රනිල් කියන්නේ අඩුපාඩු තිබුනත් මහින්දට විකල්පයක්. සජිත් කියන්නේ පුංචි මහින්ද කෙනෙක්. එතින් මහින්ද "මහින්ද" විදියට වැඩේ හොදට කරගෙන යනවා. මිනිස්සුන්ට මහින්දගෙන් පස්සේ ඕන විකල්පයක් මිසක් තවත් මහින්ද කෙනෙක් නෙවි. කොහොමද රුක්මන් සේනානායක?
මචං උඹෙන් ප්‍රශ්නයක් අහන්නම් ඊට කලින් කියන්න දෙයක් තියේනවා ඒ - රනිල් න්‍යායාත්මක පොරක් භාවිතයේදි අසාර්ථකයි ඒක පිළිගන්නවා. ඒත් හොද වැඩ්ඩෝ ඉන්නවානම් එජාපය ගොඩදාන්න පුළුවන් හරියට ගාමිණි අතුකෝරාල වගේ පොරවල්.
දැන් ප්‍රශ්නේ අහන්නම් දයාසිරි වේවා එ.ජා.පයේ වෙන ප්‍රසිද්ධ මන්ත්‍රීවරයෙක් වේවා, රනිල්ට බැන බැන ඉන්නේ නැතිව පළාත් සභාවකට හරි නගර සභාවකට හරි ඡන්දෙට ඉදිරිපත් වෙලා දිනවලා පෙන්වන්න ඉදිරිපත් වෙන්නේ නැත්තේ ඇයි? හිතපන් සජිත් හරි දයාසිරි හරි වයඹ හෝ මහනුවර ඡන්දේ ඉල්ලලා දිනලා දැන් රනිල් තෝ හිටියා ඇති පල කියන්න පුළුවන්නේ. ඒක කරන්නේ නැත්තේ මහින්ද ඉන්නකන් කවුරැ ආවත් දිනන්න බෑ කියන එක දන්නවා. කබ්බෝ බස්සලා රැලි හදන්න බෑ, ජනප්‍රිය අය නොන්ඩි වෙන්න ඉදිරිපත් වෙන්නෙත් නෑ ඉතින් කවදාවත් එ.ජා. පක්ෂයට ගොඩඑන්න බෑ. ඉතින් ලේසිම දේ තමයි රනිල්ට බැන බැන දෑත ශක්තිමත් කරන්න පනින එක.




අපි බොහොම අන්ත පරාජයක් ලැබුවා වයඹ සහ මධ්‍යම පලාත් වලින්. මිනිස්සු අපිට චන්දෙ දෙන්නේ නෑ. ආණ්ඩුවට බැනලා ,මඩ ගහලා කරන දේශපාලනය අර්ථශුන්‍යයි.ඒකෙන් වෙන්නේ ආන්ඩුව ශක්තිමත් වෙන එක.අපි වරදවල් පෙන්නුවාම උන් ඒවා හදාගන්නවා හෝ ඒවගේ බලපෑමට පිලියම් කරනවා.ඒක නිසා වැරදි කරන්න දීලා නිශ්ශබ්දව ඉන්න එක තමයි නුවනක්කාරම වැඩේ. ලයිට් බිල වැඩි කරාම ඒකට කෑගහලා,පොල්ගෙඩිය වැඩි කරාම ඒකට කෑගහලා පෙලපාලි ගිහින් වැඩක් නෑ.අපි කරන්න ඕන කටවහගෙනම ඉන්න එක. මිනිසුන් තුල ඇතිවෙන කෝපය අපි කෑගැහුවම පෙලපාලි ගියාම නිවෙනවා. කොහොම වුනත් හිතේ අමාරුවට කවි දාහක් විතර හිතට එනවා.ඒ වුනාට ඒවා ලියන්නවත් හිතෙන්නේ නෑ.ඒතරම් දේශපාලනය සහ චන්ද දායකයන් මට එපාවෙලා ඉන්නේ.මිනිස්සු අපිට සලකන්නේ නෑ.අපි කියන ඒවා අහන්නේ නෑ.එයාලට අපිට උදව් කරලා නෑ.අර මිනිහටම කතිරේ ගහනවා. මේ ආන්ඩුවටම දෙනවා.අල්ලනවා.















උබට වෑරදුනු තෑන එතන මචන් රනිල් මහින්දට විකල්පයක් නෙමෙයි බන්.
අනික රනිල් මහින්දට විකල්පයක් නම් මිනිස්සු මෙච්චරකල් බලන් ඉන්නෙ නෑ බන්.
මහින්දට විකල්පයක් තාමත් රටේ නෑ.විකල්පයක් හදන්නත් ලේසි නෑ.
රිදිලා - හොදටම රිදිලා
කට උත්තර නැති වෙන්න බඩු හම්බ වුනාට පස්සෙවත් ඇත්ත තේරුම් ගත්ත එක හොදා.
ඒනිසා දැන්වත් බොරු ගොත ගොත ගූ කතා නොකියා ඉන්න බලපන්.
එකක් කියන්නම් තවමත් මහින්ද පරාජය කරන්න බැරි කරුණු කීපයක් තියෙනවා. තවම ඒකට හිලව් වෙන්න යමක් කරන්න පුලුවන් ජගතෙක් මේ රටේ නෑ.
1. යුද්ධය ජය ගැනීමට දුන්න දේශපාලන නායකත්වය
2. වෙලේ කුඹුරෙ ගිහින් ගමේ මිනිස්සුන්ගෙ ජීවිත ගැන තියන අත්දැකීම
3. සහලින් සහ එළවලු වලින් රට ස්වයං පෝෂිත කිරීම.
4. රැකියා වියුක්තිය අඩුකිරිම සහ උපාධිධාරීන්ගේ රැකියා පක්ෂය විසදීම.
5. ළමයින්ට ඇති ආදරය සහ එය උන්ගේ අනාගතය ගැන නිතර කතා කිරීම.
6. ශක්කිමත් සහෝදර වලල්ලක් ඔහු වටා සිටීම.
7. හොද කටකාරයෙක් සහ රජ කපටියෙක් වීම සහ නිවටයෙක් නොවීම.
8. මහා සිංහල පෞරුෂය සහ ජාතික ඇදුම.
මේ හැම එකක්ම ගමේ මිනිහාගේ ඡන්දය ලැබෙන ධනාත්මක සාධක.
amasin ..........
amaesin ???????????????
mata pissu wage
anith kattiyath tikak fake wage
වැරදියි. රනිල් විකල්පයක් විදියට කොච්චර සාර්ථකද කියන එක වෙනම කතාවක්. එත් රනිල් කියන්නේ විකල්පයක් මතවාදීව. (1) 13+ සම්බන්දයෙන් (2) රටේ ජනවාර්ගිකප්රශ්නය ගැන (3) ආර්ථික පිළිවෙත (4) විදේශ සම්බන්දත............... රනිල් සහ මහින්ද දරන්නේ සම්පුර්ණයෙන් වෙනස් අදහස්