හයිඩ්‍රිජන් බන්ධන සහ දැනුම

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,385
    100,277
    113
    උදේම දැක්ක ඉන්ටරෙස්ටින් දෙයක්.

    අද ග්‍රේට් බොස්ටන් තියෝකෙම් ලෙක්චර් එකට ආවෙ මාටින් හෙඩ් ගෝඩන්. මිනිහ පැහැදිළිව විස්තර කළා තාම වතුරේ හයිඩ්‍රිජන් බන්ධන ගැන වත් හරි එකඟතාවයක් නැහැ කියල කැල්කියුලේශන් වල. එක්ස්පෙරිමන්ටල් ඔබ්සර්වේශන් තියෙනවා, වැඩේ වෙන්නෙ කොහොමද කියල දන්නෙ නෑ.

    https://www. facebook.com/emasangabandara

    https://www.facebook.com/ emasangabandara/posts/pfbid032omvYekR8XxZD1SRMvR5GEsTxmFHmxwcaM8BB5zQaVwHqCP73xDtUkxtPRFsnagfl

    IO3UT0l.png

    https://www.facebook.com/ThamaluMaliththa

    රසායන විද්‍යාවෙ ගොඩක් ඒවා එහෙමනේ.
    එකක් පැහැදිලි කරන තියරියකින් තව එකක් පැහැදිලි කරන්න ගියාම හිර වෙනවා.
    රසායන විද්‍යාව තරම් සංගත නැති විද්‍යාවක් මං දැකලා නෑ. එක එක වෙලාවට එක එක කතන්දර.

    මේ ටික ඉතින් ලන්කාවෙ බහුතරයකට සෙට් වෙන්නෙම නැති නිසා ගොඩක් අය එතකොට හිර වෙලා ඉන්නෙ AL ඉගැන්වීම් 100% හරි කියලනෙ.

    අන්තිමට වෙලා තියෙන්නෙ ප්‍රැක්ටිකල් වෙන දේට ලගින් යන වඩාත්ම තමන්ගෙ විශ්වාස වලට අනුව සත්‍යයට ආසන්න විශ්වාසයක් තමා එක එක අය මේන්ටේන් කරන එක .එතකොට දැනුම එන හයිරාකි එක බලද්දි ඒ ඒ විශය කොටස් වල ප්‍රවීණයෙක් විශ්වාස කරන දෙයක් පහල ස්තර වල අය අදහන එක තමා වෙන්නෙ.

    මේක මැශින් ලර්නින් වගේ සබ්ජෙක්ට් එකක මොඩල් එකක් හදනකොට නන් පැහැදිලිවම පේනව. අපි සමහර වෙලාවට local minimum,maximum වල හිර වෙන්නෙ ඒක හරිම එක නිසා නෙවෙයි එතනින් එහාට අපි හදන මොඩල් එකට ගවේෂණය කරන්න හැකියාව නැති උනාම. සමහර වෙලාවට අපි ඇත්තටම හරි එක තියෙන පැත්තෙන් ගොඩක් එහාට එහාට යනව ලැබෙන දත්ත සත්‍යට ආසන්නයි කියල මොඩල් එක නිගමනය කරාම. අන්තිමට සම්පූර්ණ ට්‍රේනින් එකම මුල ඉදලම පටන් ගන්න වෙන්නම.
    ඕක ඉතින් ඕනිම විශයකට වෙන්න පුලුවන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,451
    166,848
    113
    එකමත් එක රටක
    ඒ උනාට ඕව ප්‍රායෝගිකව ප්‍රයෝජනවත් විදියට වැඩක්ගන්න පුලුවන් දැනුම..
    විශ්වාස ගොඩට ඕක දැම්ම කියල කිසි පදනමක් නැති හුදු විහ්වාසවලට වටිනාකමක් එන්නේ නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,277
    113
    ඒ උනාට ඕව ප්‍රායෝගිකව ප්‍රයෝජනවත් විදියට වැඩක්ගන්න පුලුවන් දැනුම..
    විශ්වාස ගොඩට ඕක දැම්ම කියල කිසි පදනමක් නැති හුදු විහ්වාසවලට වටිනාකමක් එන්නේ නෑ
    මොනවද එහෙම වෙන් කරන කිසිම පදනමක් නැති හුදු විශ්වාස
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,451
    166,848
    113
    එකමත් එක රටක
    මොනවද එහෙම වෙන් කරන කිසිම පදනමක් නැති හුදු විශ්වාස
    දෙයියෝ ලෝකෙ මැව්වා
    වගේ හැම ආගමේම තියෙන්නේ බන්.. වර්තමානයේ ප්‍රායෝගික උදාහරන නැති අතිතේ විතරක් උන දේවල්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,277
    113
    දෙයියෝ ලෝකෙ මැව්වා
    වගේ හැම ආගමේම තියෙන්නේ බන්.. වර්තමානයේ ප්‍රායෝගික උදාහරන නැති අතිතේ විතරක් උන දේවල්
    ඉතින් ඔව්ව අපිට සාපෙක්ෂව වැඩ කරන්නේ නැති පදනමක් නැත කියල වෙන් කරාට පිළිගන්නා අය පිළිගන්නවා නේ එයාලට අනුව ඒ විශ්වාස එයාලට වැඩ කරනවා.

    ඔතන වෙනස ගොඩ ලොකු පොඩි වීම විතරයි. හරි වැරැද්දක් වෙන් කරන්න බෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,451
    166,848
    113
    එකමත් එක රටක
    ඉතින් ඔව්ව අපිට සාපෙක්ෂව වැඩ කරන්නේ නැති පදනමක් නැත කියල වෙන් කරාට පිළිගන්නා අය පිළිගන්නවා නේ එයාලට අනුව ඒ විශ්වාස එයාලට වැඩ කරනවා.
    ඉතින් බන් හයිඩ්‍රාජන් බන්දන වල දැනුම පාවිච්චි කරාම උබටයි මටයි තව කෙනෙක්ටයි වෙනස් ප්‍රතිපල දෙන්නේ නෑ .
    ඒවා පවතින්නේ එක එකාගේ විශ්වාස මත නෙවෙයි. පොදුවේ හැමෝටම පිළිගන්න පුලුවන් ප්‍රතිපල මත.

    අනිත් එක මේ post එක දාපු එකාට කවුරු ඕව ප්‍රත්‍යක්ෂ දැනුම, කියලා ඉගැන්නුවද දන්නේ නෑ .

    අපිට නම් ඕව උගන්නද්දී ම තේරුණා ප්‍රයෝගික සංසිද්දී තර්කානුකුලව පැහැදිලි කරන්න ගොඩනගපු සංකල්ප , ආකෘති කියන දේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,277
    113
    ඉතින් බන් හයිඩ්‍රාජන් බන්දන වල දැනුම පාවිච්චි කරාම උබටයි මටයි තව කෙනෙක්ටයි වෙනස් ප්‍රතිපල දෙන්නේ නෑ .
    ඒවා පවතින්නේ එක එකාගේ විශ්වාස මත නෙවෙයි. පොදුවේ හැමෝටම පිළිගන්න පුලුවන් ප්‍රතිපල මත.

    අනිත් එක මේ post එක දාපු එකාට කවුරු ඕව ප්‍රත්‍යක්ෂ දැනුම, කියලා ඉගැන්නුවද දන්නේ නෑ .

    අපිට නම් ඕව උගන්නද්දී ම තේරුණා ප්‍රයෝගික සංසිද්දී තර්කානුකුලව පැහැදිලි කරන්න ගොඩනගපු සංකල්ප , ආකෘති කියන දේ.
    ඉතින් ඒ ඒ විශ්වාස පිළිගන්නා අයට ඒ ඒ සිද්ධි ඒ තියරි වලින් පැහැදිලි කරගන්නත් පුළුවං. ඒක තව ඒ විශ්වාස කරන කෙනෙක්ට කරලා පිළිගන්නත් පුළුවන් නෙ. උබ හිතනවාද ඔයා දෙයියෝ පිළිගන්නා අය ලක්ෂ ගණන් වියදම් කරන්නේ උන්ට අනුව කිසිම වැඩක් නැහැ දෙකට කියල.

    මුලින්ම ඕක දාපු එකාට ඕක කියල තියෙන්නේ මෙන්න මෙයා
    https://chemistry.berkeley.edu/faculty/chem/martin-head-gordon

    මේ පෝස්ට් එක උබට තේරුනාද නැද්ද කියන එක ගැන නෙවෙයි ඉතින්.
    ගොඩක් ගුරුවරු ඕක 100% හරි කියල තමා කියල දෙන්නේ
     
    • Like
    Reactions: NRTG

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    මේ උබ අන්තිමට කියලා තියෙන කතාව තමයි ඇත්ත.විද්‍යාව කියන්නේ විශ්වයේ පරම සත්‍ය සොයන් යන ආගමක් නෙමෙයි.ජීවිතය පහසු කරන්න හැදිලා තියෙන තවත් එක මෙවලමක්.අපිට අවශ්‍ය් වෙලාවට එක අවශ්‍ය ප්‍රමාණයට පාවිච්චි කරනවා..අපිට කැල්සිකල් කෙමිස්ට්‍රි වලින් විතරක් ගොඩ දාගන්න පුලුවන් නන් ආයෙ කොන්ටම් වලට ගිහින් හත්පොලේ ගාගන්න ඕනි නෑනේ ඒ ඇති....මේක දාලා තියෙන තමලුට නන් කේස් ගොඩක් තියෙනවානේ ඕවගේ දේවල් හැම දෙයක් ගැනම පරම සත්‍ය් සොයන් යන අන්තිමට නතර වෙන්නේ ඉතිං එකම කදවුරක් ගාව ඉතිං.
     
    තමලුගේ බේස් එක වෙන පෝස්ට් එක තමා ඕකේ වැදගත් කොටස. එකේ ලින්ක් එකෙන් බලන්න එතන සංවාදය
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,451
    166,848
    113
    එකමත් එක රටක
    මුලින්ම ඕක දාපු එකාට ඕක කියල තියෙන්නේ මෙන්න මෙයා
    https://chemistry.berkeley.edu/faculty/chem/martin-head-gordon

    මේ පෝස්ට් එක උබට තේරුනාද නැද්ද කියන එක ගැන නෙවෙයි ඉතින්.
    ගොඩක් ගුරුවරු ඕක 100% හරි කියල තමා කියල දෙන්නේ
    ඉතින් ඕක මුලින්ම කියපු එකාගේ වැරද්දක් නෑ .
    ඒක ඔය උඩ fb පොස්ට් එක දාපු එකාට කවුද H බනදන වෙන හැටි ලුවිස් වියුහ ප්‍රත්ක්ෂ කියලා උගන්නල තියෙන්නේ. . ඒවා සංකල්ප ආකෘති කියලා නේ උගන්නන්නේ.

    අනිත් එක ඒවා වෙනස් වෙන්න පුලුවන් බන් ඉස්සරහට.

    ඔය ආගම් වල තියන විශ්වාස ඇදහිලි වලට ඒවා මුලින්ම දේශනා කරපු සාස්තෘ ගෙන් පිට කෙනක්ට කිසි දෙයක් අලුතින් එකතු කරන්න බැරි දේවල්. තේරුමක් නැති කතා කියලා දැන දැන විශ්වාසක්රගෙන ඉන්න දේවල් වගේ නෙවෙයි ඕව.

    ඉතින් ඒ ඒ විශ්වාස පිළිගන්නා අයට ඒ ඒ සිද්ධි ඒ තියරි වලින් පැහැදිලි කරගන්නත් පුළුවං. ඒක තව ඒ විශ්වාස කරන කෙනෙක්ට කරලා පිළිගන්නත් පුළුවන් නෙ. උබ හිතනවාද ඔයා දෙයියෝ පිළිගන්නා අය ලක්ෂ ගණන් වියදම් කරන්නේ උන්ට අනුව කිසිම වැඩක් නැහැ දෙකට කියල.
    කොහෙද බන් උන්ට ඒවා පැහැදිලි කරන්න පුලුවන් වෙන්නේ ??
    එහෙනම් ලෝකේ ආගම් කියලා එකයි තියෙන්නේ. ඒවා පැහැදිලි කරන්න බැරි ඇදහිලි විදියට තියන්නේ දැනට.

    දෙයියෝ පිළිගන්න උන්ට දෙයියොන්ගෙන් හම්බෙන කිසි දෙයක් නෑ බන්. උන්ට දෙයියෝ එක්ක අනල වෙන දෙයක් කවන්නේ. අර positive thinking වගේ දෙයක්. අර ජෙරමාගේ video එකක් මම නිකමට ඇහුව. ඌ කරන්නෙත් ඒක .

    ඒවා විශ්වාස කරන උන්ට විතරක් ප්‍රතිපල දුන්නට බන් science වල එන දැනුම විශ්වාස කරන නොකරන හැම එකාටම එකවගේ ප්‍රතිපල දෙනවා , ප්‍රයෝජනවත් වෙන්ව. ඔය දෙක සෑහෙන වෙනස්.. ඒකයි අරවට හුදු විශ්වාස කිව්වේ.
     
    • Like
    Reactions: batwise

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,277
    113
    ඉතින් ඕක මුලින්ම කියපු එකාගේ වැරද්දක් නෑ .
    ඒක ඔය උඩ fb පොස්ට් එක දාපු එකාට කවුද H බනදන වෙන හැටි ලුවිස් වියුහ ප්‍රත්ක්ෂ කියලා උගන්නල තියෙන්නේ. . ඒවා සංකල්ප ආකෘති කියලා නේ උගන්නන්නේ.

    අනිත් එක ඒවා වෙනස් වෙන්න පුලුවන් බන් ඉස්සරහට.

    ඔය ආගම් වල තියන විශ්වාස ඇදහිලි වලට ඒවා මුලින්ම දේශනා කරපු සාස්තෘ ගෙන් පිට කෙනක්ට කිසි දෙයක් අලුතින් එකතු කරන්න බැරි දේවල්. තේරුමක් නැති කතා කියලා දැන දැන විශ්වාසක්රගෙන ඉන්න දේවල් වගේ නෙවෙයි ඕව.

    කොහෙද බන් උන්ට ඒවා පැහැදිලි කරන්න පුලුවන් වෙන්නේ ??
    එහෙනම් ලෝකේ ආගම් කියලා එකයි තියෙන්නේ. ඒවා පැහැදිලි කරන්න බැරි ඇදහිලි විදියට තියන්නේ දැනට.

    දෙයියෝ පිළිගන්න උන්ට දෙයියොන්ගෙන් හම්බෙන කිසි දෙයක් නෑ බන්. උන්ට දෙයියෝ එක්ක අනල වෙන දෙයක් කවන්නේ. අර positive thinking වගේ දෙයක්. අර ජෙරමාගේ video එකක් මම නිකමට ඇහුව. ඌ කරන්නෙත් ඒක .

    ඒවා විශ්වාස කරන උන්ට විතරක් ප්‍රතිපල දුන්නට බන් science වල එන දැනුම විශ්වාස කරන නොකරන හැම එකාටම එකවගේ ප්‍රතිපල දෙනවා , ප්‍රයෝජනවත් වෙන්ව. ඔය දෙක සෑහෙන වෙනස්.. ඒකයි අරවට හුදු විශ්වාස කිව්වේ.

    මෙහෙම උපකල්පනයක් ගන්න " දෙයියෝ ඉන්නවා"

    දැන් ඕක ප්‍රත්‍යක්ෂ කරගතත කොටසක් ඉන්නවා

    කරගත්තේ නැති කොටසක් ඉන්නවා.

    පලවෙනි කට්ටිය පිළිගන්නවා දෙයියෝ තමා මිනිස්සුන්ට මේවා කරගන්න පුළුවං වෙන්න මොළේ මැවැවේ කියල. එතකොට ඒ නිසා දෙයියෝ විශ්වාස කරති නැත්තත් හැමෝටම ප්‍රතිලාභ ලැබෙනවා.

    දෙවැනි කොටස ගෙන තර්කේ තමා ඔය උඩ උබ දාලා තියෙන්නේ.

    මෙහෙම වැඩක් කරමු උබ දාපන්
    ජෙරම් කරන්නේ බොරුවක් කියලා උබට ඔප්පු කරන්න පුළුවන් මොකක් හරි විදියක්

    මම උන්ගේ උන් ගේන විදියේ තර්ක ටිකක් අරගෙන බලන්නන්.

    මට මේක කොහොමත් බේරගන්න ඕනි ගැටලුවක්. උබ කියන විදියට හුදු විශ්වාස කියල දෙයක් සහ තාර්කික විශ්වාස කියල වර්ග දෙකක් තියෙනවා නං ඔය ml modal වල සැහෙන ලොකු වෙනසක් කරන්න පුළුවන් ඒවට ලෝජීක් එකතු කරලා. දැනට ml modal හදන අය යන්නේ ඔය දෙකම එකයි කියන පාරේ. මටත් ඕක සැහෙන ගැටලුවක් අපි දෙයක් ඉගෙන ගන්න යන වෙලාවයි මේ අපේ නියුරෝන ආකෘතිය කියලා හිතලා හදන ml මොඩල වල ඉගෙන ගන්න යන වෙලා වෙනස ගැන කල්පනා කරද්දී.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    මේ උබ අන්තිමට කියලා තියෙන කතාව තමයි ඇත්ත.විද්‍යාව කියන්නේ විශ්වයේ පරම සත්‍ය සොයන් යන ආගමක් නෙමෙයි.ජීවිතය පහසු කරන්න හැදිලා තියෙන තවත් එක මෙවලමක්.අපිට අවශ්‍ය් වෙලාවට එක අවශ්‍ය ප්‍රමාණයට පාවිච්චි කරනවා..අපිට කැල්සිකල් කෙමිස්ට්‍රි වලින් විතරක් ගොඩ දාගන්න පුලුවන් නන් ආයෙ කොන්ටම් වලට ගිහින් හත්පොලේ ගාගන්න ඕනි නෑනේ ඒ ඇති....මේක දාලා තියෙන තමලුට නන් කේස් ගොඩක් තියෙනවානේ ඕවගේ දේවල් හැම දෙයක් ගැනම පරම සත්‍ය් සොයන් යන අන්තිමට නතර වෙන්නේ ඉතිං එකම කදවුරක් ගාව ඉතිං.

    බුදුදහමත් මේ ලෝකයෙ මනුශ්‍යයෙකුට ලඟා කරගත හැකි පරම අර්ථය (පරමාර්ථය) කුමක්ද කියන එක පැහැදිලි කරන ධර්මයක්. බුදුහාමුදුරුවන්ට යමක් අර්ථවත් වෙන්නෙ "ප්‍රතිඵල" ලැබීම මත. ඒ ඒ ප්‍රතිඵල අතරින් හොඳම ප්‍රතිඵලය, ඒ කියන්නෙ පරමාර්ථය විදිහට තමා නිවීම පෙන්වන්නේ. ඒ ඇරෙන්න දේවවාදී හෝ ආත්මවාදී ඉගැන්වීම් වල වගේ පරම සත් තාවයක් (පරම සත්බවක්, පරම සත්‍යක්, පරම පැවැත්මක්, පරමයථාර්ථයක්, දෙවියන්, බ්‍රහ්මන්) සොයන්නේ නැහැ.

    For the Buddha, language derives its "meaning" (attha) when it is able to produce results (attha), and thus what is true (bhuta, taccha) is that which bears results (attha-samhita). The Buddha did not recognize anything that is false to be productive of results. Truth in this sense can be equated with "mean-ingful" language. Thus, linguistic expressions that imply permanence and an-nihilation would be "meaningless" (an-attha) in that they do hot communicate anything that is given in experience (dhamma), where experience is understood in terms of the felt results (attha) rather than in terms of an indefinable ultimate reality.

    By Prof David J Kalupahana.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,451
    166,848
    113
    එකමත් එක රටක
    මෙහෙම වැඩක් කරමු උබ දාපන්
    ජෙරම් කරන්නේ බොරුවක් කියලා උබට ඔප්පු කරන්න පුළුවන් මොකක් හරි විදියක්

    මම උන්ගේ උන් ගේන විදියේ තර්ක ටිකක් අරගෙන බලන්නන්.

    මට මේක කොහොමත් බේරගන්න ඕනි ගැටලුවක්. උබ කියන විදියට හුදු විශ්වාස කියල දෙයක් සහ තාර්කික විශ්වාස කියල වර්ග දෙකක් තියෙනවා නං ඔය ml modal වල සැහෙන ලොකු වෙනසක් කරන්න පුළුවන් ඒවට ලෝජීක් එකතු කරලා. දැනට ml modal හදන අය යන්නේ ඔය දෙකම එකයි කියන පාරේ. මටත් ඕක සැහෙන ගැටලුවක් අපි දෙයක් ඉගෙන ගන්න යන වෙලාවයි මේ අපේ නියුරෝන ආකෘතිය කියලා හිතලා හදන ml මොඩල වල ඉගෙන ගන්න යන වෙලා වෙනස ගැන කල්පනා කරද්දී.
    උබට දෙයියන්වහන්සේ විශ්වාස කරන උන් ට ලැබෙන ප්‍රතිපල ලැබෙනවද ? නැද්ද කියල කියපන් කෝ.

    ඉන්නවා ඉරිදා දේව මෙහෙයකතා ගිහිං බලන්න. නැත්තං කතරගම ගිහිං බලන්න.
    උන් විශ්වාස කරන උන් බන්. උන් දෙන්නෙක් තුන්දෙනෙක් අරගෙන උන්ගෙන දෙයියෝ මොන වගේද , මොනවද කරන්නේ කියලා එකම ප්‍රශ්න ටික අහපන්.
    ඒ ඒ එකාගේ විශ්වාස කරන ප්‍රමාණය අනුව වෙනස් උත්තර දෙන්නේ. ප්‍රත්‍යක්ෂ කරගත්තා එකෙක් නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,277
    113
    උබට දෙයියන්වහන්සේ විශ්වාස කරන උන් ට ලැබෙන ප්‍රතිපල ලැබෙනවද ? නැද්ද කියල කියපන් කෝ.
    ඉතින් උන්ට අනුව මට මොලේ ලැබිලා තියෙන්නේ දේයියන්නාස්ගේ කැමැත්තටනේ

    උන් විශ්වාස කරන උන් බන්. උන් දෙන්නෙක් තුන්දෙනෙක් අරගෙන උන්ගෙන දෙයියෝ මොන වගේද , මොනවද කරන්නේ කියලා එකම ප්‍රශ්න ටික අහපන්.
    ඒ ඒ එකාගේ විශ්වාස කරන ප්‍රමාණය අනුව වෙනස් උත්තර දෙන්නේ. ප්‍රත්‍යක්ෂ කරගත්තා එකෙක් නෑ
    ඉතින් ඕක තමා ප්‍රත්‍යක්ෂ වෙනවා කියන්නේ.
    ළඟම උදාහර්ණය
    උබ ජෝතිපාලගේ සින්දුවක් අහලා නැති කෙනෙක්ට ජෝතිපාලගේ කටහඩ මොන වගේද කියල පැහැදිලි කරන්න ට්‍රයි කරල බලන්න.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,451
    166,848
    113
    එකමත් එක රටක
    බුදුදහමත් මේ ලෝකයෙ මනුශ්‍යයෙකුට ලඟා කරගත හැකි පරම අර්ථය (පරමාර්ථය) කුමක්ද කියන එක පැහැදිලි කරන ධර්මයක්. බුදුහාමුදුරුවන්ට යමක් අර්ථවත් වෙන්නෙ "ප්‍රතිඵල" ලැබීම මත. ඒ ඒ ප්‍රතිඵල අතරින් හොඳම ප්‍රතිඵලය, ඒ කියන්නෙ පරමාර්ථය විදිහට තමා නිවීම පෙන්වන්නේ. ඒ ඇරෙන්න දේවවාදී හෝ ආත්මවාදී ඉගැන්වීම් වල වගේ පරම සත් තාවයක් (පරම සත්බවක්, පරම සත්‍යක්, පරම පැවැත්මක්, පරමයථාර්ථයක්, දෙවියන්, බ්‍රහ්මන්) සොයන්නේ නැහැ.
    එතකොට ඔය කියල තියන දේට වඩා වෙනස් දෙයක්, වෙනස් පැහැදිලි කිරීමක් බුදුදහමට ඇතුල් කරන්න ලෝකේ ඉන්න වෙන කාටහරි පුලුවන් ද බැරිද ?

    ඉතින් උන්ට අනුව මට මොලේ ලැබිලා තියෙන්නේ දේයියන්නාස්ගේ කැමැත්තටනේ
    උන්ට අනුව නෙවෙයි බන්.
    දැන් උබ කිව්වා නේ , දෙයියෝ විශ්වාස කරන උන් ලක්ෂ ගන්න වියදම් කරන්නේ උන්ට ප්‍රයෝජනයක් තියන නිසා කියල..
    අන්න ඒ ප්‍රයෝජනේ උබට ලැබෙනවද ඒ දෙයියෝන් ගෙන් ?
    ඉතින් ඕක තමා ප්‍රත්‍යක්ෂ වෙනවා කියන්නේ.
    ළඟම උදාහර්ණය
    උබ ජෝතිපාලගේ සින්දුවක් අහලා නැති කෙනෙක්ට ජෝතිපාලගේ කටහඩ මොන වගේද කියල පැහැදිලි කරන්න ට්‍රයි කරල බලන්න.
    ඕකට නෙවෙයි බන් ප්‍රත්‍යක්ෂ වෙන්ව කියන්නේ. ප්‍රතකෂය කියන්නේ උබට මට සාපේක්ෂව ඇත්ත වගේ හිතෙන දෙයක් නෙවයි.
    ------ Post added on May 20, 2023 at 1:48 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,277
    113
    එතකොට ඔය කියල තියන දේට වඩා වෙනස් දෙයක්, වෙනස් පැහැදිලි කිරීමක් බුදුදහමට ඇතුල් කරන්න ලෝකේ ඉන්න වෙන කාටහරි පුලුවන් ද බැරිද ?
    ඒ බේස් එක ඇතුලේ ගැලපෙනවා නං පුළුවන් කියලා මට හිතෙන්නේ.
    නිවන ගැන නැතුවාට පින් පව් ගැන නං එහෙම එකතු කරපුව තියෙනවා.

    බේස් එක වෙනස් උනොත් ඒක බුද්ධාගම වෙන්නේ නෑ.

    එතකොට ඔය කියල තියන දේට වඩා වෙනස් දෙයක්, වෙනස් පැහැදිලි කිරීමක් බුදුදහමට ඇතුල් කරන්න ලෝකේ ඉන්න වෙන කාටහරි පුලුවන් ද බැරිද ?

    උන්ට අනුව නෙවෙයි බන්.
    දැන් උබ කිව්වා නේ , දෙයියෝ විශ්වාස කරන උන් ලක්ෂ ගන්න වියදම් කරන්නේ උන්ට ප්‍රයෝජනයක් තියන නිසා කියල..
    අන්න ඒ ප්‍රයෝජනේ උබට ලැබෙනවද ඒ දෙයියෝන් ගෙන් ?

    ඕකට නෙවෙයි බන් ප්‍රත්‍යක්ෂ වෙන්ව කියන්නේ. ප්‍රතකෂය කියන්නේ උබට මට සාපේක්ෂව ඇත්ත වගේ හිතෙන දෙයක් නෙවයි.
    ------ Post added on May 20, 2023 at 1:48 PM
    ඒක මට ලැබෙන්න විදියක් නෑනේ. උන් ලක්ෂ ගන්න වියදම් කරලා ඉල්ලන්නේ මට මොකවත් වෙන්න කියල නෙවෙයි නෙ.
    රටටම සෙට් පතා කරන ආශීර්වාද පූජා වගේ ඒවගෙන් මට බෙනිෆිට් එකක් තියෙනවද නැද්ද කියන්න මම දන්නේ නෑ.
    ------ Post added on May 20, 2023 at 1:51 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,451
    166,848
    113
    එකමත් එක රටක
    ඒ බේස් එක ඇතුලේ ගැලපෙනවා නං පුළුවන් කියලා මට හිතෙන්නේ.
    නිවන ගැන නැතුවාට පින් පව් ගැන නං එහෙම එකතු කරපුව තියෙනවා.

    බේස් එක වෙනස් උනොත් ඒක බුද්ධාගම වෙන්නේ නෑ.
    science වල එහෙම එකක් නෑ . ඒකයි කිව්වේ.
    උබට වෙනස් ටිකක් එකතු කරල වෙනත් ආගමක් හදන්න පුලුවන්.
    ආගමකට එහෙම පිටින් එකෙක්ට දේවල් එකතු කරන්න බෑ . එතකොට ඒක වෙන ආගමක් වෙන්ව මිසක් අරක අලුත් වෙන්නේ නෑ .
    කාටහරි ඇවිත් කියන්න බෑ බුදුහාමුදුරුවෝ බුද්දාගමේ මෙතන කියලා දේවල් වැරදි මේ විදියට නිවැරදි වෙන්න ඕනේ වගේ දෙයක්. අනිත් ආගම් වලත් එහෙමයි. කිවොත් කිව්වා. අනුගාමිකයෝ ඒ කියලා තියන දේ සරණ යන එක කරන්නේ ඇත්ත කියලා පිළිගෙන.