හර්ෂ ද සිල්වා සුවසරියට පන දෙයි

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ මෙරට තිබෙන ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය නිසා 1990 සුවසැරිය පවත්වාගෙන යාම දැඩි අසීරුතාවයකට පත්වී තිබීම නිසා 1990 සුවසැරිය නිර්මාතෘ, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඉන්දියානු රජයෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්ද (03) කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් සුවසැරිය සඳහා ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කළේය.

    මෙම පරිත්‍යාගය ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සිදුකළ අතර මෙම අවස්ථාවට 1990 සුවසැරිය නිර්මාතෘ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, සුවසැරිය පදනමේ සභාපති දුමින්ද්‍ර රත්නායක මහතා, සුවසැරිය ප්‍රධාන විධායක නිළධාරී සොහාන් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් සහභාගී විය. මෙහිදී, අදහස් දක්වමින් 1990 සුවසැරිය නිර්මාතෘ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේ පැවසීය.

    “පවතින ආර්ථික අර්බුදය නිසා සුවසැරිය පවත්වාගෙන යාම ඉතාමත් අපහසු වී තිබෙනවා. අපි අමාරුවෙන් ආරම්භ කරපු මේ ජනතාවාදී සේවාව නතර කරන්න දෙන්න බෑ. ඒ නිසා, මම සුවසැරියට අවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලබාදෙන ලෙස ඉන්දීය රජයෙන් ඉල්ලා සිටියා. එයට යහපත් ප්‍රතිචාර දැක්වීම ගැන මම ඉන්දීය රජයට ස්තූතිවන්ත වෙනවා. සුවසැරිය ආරම්භ කිරීමට සහයෝගය දුන්නෙත් ඉන්දියාව. මීට අමතරව, සුවසැරියට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන්කරන ලෙස මා පසුගියදා කෝප් කමිටුවේදී මහා භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියා. එයටත් යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි මා විශ්වාස කරනවා.”

    – Media unit
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    lot of people had forgotten that GMOA was against this .
    Dr. Padeniya organized strikes and even Drivers and Nurses strike against this Ambulance Donation.
    We nearly lost this due to Social Media and negative publicity given by all media including print, electronic which created this as RAW intelligence gathering.
    It was similar to MCC grant of over 800 million (higest ever Grant by any country) which we lost due to AKD, Tilvin and Wimal and Padeniya and lot.
    These are the Crimes!
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,907
    9,710
    113
    ගෝටා ජනපති වෙලා දවසක් ගියාට පස්සේ හර්ෂ ද සිල්වා ගෝටට කෝල් කරල කරපු ඵකම ඉල්ලීමත් සුවසැරිය නවත්තන්නෙ නැතුව දිගටම කරන් යන්න කියපු ඵක..