැන සිතා නොව හිර ගෙදර යෑමෙන් බේරීමට අධිකරණයේ විනිසුරු වරුන්ගේ සහ පොලිසියේ නිලධාරීන්ගේ මානසිකත්වය බිඳ දැමීමේ තර්ජනයක් බව දේශපාලනය ගැන දන්නෝ දනිති.