හරියටම ප්‍රතිකාර කරනවානම් කුරුළෑවලට මෙන&

shruk khan

Banned
May 31, 2017
1,834
459
0
Fb
හරියටම ප්‍රතිකාර කරනවානම් කුරුළෑවලට මෙන&

හරියටම ප්‍රතිකාර කරනවානම් කුරුළෑවලට මෙන්න එක ප්‍රතිකාරයයි

මෙම කුරුලෑ ඇතිවීම ආයුර්වේදයේ තාරුණ්‍ය පීඩකා එහෙමත් නැත්නම් තරුණ කාලයේ බහුලව ඇතිවිය හැකි සම ආශි‍්‍රත පීඩකා විශේෂයක් වශයෙන් හඳුන්වයි. මෙය වැඩිවියට පත් වීමෙන් පසු ඕනෑම අවස්ථාවකදී ඇති වෙන්න පුළුවන්.

බොහෝ විට මෙය කායික රෝගයක් මෙන්ම මානසිකව වද දෙන තත්ත්වයක් බවටත් පත් වන්නට පුළුවන්.

නමුත් ඉතාමත් සුළු කුරුලෑ අවස්ථාවේ සිට වඩාත් සංකීර්ණ ශල්‍යකර්මවලින් සුව කළ හැකි අවස්ථා බවටත් මෙම කුරුලෑ කියන තත්ත්වය පත් විය හැකියි.

කුරුලෑවලට හේතූන් මොනවාද යන්න විමසා බැලුවොත් ආහාර, ලබාගන්නා වතුර ප්‍රමාණය අඩුවීම, ශරීරයේ උණුසුම වැඩිවීම, නිතර කුණු දූවිලි සහ හිරු එළියට හසුවීම, ඉස්හොරි පැවතීම විවිධ ඖෂධ ප්‍රතිකාර මෙන්ම හෝමෝන වෙනස් වීමත් කුරුලෑ ඇතිවීමට බලපාන්න පුළුවන්.

මෙයට ස්ථිර ප්‍රතිකාර මොනවාද?

ආයුර්වේදයේ මේ සඳහා අභ්‍යන්තර ප්‍රතිකාර මෙන්ම බාහිර ප්‍රතිකාර පද්ධතියකුත් තිඛෙනවා. අභ්‍යන්තරික ප්‍රතිකාර වශයෙන් ගතහොත් දාහය නැති කිරීමට පිත් සමන ඖෂධ, ශරීරය පිරිසුදු කිරීමට ඇතුළතින් ශෝධන ප්‍රතිකාර රුධිරය පිරිසුදු කිරීමට ප්‍රතිකාර මේ සඳහා යොදා ගැනෙයි. ඒ සඳහා කසාය ගුලි කල්ක චූර්ණ යොදනු ලබනවා. බාහිරින් සිදු කරනු ලබන්නේ ඖෂධීය මුහුණු සත්කාරයි.

ඖෂධීය මුහුණු සත්කාරයක් යනු කුමක්ද?

සාමාන්‍ය සමක් ඇති අයට නම් සති තුනකට වරක් හෝ කුරුලෑ අධිකව පවතින සමක් නම් සතියකට වරක්වත් මේ ප්‍රතිකාර කරගැනීම වැදගත් වනවා. මෙහිදී මූලිකවම සම පිරිසුදු කිරීමක් සිදු කළ යුතුයි. මේ සඳහා ඖෂධීය ශාක සාර යොදා ගන්නට පුළුවන්. කොහොඹ, කහ, ලුණුවිල, සාරය වෙනිවැල් ගැට, නුගපොතු, බෝ පොතු, අට්ටික්කා පොතු වැනි ශාකවල සාරය යොදාගෙන බාහිර කුණු දූවිලි මෙන්ම අභ්‍යන්තර සෛල අතර එකතුවන තෙල් සීබම් ආදිය ඉවත් කිරීමේ හැකියාව මේවා සතුයි. ඒ වගේම ක්ෂුද්‍ර ජීවි නාශක ගුණය ද මෙම ඖෂධ සතු වෙනවා.

දෙවැනි අවස්ථාව වශයෙන් ඊට පසු උද්වර්තන ප්‍රතිකාර එසේත් නැත්නම් ස්ක්‍රබ් කිරීම් සිදු කරනවා. ඖෂධීය චූර්ණ ඒ ඒ සමේ ස්වභාවයට ගැළපෙන ලෙස යොදා ගැනීම අනිවාර්යයි. ඉන්පසු එම චූර්ණ සම මත ආලේපකර වෘත්තාකාරව ඇතිල්ලීම කළ යුතුයි. එහිදී මැරුණු සෛල ඉවත් කළ යුතුයි. මේ සඳහා අරළු කුඩු, නෙල්ලි කුඩු, කඩල පිටි ආදිය භාවිත කරන්නට පුළුවන්. මෙහිදී සමේ ස්වභාවය අනුව කළ යුතු ආකාරය වෙනස් වනවා.

උදා - වඩා තෙල් සහිත සමක් නම් ස්ක්‍රබ් කිරීම වැඩි වේලාවක් කළ යුතුයි. අධිකව කුරුලෑ සහිත සමක් නම් මෙම ප්‍රතිකාරය නොකිරීම වඩා සුදුසුයි. සාමාන්‍ය සමක් නම් විනාඩි තුන හතරක් ස්ක්‍රබ් ප්‍රතිකාරය කිරීම සුදුසුයි.

එමෙන්ම තෙවැනි අවස්ථාවේදී අප වාෂ්ප ශ්වේද ප්‍රතිකර්මය සිදු කරනවා. වාෂ්පය ඇල්ලීම සිදු කිරීම මඟින් සමේ සිදුරු ඇරී සමේ අභ්‍යන්තරය බාහිරට නිරාවරණය වෙනවා. මේ අවස්ථාවේදී සමේ පටකවලට හානි සිදුවීමකින් තොරව සම ආශි‍්‍රතව ඇතිවන වයිට් හෙඩ්ස්, බ්ලැක් හෙඩ්ස් ඉවත් කරලීමේ හැකියාව ඇති වෙනවා. මෙහිදී වාෂ්පයට කොහොඹ කොළ, කොහොඹ ගෙඩි, කහ, දෙහි කොළ, දෙහි යුෂ ආදිය යෙදීමෙන් විෂබීජ හරණය සහිතව වාෂ්ප ශ්වේදය භාවිත කළ හැකි වෙනවා. එමෙන්ම හතරවැනි අවස්ථාව වශයෙන් අප මෙම පීඩක සිදුරු මත විශේෂයෙන් පෝෂ”ය ආලේප ගැල්වීමක් සිදු කරනු ලබනවා. මෙහිදී සමේ ස්වභාවය අනුව ආලේපන පැක් වර්ග යෙදීම කළ හැකියි. එමඟින් බලාපොරොත්තු වන්නේ සමට හොඳ පෝෂණයක් සැපයීමයි. එම නිසා පෝෂ”ය ආලේප පැක් වර්ග ලෙස තවරනවා. නමුත් සම ගැන කිසිදු අවබෝධයකින් තොරව මෙවන් දේ භාවිත කිරීම එතරම් සුදුසු නොවේ. සාමාන්‍ය සමකට වැල්මී, කොත්තමල්ලි කුඩු, ලොත් සුඹුල්, වෙනිවැල්ගැට ආදිය යොදාගෙන මෙම පැක් වර්ග භාවිත කළ හැකියි.


:yes:;)