හයිලන්ඩ් පැලවත්ත කිරි නැද්ද කොහෙවත් ගන්න
පහුගිය දින වලදී අපි දැක්කා ජනතාව සිය දහස් ගනනින් මේ හයිලන්ඩ් පැල්වත්ත කිරිපිටි ඔන්ලයින් ක්‍රමයට ඇණවුම් කරණ ආකාරය.ඒ වගේම කිරි පිටි ලොරි පිටුපස සිය දහස් දෙනා පොරකමින් ඉල්ලුම් කරන ආකාරය. විශේෂයෙන් ජනතාව අන්තර්ජාලය ඔත්සේ ඉතා පහත් අයුරින් මේ දේශීය ආයතන වලට බැන වදින ආකාරය.ඇත්තටම ලන්කාවේ සියලු දෙනා මේ හයිලන්ඩ් පැල්වත්ත කිරි පිටි ඔන්ලයින් ඕඩර් කරනවානම් ආසන්නව 20% කට පමණයි මේ නිශ්පාදන ප්‍රායෝගිකව ලබා දිය හැක්කේ... .එහෙනම් මේ ක්‍රියාවලියේ වරද කොතැනද..? මම විශ්වාස කරන පරිදි ආයතනයකට තම ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දිය නොහැකිනම් ඒ පිලිබදව ඒ ඒ ආයතන විසින් ජනතාව දැනුවත් කිරීම කල යුතුය. නැත්නම් දිනකට සැපයිය හැකි ප්‍රමාණයට අදාලව ඔන්ලයින් ඕඩර් භාර ගැනීම කල යුතුය. අප්‍රේල් මස මුල් සතියේ ඇණවුම් පවා සමහරුන්ට නොලැබී යාමෙන් උරණ වූ ජනයාගේ අදහස් අන්තර්ජාලයේ ඒ ඒ අදාල පිටුවල මේ දිනවල දක්නට ලැබීම සුලභ කාරණාවක්...
පැල්වත්තේ නිෂ්පාදන ධාරිතාවය දවසකට කිරි ලිටර් 255,000 විතර ප්‍රමාණයක්. හයිලන්ඩ් ආයතනයේ මුලු නිශ්පාදන ධාරිතාවය දිනකට කිරි ලීටර් 420,000 ක් පමණ ප්‍රමාණයක්. මේ ආයතන දෙක උපරිම ධාරිතාවයෙන් ක්‍රියා කරන්න මේ ආයතන දෙකට දිනකට කිරි ලීටර් 675,000 ක් විතර ප්‍රමාණයක් උවමනා වෙනවා.වැස්ස අඩු පහුගිය කාල සීමාවේ පැල්වත්ත ආයතනයට ලැබුනේ දිනකට කිරි ලීටර් 50 000 ආසන්න ප්‍රමාණයක්... ඒ වගේම හයිලන්ඩ් ආයතනයට දිනකට කිරි ලීටර් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ලැබුණා... ඒ කියන්නේ මේ ආයතන දෙකටම මෑතක් වෙනකම් ලැබුනේ දිනකට කිරි ලීටර් එක් ලක්ශ පන්ස් දහසකට ආසන්න කිරි ප්‍රමාණයක්... දැන් නම් වැසි කාලය නිසා මේ ආයතන දෙකටම ලැබෙන කිරි ප්‍රමාණය දිනකට ලීටර් දෙලක්ෂ පනස් දහස තරම් අගයකට වැඩි වෙලා.නමුත් පහුගිය දත්ත එක්ක වැසි සමයේ මේ වසරේ මේ ආයතන දෙකටම ලැබෙන උපරිම කිරි ප්‍රමාණය දිනකට කිරි ලීටර් 300 000 -350 000 අතර අගයක් වේ යයි සිතිය හැකියි.
සාමාන්‍යෙන් සම්පූර්ණ යොදය සහිත කිරි පිටි 1 kg පැකට්ටුවක් හදන්න එලකිරි ලීටර් 8.3 ත් 8.5 ත් අතර අගයක් වැය වෙනවා.දැන් මේ ලිටර් ලක්ෂ දෙකහ මාරම සම්පූර්ණ යොදය සහිත කිරි පිටි නිශ්පාදනයට යොදා ගතහොත් දිනකට නිපදවන්න පුලුවන් කිරි පිටි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 29.5 ක් වැනි ප්‍රමාණයක්. ඒක අපේ රටේ දිනක පරිභෝජනයෙන් 16% කට ආසන්න අගයක්. දිනක අවශ්‍යතාවය අපේ රටේ මෙට්‍රික් ටොන් 185 ක් විතර...දැන් ඔබට තේරෙනවා ඇති මේ ආයතන දෙකටම ලැබෙන කිරි ප්‍රමාණය අනුව රටට අවශ්‍ය කිරිපිටි ඉල්ලුම කිසිසේත්ම සපුරාලිය නොහැකි බව. උපරිම ධාරිතාවයට ලගා වූවත් රටේ දිනක අවශ්‍යතාවයෙන් 42% ක් පමණයි මේ ආයතන දෙකෙන්ම ලබා දිය හැක්කේ.හයිලන්ඩ් ආයතනයේ අලුත්ම ඩෙන්මාක් තාක්ෂණයෙන් යුත් කිරි පිටි යන්ත්‍රාගාරය (දිනකට කිරි ලීටර් 320 000 ක් නිශ්පාදනයට එක් කල හැකි) වසර කිහිපයකට ඉහතදී ඉදිකිරීමත් සමගම අතීත දත්ත සලකා බැලීමේදී මේ ආයතන දෙකේම දායකත්වය උපරිමය දායකත්වය 22% ක් වැනි අගයක පවතිනවා...මේ දායකත්වය 42% උපරිමයට යන්න නම් තවත් මේ ආයතන දෙක දිනකට කිරි ලීටර් ලක්ශ 4 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගත යුතුයි....මෙය ලේසි පහසු කටයුත්තක් නොවේ..
මේ දේශීය කිරි පිටි වල ගුණාත්මකභාවයේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ අපේ දේශීය ඉස්තරම්ම දේවල්. විශේෂයෙන් හයිලන්ඩ් ආයතනය මේ වෙනකොට ඔවුන්ගේ කිරි එකතු කිරීමේ විශිෂ්ඨ වැඩපිලිවෙල තව දුරටත් ශක්තිමත් කරන්න පටන්ගෙන..
ඇත්තටම කිරි පිටි කියන්නේ කිරි ද ? උත්තරයක් දීමට තරමක් අසීරුයි. නමුත් කිරි පිටි සහ නැවුම් එල කිරි කියන්නේ ඇත්තටම ප්‍රභේද දෙකක්..මේ කිරි පිටි නිශ්පාදනයේ අතීතය 1832 වැනි ඉතා ඈත අතීතයකට උරුමකම් කියනවා. ඉක්මනින් බැක්ටීරියා ක්‍රියාකාරීත්වයට ලක්වෙන කිරි කල් තබා ගැනීමේ ක්‍රමවේදයක් ලෙසටයි මේ කිරි පිටි ලෝකයට හදුන්වා දෙන්නේ. නමුත් එසේ කිරි පිටි වලින් සාදා ගන්නා කිරි සහ නැවුම් එලකිරි අතර පෝෂණ ගුණයෙහි සෑහෙන වෙනස්කම් පවතිනවා. කිරි පිටි වල නොයෙක් ප්‍රභේද තියනවා... අපේ රටේ බහුලව භාවිතා කරන්නේ සම්පුර්ණ යොදය සහිත කිරි පිටි (Full Cream Milk Powder) සහ මේද රහිත කිරි පිටි (Skim Milk Powder) කියන ප්‍රභේද දෙක..යම් ප්‍රභේදයක් සැලකූ විට එය නිශ්පාදන ක්‍රියාවලිය ලොව ඕනෑම තැනක එකම ආකාරයක් ගන්නවා. පොඩි වෙනස්කම් දකින්න පුලුවන්. ඒත් මූලධර්ම සියල්ල එක හා සමානයි.
නිශ්පාදන ක්‍රියාවලිය සැලකීමේදී ඉතරම්ම දේවල් යයි පැවසුවාට මේ කිරි පිටි වල පෝෂණ ගුණය ඉතාමත් පහල අගයක පවතින බව අවිවාදයෙන් පැවසිය යුතුය. . කිරි පිටි නිෂ්පාදනයේදී විසිර වියලනයේදී යොදා ගනු ලබන සෙල්සියස් අංශක 170-190 පමණ වූ උණුසුම් වායු ධාරාවකට නිරාවරණය වීමේදී එහි ඇති ප්‍රෝටීන බොහෝමයක් විනාශ වීමත් සමගම (Protein Denaturation) ගුණාත්මකභාවය ඉතාමත් දරුණු ලෙස පහතට වැටෙනවා. මේනිසා එල කිරි වල ගුණාත්මකභාවය සමග සැසදීමේදී කිරි පිටි ඉතා පහල මට්ටමක පවතිනවා. කල්තබා ගැනීමේ කාලය අඩු පාස්චරිත කිරි, ප්‍රමිතිගත කිරි වැනි දෑහි ගුණාත්මකභාවය එල කිරි තරම් නොවූවත් කිරිපිටි වලට වඩා ඒවායේ ගුණාත්මකභාවය බොහොම වැඩියි. නමුත් ඒවා පානය කිරීමෙන්ද ඔබට අවශ්‍ය ප්‍රතිපල ලබා ගත හැකි වේ යයි සිතීම අනුවණ කමකි.
කිරි පිටි නිශ්පාදන්යේදී කිරි යන්ත්‍රාගාරයට ගැනීමට ප්‍රථම ඒවා ප්‍රමිති කරණය කල යුතුයි. මොකක්ද මේ ප්‍රමිති කරණය. ඔබ භාවිතා කරනු ලබන සම්පුර්ණ යොදය සහිත කිරි පැකට්ටුවක් අරගෙන බලන්න. එහි මේදය උපරිමය බර අනුව 26% -28%ත් අතර අගයක පැවතිය යුතුයි. ඒ වගේම මේදය නොවන ඝන ද්‍රව්‍ය 71% ක් සහ උපරිමය තෙතමනය 3% ක් පවතින්න පුලුවන්... තෙතමනය වැඩි තරමට නිශ්පාදකයාට වාසි සහගතයි. නමුත් 3% ඉක්මවූ විට කිරි පිටි කෙටි කලක් තුල ගල් වීමට පුලුවන්. මේ නිසා ඔවුන් 3% තෙතමනය කිරි පිටි වල පවත්වා ගන්නවා.. එතකොට කොහොමද මේ මේදය පාලනය කරන්නේ...නිශ්පාදකයා කවදාවත් 28% මේද ප්‍රමාණයක් කිරි පිටි වල තබා ගන්නේ නෑ... එහෙම උනොත් ඔහුට බටර් නිශ්පාදනයට යොදා ගත හැකි මේද 2% කින් අඩු වීමෙන් ඔහුට ලැබෙන ලාභය අවම වෙනවා. කිරි පිටි වල තිබිය යුතු මේද නොවන ඝන ද්‍රව්‍ය ප්‍රමාණය සහ මේදය අතර අනුපාතය 71/26 = 2.73 අගයක් ගන්නවා.. මේ අනුපාතය අපි එල කිරි වලත් සකසා ගන්න ඕනේ...මොකද නිශ්පාදන ක්‍රියාවලියේදී අපි කිසිවක් බාහිරෙන් එකතු කරන්නේ නැහැ.. ජලය පමණයි ඉවත් වන්නේ. මේ නිසා මේ අනුපාතයට සකසා ගන්න වැඩිපුර මේදය ඉවත් කරන්න අපි කිරි කෙන්ද්‍රාපසාරී උපකරණ තුලින් යැවීමෙන් ක්‍රීම් ලෙස ඉවත් කරනවා..
මේ ක්‍රීම් වල 40% ක් බර අනුව මේදය පවතිනවා. ඉතුරු සියල්ලම වාගේ මේද නොවන ඝණ ද්‍රවය සහ ජලය අඩු ප්‍රමාණයකුත් තිබෙනවා. මෙසේ කේන්ද්‍රාපසාරී උපකරණ තුලින් යවා ප්‍රමිතිගත කල කිරි තමයි සම්පූර්ණ යොදය සහිත කිරි පිටි වලය යොදා ගන්නේ... මෙහි මේදය සහ මේද නොවන ඝන ද්‍රව්‍ය එකතුව බර අනුව 11.5% ක් වැනි අගයක් ගන්නවා. ඉතිරි 88.5% ම ජලය.
අපේ රටේ මේ ක්‍රීම් වලින් බටර් නිපද වෙනවා... ක්‍රීම් වල 40% ක් ඇති මේදය 82% ක් පමණ වන තුරු බටර් චර්නර් තුල භ්‍රමණය කිරීමෙන් සාන්ද්‍ර (Agglomerate) කරනවා.මෙහිදී මේදය එකට එකතු වීමත්, මේද නොවන ඝන ද්‍රව්‍ය දියරයක් ලෙස වෙනමත් වෙන් කර ගන්නවා. මෙම විශේෂ දියරය බටර් මිල්ක් ලෙස හදුන්වනවා... මෙය ඇත්තටම අධි පෝශණ ගුණයෙත් යුත් කිරි පිටි නිශ්පාදනයට යොදා ගන්නවා. මේවා මිලෙන් ඉතාම අධිකයි. මේ රටේ අපි මේ කිරිපිටි නිශ්පාදනය කරන්නේ නැහැ..
දැන් ඔබට ඉතාමත් සරල අවබෝධයක් ලැබෙන්න ඇති මේ රටේ නිශ්පාදන ධාරිතාව වගේම ප්‍රායෝගිකව සැපයීමට හැකි ප්‍රමාණය ගැන.. ඔබට දැන් තේරෙනවා ඇති ඔබ මෙතෙක් සිහින ගැන ගැන සිටි ඕඩරය ඇයි ඔබට නොලැබුනේ කියා...ඔබේ ඔය ඔලුවේ තියන කිරි පිටි මානසිකත්වය ඕනෑවටත් වඩා වැඩි තරම්. කිරි පිටි කියන්නේ අත්‍යවශ්‍ය ආහාරයක් සහ එයින් ඔබට දවසේ වැඩ කිරීමට අවශ්‍ය ශක්තිය ලබා දෙනවා, උදේට කිරි එකක් බිව්වේ නැතොත් දවස ගෙවන්න අමාරුයි කියලා හිතෙනවනම් ඔබ ඇත්තටම ම්ත්‍යාවක් තුලයි ජීවත් වෙන්නේ..මිත්‍යාවෙන් මිදිලා අවබෝධයෙන් දේශීය කිරි පිටි පරිභෝජනය කරන්න...එතකොට මේ බොරු තරගය ජනතාව අතරින් නිකම්ම නැතිවෙලා යාවි
Facebook post link