හර්නියා_ගැන

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    හර්නියාවක් යනු කුමක්ද?

    Epigastric-hernia.jpg


    මිනිස් සිරුරේ විවිධ ස්ථානවල අභ්‍යන්තරිකව තිබෙන ශරීර කොටස් සිරුරේ තවත් දුර්වල ස්ථානයකින් පිටතට නෙරා ඒම හර්නියාවක් ලෙස හඳුන්වනු ලබනවා. හර්නියා යන වචනය ඇසූ විට බොහෝ දෙනෙකුගේ සිතට එන්නේ පිරිමින්ගේ වෘෂණ කෝෂ විශාල වීමයි.

    එය බහුලව දක්නට ලැබෙන හර්නියා තත්ත්වයක් වුවත් ‘හර්නියා’ ලෙස හඳුන්වන්නේ පිරිමින්ට ඇතිවන එම රෝගී තත්ත්වය පමණක්ම නොවේ. එම රෝග තත්ත්වය සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වන්නේ “අණ්ඩවාතය” නමින්. හර්නියා (Hernia) ලෙස හඳුන්වනු ලබන රෝග තත්ත්වයේ ප්‍රභේද කීපයක්ම තිබෙනවා.

    එමෙන්ම පිරිමින් පමණක් නොව කාන්තාවන් ද ‘හර්නියා’ රෝගයට බහුලව ගොදුරු වෙනවා. මිනිස් සිරුරේ විවිධ ස්ථානවල හර්නියාවන් ඇති වුවත් බහුලව දක්නට ලැබෙන්නේ උදර කුහරය ආශි‍්‍රතව ඇතිවන ‘හර්නියා’ තත්ත්වයන්. උදර කුහරයේ යම් යම් දුර්වල ස්ථානවලින් අවට තිබෙන විවිධ ශරීර කොටස් ගමන් කර හර්නියාවක් ඇති වෙනවා. එම ශරීර කොටස් ඇතැම්විට ඉන්ද්‍රියක කොටස් විය හැකියි; ඇතැම්විට අන්ත්‍ර කොටස් විය හැකියි. අද අප මෙහිදී සාකච්ඡා කරන්නේ උදර කුහරය ආශි‍්‍රතන හර්නියා තත්ත්වයන් පිළිබඳව.


    මෙසේ ‘හර්නියා’ වන් ඇතිවීමට බලපාන කරුණු මොනවාද?


    උදර කුහරය ආශි‍්‍රතව ඇතිවන හර්නියාවන් ප්‍රධාන වශයෙන් ම කොටස් දෙකකට බෙදා දැක්විය හැකි වෙනවා. ඒ; බාහිරව ඇතිවන (දැකගත හැකි) හර්නියා සහ සිරුර අභ්‍යන්තරයේ ඇති වන හර්නියා වශයෙන්. උදර කුහරයේ පීඩනය නොයෙකුත් හේතු නිසා ඉහළ යාම, උදර කුහරය ආශි‍්‍රතව හර්නියා ඇතිවීමට හේතුවන ප්‍රධානතම සාධකය වෙනවා. එහිදී උදර කුහරයේ දුර්වල ස්ථානයකින් බඩවැල් සහ ඒ ආශි‍්‍රත කොටස් ඒවා ආවරණය කරන බිත්තියෙන් පිටතට නෙරා එනවා. මෙසේ බාහිරව දැකගත හැකි හර්නියා වර්ග කීපයක්ම තිබෙනවා. Direct Inguinal Hernia එක් වර්ගයක්.

    මෙහිදී අභ්‍යන්තරිකව පිහිටි අන්ත්‍ර ආශි‍්‍රත කොටස් යටි බඩේ දුර්වල ස්ථානයකින් ඉදිරියට නෙරා, සමට යටින් හර්නියාවක් ලෙස දිස්වෙනවා. In direct Inguinal Hernia නම් තත්ත්වය බාහිරව දැකගත හැකිවන අනෙක් හර්නියා රෝග තත්ත්වයයි. මෙහිදී වෘෂණ කෝෂවල සිට එන නාල උදර කුහරයට ඇතුළුවන ස්ථානයේ (බිත්තියේ) තිබෙන දුර්වල ස්ථානයකින් පිටතට ගමන් කරනවා. මෙහිදී එම නාල වෘෂණ කෝෂ තුළට කිඳා බැසීම නිසා වෘෂණ කෝෂ විශාල වීමක් සිදුවෙනවා. ඉහත සඳහන් කළ හර්නියා තත්ත්වයන් දෙක බහුලව ඇති වන්නේ පිරිමින්ට.

    hernia.jpg


    එසේම මෙහිදී සඳහන් කළ Direct Inguinal Hernia නම් තත්ත්වය වයස්ගත වීමත් සමඟ ඇතිවීමේ ප්‍රවණතාව වැඩි වන අතර Indirect Inguinal Hernia නම් තත්ත්වය තරුණ වයසේ උදවියට පවා පහසුවෙන් ඇතිවීමේ හැකියාව තිබෙනවා..මළපහ කිරීමේදී දිගු වේලාවක් තැටමීම, මළ බද්ධය, අවශ්‍ය තරම් ජලය පානය නොකිරීම, දුම්පානය වැනි හේතු ද හර්නියා ඇතිවීමට හේතු වෙනවා.

    බාහිරව ඇතිවන තවත් හර්නියා විශේෂයක් ලෙස Femoral hernia නම් රෝග තත්ත්වය දැක්විය හැකියි. මෙය බහුලවම ඇති වන්නේ කාන්තාවන්ට. එයට හේතුව වන්නේ කාන්තාවන්ගේ උකුල් අස්ථි පළල් වීමයි.

    මෙය Direct Inguinal hernia තත්ත්වය තරම් දරුණු නොවූවත් වේදනාව සහ අපහසුව වැඩි වන්නේ නම් නිසි ප්‍රතිකාර කළ යුතු වෙනවා. Umbilical Hernia නම් තත්ත්වය පෙකණිය ආශි‍්‍රතව ඇති වන්නක්. මෙහිදී ඇතිවන හර්නියාවේ ප්‍රමාණය සෙන්ටි මීටර් 1 ක් හෝ 2 ක් පමණ වේ නම් එය බරපතළ තත්ත්වයක් නොවේ. හර්නියාවේ ප්‍රමාණය ඊට වඩා විශාල නම් වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි. එමෙන්ම පෙකණිය ආශි‍්‍රතව උදර බිත්තියේ ඇතිවන තවත් හර්නියා විශේෂයක් තිබෙනවා. එය හඳුන්වන්නේ Para umbilical hernia යනුවෙන්. මෙහිදී රෝගියාට ඇතිවිය හැකි බලපෑම සහ ප්‍රතිකාර ක්‍රමය තීරණය වන්නේ හර්නියාව නෙරා ඇති ප්‍රමාණය අනුවයි.

    උදර කුහරය ආශි‍්‍රතව ඇති අඩුපාඩු නිසා මෙන්ම උදර කුහරය ආශි‍්‍රතව කරනු ලබන ශල්‍යකර්ම නිසාද ඇතැමෙකුට හර්නියා ඇතිවිය හැකියි. Incisional Hernia ලෙස හැඳින්වෙන්නේ එවන් හර්නියා විශේෂයක්.

    උදර කුහරය ආශි‍්‍රතව කිසියම් ශල්‍යකර්මයක් සිදුකළා යැයි සිතන්න. ඇතැමෙකුට ශල්‍යකර්මය ආශි‍්‍රතව ඇතිවන තුවාල සුව වීමෙන් පසුව එහි දුර්වල ස්ථානයක් ඇති විය හැකියි.

    එහිදී උදර කුහරයේ ඇති අන්ත්‍ර කොටස් දුර්වල ස්ථානයෙන් පිටතට නෙරා පැමිණ මෙවන් හර්නියාවක් ඇතිවීමට ඉඩ තිබෙනවා. මෙහිදී ඇතිවන හර්නියාවේ ප්‍රමාණය ඉතා කුඩා නම් විශාල බලපෑමක් ඇතිවීමට ඉඩක් ඇත්තේ නෑ. හර්නියාව විශාල එකක් නම් නැවත ශල්‍යකර්මයක් සිදු කළ යුතු වෙනවා.


    සිරුරේ අභ්‍යන්තරයේ ඇතිවන “හර්නියා” තත්ත්වයන් මොනවාද?

    ප්‍රධාන වශයෙන්ම මෙහිදී හර්නියා තත්ත්වයන් දෙකක් දැකගත හැකි වෙනවා. ඉන් එකක් හැඳින්වෙන්නේ Diaphragmatic Hernia නමින්. මෙය මහා ප්‍රාචීරය වර්ධනයේ සිදුවන දුර්වලතාව නිසා ඇති වන්නක්. මෙහිදී සිදුවන්නේ උදර කුහරයේ තිබෙන අන්ත්‍රවල කොටස් සහ විවිධ ඉන්ද්‍රිය කොටස් උරස් කුහරය තුළට නෙරා යාමයි. මෙම තත්ත්වය දරුවකු බිහිකිරීමට පෙර මව් කුස තුළදීම හඳුනාගත යුතු වෙනවා. එසේ හඳුනාගතහොත් දරුවා ඉපදුණු විගස ශල්‍යකර්මයක් මඟින් නිවැරැදි කළ යුතුයි. එසේ නොවුණහොත් ජීවිතයට හානි වීමට ඉඩ තිබෙනවා.

    Epigastic Hernia ලෙස හැඳින්වෙන්නේ සිරුර අභ්‍යන්තරයට ඇතිවන තවත් හර්නියා විශේෂයක්. මෙහිදී සිදුවන්නේ උදර කුහරය තුළට ගලනාළය ඇතුළුවන ස්ථානයේ ඇති හිඩැසක් තුළින් ගලනාළයේ පහළම කෙළවර සමඟ ආමාශයේ කොටස් උරස් කුහරය දෙසට ගමන් කිරීමයි. මෙම හර්නියා තත්ත්වය ඕනෑම වයසකදී මතුවිය හැකියි. මෙහිදී ආමාශයික කොටස් නිතර නිතර ගලනාළය තුළට ඇතුළුවේ නම්, ගලනාළයේ තුවාල, අමාශයික තුවාල, නිතර නිතර ඇතිවන ගැස්ට්‍රයිටිස් තත්ත්වය ආදිය තබේ නම්, වහාම වෛද්‍යවරයකු හමුවීම සුදුසුයි.


    හර්නියා සැත්කම

    ”හර්නියාව“ ව කිසිසේත්ම නොසලකා සිටිය යුතු රෝග තත්ත්වයක් නොවේ. බාහිරව දැක ගත හැකි වන හර්නියාව පහසුවෙන් හඳුනාගත හැකි වන අතර සිරුර අභ්‍යන්තරයේ ඇතිවන හර්නියා හඳුනාගැනීම තරමක් අපහසුයි. කෙසේ හෝ යටි බඩ ප්‍රදේශයේ හෝ ශරීරයේ වෙනත් ස්ථානයක කිසියම් නෙරා ඒමක් ඇත්නම්, කහින විට වේදනාවක් ඇතිවෙයි නම්, වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි. අන්ත්‍ර කොටස් වලින් හර්නියාවක් නිර්මාණය වී ඇත්නම්, එම අන්ත්‍ර කොටස් කලක් සිරවී තිබෙන විට ඒවාට රුධිර ගමන ඇනහිට ඒවා නරක් වීමට පටන් ගන්නවා. එය බරපතළ තත්ත්වයක්.

    ඒ නිසා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමයි වඩාත් සුදුසු. එමෙන්ම ඉහත රෝග තත්ත්වයේදී අන්ත්‍රයේ එක්රැස් වන විෂබීජ වර්ග රුධිරයට එකතු වුවහොත් එය රෝගියාගේ ජීවිතයට බලපෑමක් එල්ල කිරීමට ඉඩ තිබෙනවා.

    හර්නියාවක් ඉවත් කිරීමට ඇති ප්‍රධානතම ප්‍රතිකාර ක්‍රමය වන්නේ ශල්‍යකර්මයක් සිදු කිරීමයි. සුදුසුකම් ලත් ශල්‍යවෛද්‍යවරයකු ලවා මෙම ශල්‍යකර්මය සිදුකරවා ගැනීම ඉතා වැදගත්. ශල්‍යකර්මයෙන් අනතුරුව වෛද්‍ය උපදෙස් අනුගමනය කිරීම ඉතා වැදගත්. අඩු තරමින් ශල්‍යකර්මය සිදුකොට මාස තුනක් පමණ ගතවන තුරු කය වෙහෙසා වැඩ කිරීම, අධික ලෙස බර එසවීම ආදිය නොකළ යුතුයි. එම වෛද්‍ය උපදෙස් පිළි නොපැදීමේ ප්‍රතිඵලය වන්නේ් නැවත හර්නියා තත්ත්වයකට මුහුණ දීමට සිදුවීමයි. එබැවින් වෛද්‍ය උපදෙස් පිළිපැදීම ඉතා වැදගත්.

    හර්නියා සැත්කම ඉතා සුළු සැත්කමකි. රෝගියාට බොහෝ විට සැත්කම කළ දිනයේදීම නිවෙසට යා හැකිය.
    එය බොහෝ විට කොන්දෙන් පහළ ප්‍රදේශය නිර්වින්දනය කර සිදු කරනු ලබන අතර රෝගියා අවදියෙන් සිටිනු ලබයි. මෙහිදී ඔබට කිසිදු වේදනාවක් නොදැනේ. මෙය සම්පූර්නයෙන් සිහි නැති කර කරනු ලබන ශෛල්‍යකර්ම වලට වඩා ඉතා ආරක්ෂිත ක්‍රමයකි.

    මෙම සැත්කම අවසානයේදී කෘත්‍රිමව සාදනු ලැබූ දැළක් හර්නියාව පැවති ස්ථානයට ඇතුළු කරනු ලබයි. එමඟින් එම ස්ථානයෙන් යළිත් හර්නියාවක් ඇති වීම වලක්වනු ලබයි. මෙය ඉතා සාර්ථක සැත්කමක් වන අතර සැත්කමෙන් පසු හර්නියාවක් නැවත ඇති වීමේ හැකියාව 1-5% වැනි ඉතා සුළු ප්‍රතිශතයකි.
    සැත්කම සිදු කිරීම හේතුවෙන් අතුරු ආබාධ කීපයක් ඇති විය හැකි නමුත් මේවා ඉතා කලාතුරකින් සිදු වේ. ඒවා පහත දැක්වේ.
    ලේ කැටියක් ඇති වීම.

    සැත්කම සිදු කළ ස්ථානය ආසාධනය වීම.

    වෘෂණ කෝෂ වලට රුධිරය සපයන රුධිර නාළ වළට හානි සිදු වීම.

    ස්නායු හානියක් නිසා සැත්කම සිදු කළ ස්ථානයේ කාලයක් පවතින වේදනාව.

    සැත්කමෙන් පසු සැත්කමෙන් පසුව ඔබට වමනය, ඔක්කාරය නොමැති නම් දියර වර්ග පානය කිරීම ආරම්භ කරන්න.

    උදරයේ ඇතිවන වේදනාව සාමාන්‍යය දෙයකි. ඒ සඳහා ඔබට අවශ්‍ය කරන වේදනා නාශක වාට්ටුව තුලදී ලබා දෙනු ඇත.

    සැත්කම සිදු කර දිනකට පසුව ඔබට ස්නානය කළ හැක.

    සැත්කමෙන් පසු ඔබ මළ බද්ධයෙන් තොර වීම ඉතා වැදගත් ය. ඒ සඳහා ඔබ තන්තු බහුල ආහාර වේලක් ගැනීම ඉතා වැදගත් ය. එමෙන්ම අවශ්‍ය පරිදි ජලය පානය කිරීම ඉතා වැදගත් වේ.
    දිනකට විනාඩි 30ක් පමන ඇවිදින්න. ක්‍රමයෙන් ඔබගේ ක්‍රියාකාරිත්වය වැඩි කරන්න.

    සැත්කම සිදු කර දින 5ක් පමණ ගත වන තෙක් වාහන පැදවීමෙන් වළකින්න.

    සැත්කමෙන් පසුව දුම් පානය නොකළ යුතු ය.



    Hernia Surgery Medical Animation