මචන්ලා.පොඩි කාරනයක් කියන්නයි මේක ලියන්නේ.මේ එලකිරියෙ වාහන සම්බන්දව කතා කරන.අලුතින් වාහන ගන්ඩ ඉන්න ගොඩක් යාලුවො ඉන්නවනේ.ඉතින් මම මුහුණ දීපු ප්රශ්නයක් මෙහෙම ලියන්න හිතුවා.විශේෂයෙන්ම අලුතින් වාහන ගන්ඩ ඉන්න අයට ගොඩක්ම වැදගත් වෙයි කියලා හිතනවා.ඒ වගේම මම මේ කියන කාරනය වාහන සම්බන්දව දන්න යාලුවො එයාලගේ අදහස් සටහන් කරයි කියලත් හිතනවා
රත්තරන් සහෝදරයත් අදහසක් සටහන් කරොත් වටිනවා.මොකද අනාගතේ වාහන ගන්ඩ ඉන්න යාලුවොන්ට මේක ගොඩක් ප්රයෝජනවත් වෙයි
අපේ රටේ වාහන සංස්කෘතිය හුගක් වෙනස්. ඉතින් උබ වගේ අමාරුවෙන් සල්ලි ටිකක් එකතුකරගත්ත කොල්ලෙක්ට ඒ සල්ලි ටික උපරිමේට පරිස්සම් කරන් වාහන එක්ක ගනුදෙනු කරන්න ඕනේ නම් ඒ සංස්කෘතියට අනුව යන්න වෙනවා
මේකයි කාරනය,
මම ගොඩක් අමාරුවෙන් කාර් එකක් ගන්ඩ කියලා ලක්ශ 25 ක් එකතු කර ගත්තා.උපරිම ලක්ශ 30කට යන්ඩ පුලුවන් ඔනිමනම්.නයක් හරි වෙලා.කාටවත් බරක් නොවී.හෙට උනත් ගන්ඩ පුලුවන් අතේ තියෙන්නේ ලක්ශ 25
ඉතින් එලකිරියෙත් ගොඩක් thread දැම්මා.එක එක වාහන ගොඩක් දෙනා යෝජනා කරා.අන්තිමට රත්තරන් සහෝදරයත් එක්කත් කතා කරලා allion 240 එකක් ගන්ඩ තමා තීරණය කරේ.
ඉතින් ගන්ඩ 240එකක් හොයද්දි මෙන්න මේ කාරනය මම දැක්කා වාහන සම්බන්දව.
ලන්කාවේ දැන් unregistered ගෙන්නන ඔක්කොම කාර් එන්නේ hybrid විතරයි. ටොයෝටා premio,allion කාර් දෙකත් ලබන අවුරුද්දේ ඒ කියන්නේ 2015 ඉදන් hybrid කරන්න ටොයෝටා සමාගම තීරණය කරලයි තියෙන්නේ.එතකොට අපිට ලබන මාසේ ඉදන් unregistered කාර් එකක් ගන්නවනම් ගන්ඩ වෙන්නේ hybrid විතරයි.ටොයෝටා විතරක් නෙමෙයි.mercedes benz,bmw,mitsubishi.nissan වගේ ලෝකේ ප්රසිද්ධ සමාගම් ඔක්කොම දැන් hybrid වාහන තමයි ගොඩක්ම හදන්නේ.එතකොට අපේ මේ patrol වලින් විතරක් දුවන වාහන වලට අනාගතේ මක් වෙයිද.මේවගේ මාර්කට් එක කොච්චර කාලයක් තියේවිද.අපි ලන්කාවේදී ලක්ශ 25ක් 30ක් වියදම් කරලා patrol වලින් විතරක් දුවන අවුරුදු 8ක්10ක්12ක් පරන කාර් ගත්තම අපිට තව අවුරුදු කීපයක් යනකොට මොකද වෙන්නේ.අපි ලක්ශ 25ක් දීලා අවුරුදු 10ක් විතර පරන කාර් එකක් ගත්තම තව අවුරුදු 5ක් විතර ගියාම ඒක විකුනගන්න පුලුවන් වෙයි කියලා උබලා හිතනවාද.මේ යන විදිහට.අපි දැන් ලක්ශ 20න් උඩ දීලා ගන්න කාර් ඔක්කොටම මේ ප්රශ්නේ එනවා.හෙනම අඩුවට තමයි විකුනගන්න වෙන්නේ.එතකොට ලක්ශ 20ට වඩා අතේ තියන ඔක්කොමලා ගන්නේ hybrid.එතකොට අපි දැන් ලක්ශ 25 ට විතර ගන්න කාර් අපෙන් ගන්න මිනිස්සු ඉදී කියලා උබලා හිතනවාද.තාම මිනිස්සුන්ට මේ hybrid කාර් එක හුරු නැ.මොකද මේකේ මම අහලා තියන විදිහට රෙපෙයාර් එකක් ආවත් colombo යන්න ඔනි.අන්න ඒ වගේ සීන් හින්දා මිනිස්සු පොඩ්ඩක් අත ගහන්ඩ බයයි.ඔය ප්රශ්නේ තව මාස කීපයයි තියෙන්නේ.තව අවුරුද්දක් තුල hybrid repair center ගොඩක් ටවුන් වල පටන් ගත්තම.එකත් ඉවරයි.උබලාට දැන්මම පේනවානේ පාරේ යන hybrid කන්දරාව.
නෑ උබේ කතාව පොඩ්ඩක් වෙනස් කරන්න වෙනවා. කවදාවත් තව අව් රුදු 5කින් හදන වාහන සේරම හයිබ්රිඩ් වෙන්නේ නෑ. ජපන්නුන්ගේ ලොකුම වාහන "තනි" මාකට් එක තියෙන්නේ මැදපෙරදිග. අද වෙද්දි මුලු මැදපෙරදිගම එකම හයිබ්රිඩ් කාර් එකක් වත් දුවනව කියල මම හිතන්නේ නෑ. අද ලංකාවේ හයිබිඩ් මාකට් වෙලා තියෙන්නේ ටැක්ස් නිසා. අලුත් වාහනයක් ගන්න ඉන්න කෙනෙක්ට අඩුවටම ගන්න තියෙන්නේ ඒ නිසා. හොදට මොනිටර් කරල බලන්න හයිබ්රිඩ් වාහන ගන්නේ අලුතෙන් වහන ගන්න අය විතරයි. මචන් මම ඔටෝමොබයිල් ඉන්ජිනීරින් කරල නෑ, කරපු මහේශ් වගේ කෙනෙක්ගෙන් අහන්න හයිබ්රිඩ් ගැන.උනුත් මම මේ කියන දේම කියයි. හයිබ්රිඩ් කියන්නේ ග්රීන් කාර් මිසක් ඉකොනොමිකල් කාර් නෙමේ. අනික මචන් අපේ රටේ වාහනයක් ගන්නේ අව්රුදු 30ක් වත් ඒක රටතුල සන්සරනය වෙන්න. ඔය හයිටෙක් වාහන කොච්චර උනත් අපේ රටේ ආදායම් තත්වය සහ වාහනය පාවිච්චි කරන්න වෙන ආකාරය එක්ක තවම ගැලපෙන්නේ නෑ. අනික හැමදාම කියනවා වගේ කියන්න තියෙන්නේ හරිහමන් හයිබ්රිඩ් එකක් හැදෙන්න තව් අව්රුදු 10ක් වත් යයි. එන එන එකේ ෆෝල්ට්ස් හද හදා ඊලග අව් රුද්දට ඕවා රිලිර්ස් කරනවා. අර පෙට්රල් කිරිල්ල ගැන කියන්න තියෙන්නේ අහල බලන්න හයිබ්රිඩ් එකක් තියෙන කෙනෙක්ගෙන් සර්විස් චාජස් ගැන එහෙම. ඒ වගේම රෙපෙයාර් කොස්ට් එක, බැටරි මාරු කරන්න උනොත් ඒ ගැන. ඒ සේරම බැලුවහම වසර අවසානයේ ලාභයක් නෑ ගෙදරක පාවිච්චි කරල. ඔන්න ටැක්සි දුවනවනම් වගේ සහනයක් තියෙනවා. ඒත් අපි ඇක්සියෝ එකයි ප්රියස් එකයි ගත්තොත් ඇක්සියෝ එකත් 14කට එහා තෙල් කරනවා. සර්විස් කියල මහ වියදමක් නෑ. පොලවේ තෙල් තියෙනකන් දුවන්නයි තියෙන්නේ
වාහන විකිනිල්ල ගැන චුට්ටක් හොයල බලන්න 2007 හයිබ්රිඩ් එකක් දැන් යන්නේ 25ක් 26ක් වගේ ගානක්. අලුත් එක මම හිතන්නේ (හරියටම දන්නේ නෑ )48ක් විතර වගේ. ඒත් 2007 ඕවා එක්ක ආව ඇක්සියෝ එක 32කට විතර යනවා. කිසි කරදරයක් නැතුව විකුනගන්නත් පුලුවන් 50000ක් අඩුවෙන් දෙද්දි. ඉතින් අනිවාරෙන් කියන්න ඕනේ අනාගතේ විකුනගන්න බැරි වෙන්නේ පරන හයිබ්රිඩ් මිසක් පැට්රෝල් කාර් නෙමේ.
අපේ රටේ වාහන පදින හුගක් උන් මාසෙකට කිලෝමීටර 500ටත් අඩුවෙන් දුවන්නේ. හයිබ්රිඩ් බැටරියකට තියෙන්නේ "වසර" ආයු කාඅලයක්. දිව්වත් නැතත් ඒ කාලෙන් ඉවරයි. ඇන්ජිමකට තියෙන්නේ "කිලෝමීරට" ආයු කාලයක්. ඉතින් හයිබ්රිඩ් එකක් ගෙනත් "තියාගෙන" දුවනවා කියන්නේ නුවනට හුරු වැඩක් නෙමේ
උබලා දන්නවනෙ.පහුගිය කාලේ patrol කාර් මිල නිල් වෙන්ඩ අඩුවුනා.එහෙම අඩු වුනේ ලක්ශ 20ට වැඩි කාර්,ලක්ශ 52 ට තිබ්බ allion 260 year 2008 මිල ලක්ශ35 දක්වා අඩු වුනා.දැන් allion 240එකක් ලක්ශ 29ට 30ට වගේ ගන්ඩ පුලුවන්.මේවා මෙහෙම ගන්න පුලුවන් ව තිබ්බ වාහන නෙමෙයි.allion 240 2002,2003 වගේ එකකුත් ලක්ශ 38ක් 40ක් වුනා ඒ කාලේ.දැන් මිල අඩුවුනාට.ගොඩක් අය හිතාගෙන ඉන්නවා මේ මිල බහින්නේ අයවැය හින්දා.නැත්තම් ජපන් යෙන් අඩුවුන හින්දා වගේ දේවල්.මේ ඔක්කොම මෝඩ අදහස්.වාහන මිල බහින්ඩ පලවෙනි හේතුව ලක්ශ 20න් වගේ එහා වාහන ගන්න මිනිස්සුන්ට සල්ලි නැති එක.හාල් පොල් සීනි පරිප්පු මිලම කීයද කියලා පේනවනේ.රටේ මිනිස්සු ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන්නේ.සල්ලි නැති එවුන් ලක්ශ 20අඩු වාහන ගන්නවා.සල්ලි තියන එවුන් ලක්ශ 50න් එහා වාහන unregistered ගන්නවා.ඉතින් ඒ අතර වාහන වලට මාකට් අඩු වුනා.
දෙවනි හේතුව hybrid කාර් ආපු එක.ලීටරයකට 35km විතර යන්ඩ පුලුවන් කාර් එකක් unregistered ලක්ශ 30ට තියෙද්දී.ලීටරයකට15km වගේ යන්ඩ පුලුවන් අවුරුදු 10 ක් විතර පරන පාවිච්චි කරපු කාර් එකක් ගනීද කවුරුවත් ලක්ශ 30ක් 35ක් දීලා.ඉස්සරහට ලක්ශ 20ක් අතෙ තියන එකාත් ඉතුරු ටික හොයාගෙන හයිබ්රිඩ් එකක් ගන්නේ.දැන් පේනවානේ මරුටි වලට තියන ඉල්ලුම.ටවුන් එකට ගියාම හිතෙනවා මේ ලොකේ තියෙන්නේ මරුටි විතරද කියලා.
හරියටම හරි. නැති එකාට පාං කියාගන්නත් බෑ. තියෙන එකාට තියෙනවා. ඔය නති උන් අතරේ "තියෙන එකා" වෙන හැටි මම ත්රෙඩ් දදා කියල දීලා තියෙනවනේ, ඒ නිසා නෑ නෑ කිය කියා ඉන්නේ නැතුව තියෙන එකෙක් වෙනවනම් වටිනවා, ඒ කතාව අත ඇරපන්කෝ මෙතෙන්ට, ඉතින් තියෙන උන් එක්කෝ ජීප් වලට යනවා නැත්නම් 50න් ඉහල වාහනේකට යනවා. 20-50 අතර වාහන මාකට් එක නිල් වෙලා තියෙන්නේ, 2007 රැව්4 35ට යනවා දැන්.
ඉතින් මේ වගේ තත්වයක් යටතේ වාහන ගන්ඩ ඉන්න එවුන් ගොඩක් හිතන්ඩ ඔනි කියලා මම කියන්නේ.අපේ රත්තරන් සහෝදරයා නම් කියන්නෙම හයිබ්රිඩ් වාහන ගන්ඩ එපා කියලා.නමුත් ඒ කතාව ප්රායෝගික නැ කියලා මම හිතන්නේ.මොකද වාහන sale එක්කට ගිහින් බලද්දි ගන්ඩ තියන ඔක්කොම හයිබ්රිඩ් නම්.ලන්කාවට එන ඔක්කොමත් හයිබ්රිඩ් නම්.ඔක්කොම කොම්පැණි හදන්නෙත් හයිබ්රිඩ් නම්.අපි කොහොමද කෙනෙකුට ගන්ඩ එපා කියන්නෙ.හරි.ඒක නොගෙන.අපිට unregistered කාර් එකක් ගන්ඩ ඔනිනම් ගන්න කාර් එකක් නැනේ.මොකද උබලා හිතපල්ලා.උබලා වාහනයක් ගන්ඩ යද්දි අමාරුවෙන් නම් සල්ලි හොයාගත්තේ.උබලා ආස unregistered කාර් එකක් ගන්නද.නැත්තම් පාවිච්චි කරපු පරන කාර් එකක් ගන්නද.ඉතින් ඔනිම කෙනෙක් ආසයි අලුත් එකක් ගන්ඩ.එතකොට අපි එයාට පරන කාර් එකක් ගන්න hybrid ගන්ඩ එපා කිවුවොත් ඒක කොච්චර අද කාලෙට ප්රායෝගිකද.
ඉතින් රත්තරන් සහෝදරයාත්.අපේ අනික් යාලුවෝත් මේ සම්බන්දව බුද්ධිමත් අදහස් ඉදිරිපත් කරයි කියලා මම හිතනවා.මේ ප්රශ්නේ ගොඩක්ම අදාළ වෙන්නේ.ලක්ශ 20ත් 30ත් අතර කාර් ගන්ඩ බලාගෙන ඉන්න අයට.මම hybrid කාර් සම්බන්දව නම් ලොකු දෙයක් දන්නේ නැ.කෙටියෙන් කිවුවොත් අපි ලක්ශ 20ත්30ත් අතර කාර් එක්කට යනවනම් ගොඩක්ම හොද මම මේ කියලා තියන කරුණුත් එක්ක බලද්දි නිකම් කාර් එකක් ගන්න එකද.hybrid එකක් ගන්න එකද.
හයිබ්රිඩ් කාර් පාවිච්චි කරන යාලුවෝත් ඉන්නවානේ.ඉතින් එයාලාගේ අදහස් අපිට වටිනවා.දැන්ම අපි හයිබ්රිඩ් කාර් එකක් ගන්න එක හොද නැද්ද.මොනවද අඩුපාඩු හයිබ්රිඩ් වල.අරන් අවුරුදු 3 කින් 4කින් ලක්ශ දෙක තුනක් වියදම් කරන්න වෙනවද වාහනේට.හදිස්සියකට repair එකක් ආවොත් මාර වියදම් ද?
ඉතින් රත්තරන් සහෝදරයගේ වගේම අනික් යාලුවො ඔක්කොගෙම අදහස් වටිනවා
මෙහෙමයි.
හිතපන් උබට කාර් දෙකක් ගන්න ඕනේ. උබ ලක්ශ 34ක් දීලා අද ඇක්සියෝ එකක් ගන්නවා තව ලක්ශ 34ක් දීලා ඇක්වා එකක් ගන්නවා. හිතපන් උබ ඔය දෙකම ගන්නේ විකුනන්න නෙමේ. තව අව්රුදු 15කින් (ලංකාව වගේ රටකට 15 මහ ගානක් නෙමේ 1984 පලාත්සභා පෙජරෝ අදටත් දුවනවා ගින්දර වගේ. අව් රුදු 30ක් ) උබට ඇක්සියෝ එකට මොන හුට්ටප්පරේ උනත් කම්පියුටර් උනිට් අනම් මනන් ලෝකෙන් අතු ගෑවිලා ගියත් 2c ඇන්ජිමක් තියල හරි දිව්වහැකි. කෑලිත් තියෙයි නැත්නම් ලියවලා හරි දැම්මහැකි. හැබැයි ඇක්වා එක?? (මම මේ කිව්වේ පාවිච්චි කරල අහකට දාන්න බලන් ගන්න අය ගැන හිතල නෙමේ, උබ වගේ අමාරුවෙන් සල්ලි ටිකක් සෙට් කරන් වාහනේකට යන්න ඉන්න කොල්ලෙක්ට )
මචන් මම මගේ අද්දැකීම් සහ දකින විදිහ අනුව උබට උපදෙස් දුන්නේ. උබේ සල්ලි උබේ කැමැත්ත.....



ප්රශ්නයි උත්තරයි ඔක්කොම එකම ත්රෙඩ් එකක් ඇතුළේ...
)
ඒක නිසා මාකට් බලන්නේ නැතුව උබ කැමති වාහනයක් අරං පාවිච්චි කරන්න. 