හයිබ්‍රිඩ් මෝටර් රථ ඩ්‍රයිවිං මූඩ්ස්

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    හයිබ්‍රිඩ් මෝටර් රථ ඩ්‍රයිවිං මූඩ්ස්



    හයිබ්‍රිඩ් මෝටර් රථ ඩ්‍රයිවිං මූඩ්ස්

    මොනවද මේ හයිබ්‍රිඩ් මෝටර් රථ වල තියෙන ECO,Normal, PWR සහ EV ඩ්‍රයිවිං මූඩ්ස් කියන්නේ.අද කියන්න යන්නේ මේ හයිබ්‍රිඩ් මෝටර් රථ වල තියෙන ඩ්‍රයිවිං මූඩ්ස් ගැනයි.

    • ECO mode

    ECO එහෙමත් නැත්නම් Economy mood එකේ දී ත්‍රොටල වෑල් එක ක්ෂණිකව ක්‍රියාත්මකවීමේ හැකියාව අඩු කරනවා.තව විදිහකින් කිව්වොත්
    ඇ‌ක්ස්ලේටර් පැඩල් ප්‍රතිචාර ලබාගන්න ටිකක් අපහසුවෙන් පාගන්න ඕනි.ඇ‌ක්ස්ලේටර් කිරීම දී ත්‍රොටල් වෑල් එකේ මුල් භාගය අඩු ආක්‍රමණශීලීව ක්‍රියාත්මක වෙනවා.ඒ‌ත් අවශ්‍යතාවය මත එන්ජිමේ සම්පූර්ණ බලය ලබාගන්න පුලුවන් හැකියාව තියෙනවා.
    මීට අමතරව මේ ECO Mood එක එන්ජිම වඩා පහසුවෙන් අක්‍රීය කිරීමට ඉඩ දෙන අතර එයාර්කන්ඩිෂන් සහ හීටිං සිස්ටම් එක හොඳම විදහට පාලනය කරලා ඉන්ධන පරිභෝජනය සඳහා සහාය වෙනවා.මේ ECO Mood එක සිටි ඩ්‍රයිවිං සහ කෙට් ගමන් සඳහා වඩා සුදුසු වෙනවා.

    • Normal Mode

    PWR හෝ ECO Mood යන දෙක අතර තියෙන ක්‍රමයට Normal Mood කියලා කයනවා.Normal Mood එක ක්ලස්ටර් එකේ ඔන් වෙලා තියෙන කොට අවශ්‍යතාවය සහ ඇ‌ක්ස්ලේටර් ප්‍රතිචාර අනුව PWR Mood හෝ ECO Mood යන දෙකෙන් සුදුසු එක ස්වයංක්‍රීයව තෝරාගන්නවා.ඇ‌ක්ස්ලේටර් පැඩල් එක සහ ත්‍රොටල් එක සාමාන්‍ය ආ‌කාරයක ක්‍රියාත්මක වෙනවා.මේ මූඩ් එකේ දී එයාර්කන්ඩිෂන් සහ හීටිං වලට ක්‍රියාකාරිත්වයේ කිසිම වෙනසක් සිදුවෙන්නේ නැහැ.Normal Mood එක රථ වාහන තද බද අඩු උප නාගරික ධාවන තත්වයන් සඳහා මෙන්ම අධිවේගී මාර්ගය සඳහා සුදුසු වෙනවා.

    • PWR Mood

    PWR Mood(Power Mood)එකේ දී ඇ‌ක්ස්ලේටර් පැඩල් එක වඩාත් ප්‍රතික්‍රියාශීලී සහ ආ‌ක්‍රමණශීලී ස්පෝර්ට්ස් හැඟීමක් දක්වනවා.ඒ‌ වගේම මේ මූඩ් එකේ දී ත්‍රොටල් එකේ පළමු භාගය වඩාත් ආක්‍රමණශීලීබවක් දක්වන අතර ඇ‌ක්ස්ලේටර් පැඩල් අතහැරලා නැවත පෑගීමකදී ඩ්‍රයිව්ට්‍රේන් ප්‍රතිචාර වැඩි දියුණු කිරීම සඳහා එන්ජින් වේගය මඳක් වෙලාවක් රඳවගෙන ඉන්නවා.මේ මූඩ් එකේ දී ද එයාර්කන්ඩිෂන් සහ හීටිං ක්‍රියාකාරිත්වයේ කිසිම වෙනසක් සිදුවෙන්නේ නැහැ.PWR Mood එක ඉක්මනින් අධිවේගී මාර්ගයේ ඉස්සර කර යාමට,වංගු සහිත කඳුකර ධාන තත්වයන් වඩාත් සුදුසු වෙනවා.

    EV : EV(Electric Vehicle)එකේ දී ඉලෙක්ට්‍රික් මූඩ් එකේ පමණක් ක්‍රියාත්මක වෙනවා.ඒ‌ කියන්නේ සම්පූර්ණ විදුලි මෝටර්යෙන් විතරක් තනිකරම ක්‍ධාවනය වෙනවා කියන එක.විශේෂයෙන් EV Mood එක අඩු වේගයකින් කෙටි දුර ධාවනය සඳහා භාවිතා කරනවා.ඊට අමතරව රාත්‍රීකාලයේ දී residential area වල ධාවනයේ දී(ශබ්දය ඇ‌ති නොකරන නිසා),අන්ඩර් ග්‍රවුන්ඩ් පාර්කින් වල සහ ගරාජ් ඇතුලේ පාර්ක් කිරීමේ දී වායුවිමෝචනය නැතිකිරීම සඳහා වැදගත් වෙනවා.මේ EV Mood එක ක්‍රියාත්මක වන විට අවශ්‍යතාවය මත ECO Mood එකට ස්වයංක්‍රීයව මාරැවීමට අවස්ථාව ලබාදෙන ඒත් PWR Mood එකට මාරැවීමට ඉඩ ලබාදෙන්නේ නැහැ.

    B Mood: ගියර් ලීවර් එකේ තියෙන B එකෙන් කියන්නේ බ්‍රේකිං කියන තේරැම එහෙම නැත්නම් එන්ජින් බ්‍රේකිං කියන අදහස.තවත් විදිහකට කිව්වොත් සාමාන්‍ය ගියර් බොක්ස් ගියර් පහලට අඩුකර(down shifting)ධාවනය කිරීමට සමානයි.ඒ‌ කියන්නේ එන්ජින් එක එයාර් පම්ප් එකක් වගේ ක්‍රියාත්මක වෙලා වේගය පාලයන කරන නිසා බ්‍රේක් කිරීමෙන් නිසා ඇ‌තිවෙන බ්‍රේක් රත්වීම නැති කිරීමට උදව් වෙනවා.මේ ගියර් ලීවර් B Mood එක කඳුකර ධාවනයේ දී පල්ලම් බැසීම සඳහා පමණක් භාවිතා කරනවා.

    (චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

    13/02/2017