හරිනිගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින්, රජයේ පාසලක ඉගෙන ගන්න අවුරුදු 11 ක දරුවෙක් ඉගෙන ගන්නා විද්‍යාව විෂය කරුණු
Vs
ශ්‍රී ලංකාවේම අවුරුදු 11 ක, ජාත්‍යන්තර පාසලකට යන දරුවෙක් ඉගෙන ගන්නා විෂය කරුණු.
එකම රටක් - ඉරණම් දෙකක්.
රජයේ පාසල් වල දරුවො මොන්ටිසෝරි මට්ටමේ දේවල් ඉගෙන ගනිද්දි, ජාත්‍යන්තර පාසල් දරුවො එයට සාපේක්ෂව ඉතාම සංකීර්ණ විෂය කරුණු ඉගෙන ගන්නවා.
දැන් ශ්‍රී ලංකාවේම ජාත්‍යන්තර පාසල් වල ඉගෙන ගන්නා, අපේම දරුවන්ට අනුර, හරිනි කියන පීඩනය නැත්ද ?
ඇයි එක සමාජ කුලකයක දරුවන්ගේ පීඩනය විතරක් ඉවත් කරන්න උවමනා ?
ඇයි ජාත්‍යන්තර පාසල් වලට ළමයි යවන දෙමාපියො සල්ලිත් වියදම් කරලා තමන්ගේ දරුවන්ට පීඩනයකුත් දෙන්න හදන්නේ ?
දියුණු රටවල් වල දරුවන්ට පීඩනය නෑ කියලා පට්ටපල් බොරුවක් අනුර, හරිනි ලා ඇතුළු නඩය කියනවා.
එහෙනම් 'දියුණු' රටවල සිලබස් මේ තරම් සංකීර්ණ ඇයි?
අපේ දරුවො විකාර කරද්දි ඒ දරුවො රොබොටික්ස් පවා ඉගෙන ගන්නවා.
දැන් රජයේ පාසල් වල දරුවන්ගෙන් පීඩනය අයින් කරන්න කියලා, විෂය කරුණු කප්පාදු කරලා ඒ දරුවො මොට කිරීමට කවුද වග කියන්නේ ?
මේ කරන්නේ වෙන දෙයක් නෙවෙයි.
මේ ප්‍රතිසංස්කරණය අවුරුදු තුන හතරක් ක්‍රියාත්මක වුනොත්, දෙමාපියන්ට මේ වෙනස තේරෙනවා.
මේක සමාජය ඉගෙන ගන්නවා. දරුවන් දෙපිරිස අතර පැහැදිලි වෙනස පෙනීමට ගන්නවා.
ඊටපස්සේ අම්මලා තාත්තලා ශිෂ්‍යත්වය වෙනුවෙන් නැහෙන්නේ නැහැ.
මොකද ජනප්‍රිය රජයේ පාසල් වුනත් වැඩක් නැති වෙනවා. ඒවායේ උගන්නන්නෙත් මේ මොඩියුල්මනේ.
තවදුරටත් 'එලීට්' පාසල් වෙන්නේ රජයේ / අර්ධ රාජ්‍ය පාසල් නෙවෙයි.
අලුත් එලීට් ඉස්කෝල වෙන්නේ ජාත්‍යන්තර පාසල්.
අම්මලා තාත්තලා ගෙවල්, ඉඩම් උකස් කරලා හරි ළමයි ඉන්ටර්නැෂනල් ස්කූල් වලට දානවා.
එහෙම බැරි පිරිසකුත් ඉතිරි වෙනවා.
ඊටපස්සේ ඔවුන් වෙනුවෙන් බජට් ෆ්‍රෙන්ඩ්ලි ඉන්ටර්නැෂනල් ස්කූල්ස් හැදෙනවා. ඒවා අර පාසල් තරම්මම 'හොඳ' නැහැ.
ඒවා CIS, ගේට්වේ, ලයිසියම්, TOSC මට්ටමේ නැහැ.
එතන ඉඳන් ඇත්තම රටේ එලීට් ස්කූල්ස් වෙන්නේ CIS, ගේට්වේ, TOSC මට්ටමේ පාසල්.
එලීට් ස්කූල්ස් වලට යන්න පුලුවන් එකම සාධකය මුදල් වෙනවා.
මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ අවසාන ප්‍රතිඵලය ඒක.
මේ සැබෑ ලෙසම නිදහස් අධ්‍යාපනයේ අවසානය. මේක බඩී.නෙට් වලට වඩා ගොඩක් දරුණු අර්බුධයක්.
හැබැයි මේ කතාව තේරුම් අරන් ඉන්න පිරිස අඩුයි. සාකච්ඡාවට ලක්වෙන්නෙත් අඩුවෙන්.


ඊයා