හරියට දාන්න - face mask

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    දානවා නම් හරියට face mask එක දාමු. නැත්තං නොදා ඉන්න එක ඇගට ගුණය .ඊයේ දැකපු අපේ උන්දෙලාගේ Face Masks භාවිතය ...

    1). එක් අයෙක් මාස්ක් එකක් දමා ඇත. නමුත් නහය එලියේ ය.
    2). අනෙකා ගේ මාස්ක් එක නිකටේය.
    3). මාස්ක් එක ලේන්සුවකි. පැයක් පමණ ගිය විට, ගලවා එලියට තිබූ පැත්ත ඇතුලට හරවා නැවත මූණේ බැඳ ගනී.
    4). මාස්ක් එක අතින් පහලට ඇද කතා බහ කරයි. නැවත තිබූ පරිදිම සකසා ගනී.
    5). කතා කරද්දී මාස්ක් එක නිකම්ම බෙල්ලට වැටේ.
    6). කටේ දත් ටිකත් පෙනෙන පරිදි, ගෙදරදී දුහුල් රෙද්දකින් සැකසූ මාස්ක් එකකි.
    7). පට්ට ඝණකම කලිසම් රෙද්දක් දෙපොට දමා තැනූ තවත් mask එකකි. එහි වාතය පැමිණෙන්නේ මාස්ක් එක සහ මුහුණ අතර ඇති අවකාශයෙනි. Filter වෙන කෙහෙල් මලක් නැත.
    8). දුටු පමණින් සිනහ උපදවන සුළු අඟල් 2×1 ප්‍රමාණයේ තවත් මාස්ක් එකකි.
    කටයි නහය යි යන්තමින් වැසේ.
    9). තවත් අයෙක් මාස්ක් එක දමාගෙන නිතර එහි අඩු පාඩු සකසයි.
    10). සර්ජිකල් මාස්ක් එකක් දාගෙන සිටි අයකුගේ Mask එකේ metal wire එක, බෙල්ලේ ය.

    මාස්ක් එක දැමීමට පෙර අත් සේදූ අය සිටියේ 5% ක් පමණය. නිතර නිතර මාස්ක් එක එහෙට මෙහෙට කර සැකසූ කෙනෙක් නැති තරම් ය.

    😠😠😠 මුහුණු ආවරණ නිවැරදිව භාවිතා භාවිතා කිරීමට නොදන්නේ නම්, මුහුණු ආවරණයක් පැළඳීමෙන් වලකින්න.

    #මුහුණු ආවරණ භාවිතා කළ යුත්තේ කවුද?
    ඔබ නිරෝගී නම්, ඔබ මුහුණු ආවරණ පැළඳිය යුත්තේ ඔබ අසල සිටින, 2019-nCoV ආසාදනය ඇති බවට සැක කරන පුද්ගලයෙකු ගැන ඔබ සැලකිලිමත් වන්නේ නම් හෝ එවැනි රෝගියක්ට රැකවරණය දෙන්නේ නම් පමණි.

    #ඔබ කැස්ස හෝ කිවිසුම් යෑමක් ඇත්නම් මුහුණු ආවරණයක් පළඳින්න.

    #මුහුණු ආවරණයක් පැළඳීමට පෙර, ඇල්කොහොල් අත් සෝදනයක් හෝ සබන් හා ජලය සමග අත් පිරිසිදු කරන්න.

    #මුඛය සහ නාසය; මුහුණු ආවරණයෙන් ආවරණය කර, ඔබේ මුහුණ සහ මුහුණු ආවරණය අතර කිසිදු හිඩැසක් නොමැති බවට වග බලා ගන්න.

    #මුහුණු ආවරණයක් භාවිතා කරන විට එය ස්පර්ශ කිරීමෙන් වළකින්න; ඔබ එසේ කරන්නේ නම්, ඇල්කොහොල් අත් සෝදනයක් හෝ සබන් හා ජලය සමග අත් පිරිසිදු කරන්න.

    #මුහුණු ආවරණය තෙත් වූ වහාම එය ඉවත් කර, අළුත් මුහුණු ආවරණයක් පළඳින්න.එකම මුහුණු ආවරණය නැවත නැවත භාවිතා නොකරන්න.

    #මුහුණු ආවරණය ඉවත් කිරීම සඳහා:
    හිස පිටුපසින් එය ඉවත් කරන්න (මුහුණු ආවරණයේ ඉදිරිපස ස්පර්ශ නොකරන්න); එය සංවෘත බඳුනකට වහාම ඉවතලන්න; ඇල්කොහොල් අත් සෝදනයක් හෝ සබන් හා ජලය සමග අත් පිරිසිදු කරන්න.

    Copied from Dr.Shehan Saranga's fb page