"හයිටිය" යනු කැරිබියන් කලාපයේ තිබූ සශ්‍රීක ස්වාධීන රටකි. ස්වභාව සෞන්දර්යයෙන් අනූන වූ එම රට, දශක ගණනාවකට පෙර සහලින් ස්වයංපෝෂිත විය.
එවකට සීනි නිෂ්පාදනයෙන් ද අගතැන් ගත් එම රට හැඳින්වූයේ කලාපයේ "සීනි අගනුවර" ලෙස ය.
එපමණක් නොවේ. හයිටි දේශය තුළ රත්රන්,ඉල්මනයිට් ඇතුළු වටිනා ඛනිජ සම්පත් ද නොඅඩුව තිබුනේ ය.
හයිටි දේශයට කණකොකා හැඬීමට පටන්ගත්තේ, එහි තිබූ ගුවන් යානා නිෂ්පාදනයට අවශ්‍ය ඛනිජ ද්‍රව්‍යයක් ඇමෙරිකාවට ලබා නොදීමට එරට ආණ්ඩුව තීරණය කිරීමත් සමඟ ය.
එම තීරණයෙන් දින ගණනාවකට පසු එරට ආණ්ඩුව වෙනස් විය. එම වෙනස්වීමත් සමඟ අලුත් ආණ්ඩුව හරහා ඇමෙරිකානු ණය ආධාර හයිටියට ගලා ආවේ ය.
තිරිඟු පිටි ආශ්රිත කෑම වර්ග රට තුළ බහුල වූ අතර, ඇමෙරිකාවේ සීනි ද අඩු මුදලට හයිටිය තුළ ව්‍යාප්ත විය.
ජනතාවට බියර් නොමිලේ නිකුත් කළ අතර,පාසැල් යාම අනිවාර් යයක් නොවී ය.
රට තුළ නිෂ්පාදනය කළ වෙනත් නිෂ්පාදන වෙනුවට, අඩු මිලට අලෙවිවන භාණ්ඩ වෙළෙඳපොළේ බහුල විය.
හයිටි ජනතාව සිතුවේ,තම රටට ස්වර්ගය උදා වූ බව ය.
එහෙත් උදාවූයේ ස්වර්ණ යුගයක් නොවේ. අද වන විට හයිටියේ ජනතාවගෙන් මිලියන 1.9ක් ආහාර හිඟයෙන් පෙළෙයි.
ජනගහණයෙන් 60% ගේ දෛනික ආදායම දවසකට ඩොලර් එකකට වඩා අඩු ය.
පාසැල් යන්නේ පාසැල් යායුතු වයසේ දරුවන්ගෙන් 50%කි. එයින් පස්වෙනි පන්තිය ඉක්මවා අධ්‍යාපනය ලබන්නේ 30% කි. පොදුවේ ගත් කළ රටේ සාක්ෂරතාව 40% කි.
ජනතාවගෙන් බහුතරයක් මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී හමාර ය.
ජනතාවගෙන් 80% ට යහපත් නිවාස සහ සනීපාරක්ෂක පහසුකම් නැති අතර, පාචනය වැනි රෝග බහුලව ව්‍යප්තව ඇත. පිරිසිදු ජලය ලැබෙන්නේ ජනතාවගෙන් 50% පමණි.
රට තුළ ක්‍රියාත්මකවන බහුජාතික සමාගම් රත්තරන් ඇතුළු ඛනිජ ද්‍රව්‍ය සොයමින්, ස්වාභාවික කැලෑ සහ කඳුවැටි විනාශ කරති. හයිටියේ සුප්‍රසිද්ධ "මෝනෙ රොස්සා" කඳුවැටිය එසේ විනාශ කරන ලද කඳුවැටියකි.
රටේ සම්පත් කොල්ලකන බහුජාතික සමාගම්වලට ආරක්ෂාව ලබාදෙන්නේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවයි.
හයිටියේ ජනතාව ආහාර ලබාගැනීමට පෝලිම්වල සිටින අතර, රටේ ඛනිජ සම්පත් පටවාගත් කන්ටේනර් පෝලිමට රටින් පිටවෙයි.
හයිටියේ ජනතාවට තමා පත් වී ඇති තත්ත්වය ගැන නිසි අවබෝධයක් මෙන් ම, එයින් ගැලවීම සඳහා වැඩපිළිවෙළක් ද නැත.
-උපුටාගැනිමකි-