විශ්වාසයක් වෙන්න පුලුවන් කෙනෙක්ට ඒත් ඕක තාර්කානුකූලව බැලුවත් කරන්න බෑනෙ.ඇයි ඊලග බුද්ධ පහළවෙන කාලය කියල තියනව .
එහෙම වෙන්න හැකියාවක් නෑ කියලා කියල තියනව. දැන් මේක කාගේ විශ්වාසයක් ද ?
අන්‍ය උපකාරයක් නැතිව තමන් විසින්ම දුක කෙලවර කිරීම අවබෝධ කරලා අන් අයටත් එය පැහැදිලිව කියා දීල ශාසනයක් පනවන්න හැකි උතුමා.
ඕක කරන්න පුලුවන්ද දැන් කෙනෙක්ට. දුක කෙලවර කිරීම ගැන බුදුහාමුදුරුවන් පැහැදිලිව කියල දීල තියෙනවනෙ එතකොට ඒ ස්ටේට් එකට එන්න නන් තමන් විසින් තනියම අවබෝධ කරගන්න එපායනෙ. උබට අකුරක් හරි ඔය ගැන ඇහිල තියෙනව නන් කොහොමද තනියම අවබෝධ කරගත්ත කියන්නෙ.
සිද්ධාර්ත කුමාරය ඕක හොයාගත්ත විදිය අරගෙන බලන්නකො. තනියම ට්‍රයි කරේ නෑනෙ මුලින් එහෙම එකක් තියෙනව කියන හැම තැනකටම ගියා. හම්බ උනේම නැති තැන තමා තනියම උත්සාහ කරන්නෙ.
ඉතින් ඕකමනෙ අදත් කෙනෙක්ට දෙයක් හොයන්න ඕනි උනාම කරන්නෙ ඒ වගේ කරල තියෙන ඒව මුලින් හොයල බලනවනෙ. සයන්ස් වල නන් literature review. එතකොට බුද්ධාගමේ තියෙන විදිය නන් හරි විදිය ඒක අනුව කරාම එයා අවබෝධ කරගන්නවනෙ මේක තමා ක්‍රමය කියල. එතකොට කොහොමද අන්‍ය උපකාරයක් නැතුව කියන කන්ඩිශන් එක සක්සස් වෙන්නෙ. ඔය කන්ඩිශන් ඔක්කොම සක්සස් වෙන්න නන් අනිවාර්‍යෙන්ම ඒක ගැන දන්නෙම නැති කාලයක් වෙන්නම එපායනෙ.
ඔතන විශ්වාසයක් ඇති ඔය ලොජික් එක තේරෙන්නෙ නැති අයට තේරෙන අයට නන් ඕක විශ්වාසයක් වෙන්න විදියක් නෑ.