හයිඞ් පිටියෙන් වෙඩි හඬ, බෝම්බ හඬ..lankacnews

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    10296195_10204681321273432_3480744993952268262_o.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,650
    28,677
    113
    මහින්ද රාජපක්ෂ ස්වාධීන අධිකරණයට තර්ජනය කරයි..! හොරුන්ගේ හයිඩ්පාක් රැලියේ සැබෑ හේතු හෙලිවේ

    තම පවුල ගැන කාටූන් ඇන්දා කියා ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කළ, තමා ඇමරිකාවේ පිලිකා රෝහලකින් ප්‍රතිකාර ගත්තා කියා වාර්තා කිරීම නිසා ලංකා ඊ නිව්ස් ආයතනය ගිනි තැබූ, පමණක් නොව සදාකල් බලයේ සිටීමට සපුමල් කුමරුගේ කඩුව සොරකම් කිරීමට ගොස් කෝට්ටේ රජමහා විහාරයේ නා හිමිවරුන් දෙදෙනෙකු ඝාතනය කළ, ඒ මිනීමරුවා හසුවූ පසු නඩුවේදී රහස හෙලිවේවි යැයි සිතා හිරගෙදරට හමුදාව යවා නම කියා අඬ ගසා සැකකරුවා කැඳවා වෙඩි තබා ඝාතනය කළ මහින්ද රාජපක්ෂ නමැති ලංකා ඉතිහාසයේ පහල වූ අංක එකේ මිනීමරු පාලකයා පෙරේදා හයිඩ් පිටියට තම හෙංචයියන් බස් වලින් ඇද රැස් කරවා සෙනග පෙන්වා සිදුකෙළේ තමන්ට සහ පවුලට එරෙහිව සිදුකරමින් පවතින පොලිස් සහ අධිකරණ ක්‍රියාමාර්ග වලට තර්ජනය කරමින් එකී විනිසුරුවරුන් සහ පොලිස් නිලධාරීන් බිය ගන්වන්නැයි ලැබුණු උපදේශයන් අනුව කටයුතු කිරීමක් බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

    කරන ලද අපරාධ හේතුවෙන් මේ වන විට සොහොයුරන්, දරුවන් පමණක් නොව බිරිඳ පවා හිරේ විලංගුවේ වැටීම වළක්වා ගත හැකි ක්‍රමයක් නැති බවත් කළ හැකි එකම දේ සෙනග පෙන්වා විනිසුරුවරුන් සහ පොලිස් නිලධාරීන් බිය ගැන්වීම පමණක් බවත් ඔහුට උපදෙස් දී ඇත්තේ රොමේෂ් ප්‍රනාන්දු නීතිඥවරයාගේ නිවසේ දී ය.

    පසුගිය දින කිහිපයක් මුළුල්ලේම රාත්‍රී 2 පමණ වනතුරු රොමේෂ් ප්‍රනාන්දු නීතිඥයාගේ නිවසේ දී මෙකී රහස් සාකච්ඡා පැවැති බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වී ඇත. මෙම රහස් සාකච්ඡා සඳහා මහින්ද රාජපක්ෂ, ජී.ඇල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ ආදීහු සහභාගී වී තිබේ.

    මෙම තොරතුර සනාථ කරමින් මහින්ද රාජපක්ෂ කැම්බල් පිටියේදී උස් හඬින් අධිකරණයට තර්ජනය කරමින් “මිනිසුන් හිරගෙවල් වල දාලා ඔවුන්ගේ පවුල් වලට දුක් දෙන්න එපා කියලා මං නායකයන්ටත් කියනවා අධිකරණයටත් කියනවා කියලා මං බොහොම පැහැදිලිව කියනවා “ යි කීවේය. මෙය ඔහුට බලය නොමැති අවස්ථාවකදී පවා ස්වාධීන අධිකරණයකට පැහැදිලිවම කරන ලද තර්ජනයකි.

    ‘තමා දේශපාලනයෙන් එළවන්න හිතනවා නම් එය මිරිඟුවක්‘ යයි කියා සිටි මහින්ද රාජපක්ෂට අමතක වී ඇත්තේ ඔහුව මේ රටේ ජනතාව දෙවතාවක්ම එළවා දමා ඇති බවයි. ජනවාරි 8 දා ජනාධිපති ධූරයෙන් එළවා දැමූ මහින්ද අගමැති වීමට කරන ලද උත්සාහයද අගෝස්තු 17 දා පරාජය කරමින් එළවා දැමුවේය. ලැජ්ජාවක් නැතිව ‘මට දුන්නොත් මං කරලා පෙන්වනවා‘ යැයි පැවසූ මහින්ද වසර 9 ක් කරලා පෙන්වපු දේවල් නිසා ජනතාව දෙවතාවක්ම එළවා දැමූ බව ඔහුට නොතේරෙනවා නොවේ. එදා සම්පූර්ණ ශ්‍රිලනිපය සමග ජයැනීමට නොහැකිව අද ශ්‍රීලනිපයෙන් කාලක් පමණක් රැගෙන කිසි සේත්ම ජයග්‍රහණයක් කළ නොහැකි ඔහු මේ කරන්නේ ආණ්ඩු පෙරලීමක් ගැන සිතා නොව හිර ගෙදර යෑමෙන් බේරීමට අධිකරණයේ විනිසුරු වරුන්ගේ සහ පොලිසියේ නිලධාරීන්ගේ මානසිකත්වය බිඳ දැමීමේ තර්ජනයක් බව දේශපාලනය ගැන දන්නෝ දනිති.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    මහින්ද වසර 9 ක් කරලා පෙන්වපු දේවල් නිසා ජනතාව දෙවතාවක්ම එළවා දැමූ බව ඔහුට නොතේරෙනවා නොවේ.

    රනිල් කැබිනට් ඇමති, අගමැති වෙලා හිටපු කාලවල කරපු දේවල් බලල වෙන්න ඇති අගමැති කරේ :lol::lol::lol::lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,650
    28,677
    113
    මට කකුල් මාට්‌ටු දාන යුගයක වේදිකාවේ වැටීම පොඩි දෙයක්‌
    - උදය ගම්මන්පිල


    නෝමන් පලිහවඩන - ශිරාන් රණසිංහ

    "මට කකුල් මාට්‌ටු දාන යුගයක පය පැටලී වේදිකාවේ කාපට්‌ මත වැටීම ලොකු දෙයක්‌ නොවේ" යෑයි පෙරේදා (17 වැනිදා) "හයිඩ් පිටියේ" "ජනබලය" වේදිකාව මත ඇද වැටුණු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා "දිවයින"ට පැවැසීය.

    මම පය පැකිලී ඇද වැටුණේ ගල් බොරුළු මත නොව වේදිකාවේ එළා තිබූ කාපට්‌ එක මත යෑයි ද ගම්මන්පිල මහතා කියා සිටියේය.

    මා ජනතාව ඇමැතීමට වේදිකාවට නඟින මොහොතේ රැස්‌ව සිටි අති විශාල ජනතාව ඔල්වරසන් දෙමින් මා දිරිමත් කළා. ඒ ආදරණීය ජනතාවට ආචාර කිරීමට යැමේදී මෙලෙස පය පැටලී ඇද වැටුණා යෑයිද ගම්මන්පිල මහතා තවදුරටත් පැවැසීය.

    මගේ කකුල්වලින් අදින යුගයක මෙලෙස ජනතාව ඉදිරිපිට පය පැටලී ඇද වැටීම ලොකු දෙයක්‌ නොවේ යෑයිද ඒ මහතා සඳහන් කළේය.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,650
    28,677
    113
    රාජපක්ෂලාගේ ප්‍රචාර බොරු: රැලියට ආවේ 11000 යි: රාජ්‍ය බුද්ධි සේවා වාර්තා හෙලිකරයි

    මැදමූලන රාජපක්ෂලා සහ හොරු කණ්ඩායම විසින් පසුගියදා හයිඩ්පිටියේදී පැවැති රැස්වීමට සහභාගී වූ ජන සංඛ්‍යාව 11000 ක් පමණ වෙතැයි රාජ්‍ය බුද්ධි සේවය විසින් වගකිව යුත්තන් වෙත වාර්තා කර තිබේ. ඊට දින දෙකකට පෙර එජාපය විසින් පැවැති රැලියට ඊට වඩා වැඩි පිරිසක් සහභාගී වී ඇති බවත් එය 18000 ක් පමණ වෙතැයි ද රාජ්‍ය බුද්ධි සේවය විසින් වාර්තා කර ඇත.

    කණ්ඩායම් දෙකෙහි රැස්වීම් සඳහා පැමිණි පිරිස් රැඳී සිටි ආකාරය සිතියම් ගත කර ඇති රාජ්‍ය බුද්ධි සේවය එම සිතියම් අනුවද රාජපක්ෂලා වෙනුවෙන් පැමිණි පිරිස කුඩා බවත් ඔවුන්ගේ ප්‍රචාරයන් ව්‍යාජ බවත් දන්වා ඇත.

    මෙහි දැක්වෙන්නේ රාජ්‍ය බුද්ධි සේවය පෙන්වා තිබූ සිතියමයි.


    Two_Rellies_Compair_Int_Report.jpg


    - http://www.lankaenews.com/news/3713/si