උනුත් ඔච්චරම් තමයි බන්. බලපන් තමිල්නාඩුව දිහා, උන් ලංකාවේ දෙස්පාලුවොන්ටත් වඩා මිනිස්සුන්ව කඩේ අරිනවා. ප්‍රාන්තේ හැමදාම පාලනය කරන්නේ දත් හැලිච්ච කලින් නළු නිලියෝ සෙට් එකක්. උන්ගේ සමාජේ අම්බානක කුල භේද වලින් බෙදිලා , සිංහල උන් හොදයි. දැන් බලපන් තව ටික දවසකින් ඔය උතුරේ පත් වෙච්ච උන් සල්ලි අතගාන්න ගත්තම ඔය සිංහ නාද බහින හැටි. සාමාන්‍ය මිනිහ හැමදාම කාට හරි රැවටෙන එක තමා වෙන්නේ .සිංහල, දෙමල මුස්ලිම් භේදයක් නැහැ .
ඔව් බන්, ඒක තමයි මම කිව්වේ.. ඔය ප්‍රතිපත්ති දේශපාලනය ඇත්තක් නෙමෙයි.. ඔය විග්නේශ්වරන් කියන එකා ඔය කරන්න පුලුවන් දෙයක්ද මිනිස්සුන්ට පොරොන්දුවක් හැටියට දුන්නේ.. මිනිහා මිනිස්සුන්ට නොකියා කිව්වා ඊලම ගන්නවා, ස්වයන් නීර්න අයිතිය දෙනවා කියලා.. ඔක ජීවිතේට වෙන වැඩක්ද? නැනේ.. ඌත් ඒක දන්නවා, නමුත් අවස්තාවේ හැටියට ඌ දන්නවා මේක කිව්වොත් චන්දේ ගන්න පුලුවන් කියලා. මිනිස්සු හිතුවා මූ කියන්නෙ ඇත්ත කියලා, ඔක හොදටම තෙරෙනව අර පෙරුමාල් කියන එකා චන්දේ දිනලා එක පැය විතිහතරක් යන්න කලින් ඌ ඊලම කියලා රටකුත් හදලා උන්ට විසා දීලාත් ඉවරයි.. මේ තමා මචන් මනො රාජ්‍ය වලට මිනිස්සු තල්ලු කිරීමේ ප්‍රතිපල..






