හරියට වාඩි වෙන්න

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    හරියට වාඩි වෙන්න

    ඔබ වාඩිවීමේ ඉරියව්ව අනුව ඔබේ පෞරුෂයත්වය ගැන කියවෙන්නේ කුමක්ද?

    hhhm-1.jpg


    මනෝ වෛද්‍ය විශේෂඥයන් විසින් සොයාගෙන ඇති කරුණු වලට අනුව ඔබ වාඩිවන ඉරියව්වෙන් ඔබේ පෞරුෂයත්වය ගැන බොහෝ දේ පවසන්නට පුළුවන්.

    ඔබ වාඩිවන ඉරියව්ව මේ රූපයෙන් තෝරා ඔබේ පෞරුෂයත්වය ගැන කියවෙන දෑ පිළිබදව හොඳින්දැනුවත් වන්න.

    වාඩිවීමේ ඉරියව්ව 1

    "රෑට හොඳට පොරවාගෙන නිදාගත් තොත් රකුසා ආපහු හැරීයාවි !"

    මේ ආකාරයට වාඩිවන පුද්ගලයින් මෙවන් ආකාරයේ නියමයකින් තමයි ජීවත් වන්නේ. මේ කාරණය ඇතැම් අවස්ථාවල දී සුදුසු වුවත් සෑම අවස්ථාවකදීම සුදුසු වන්නේ නෑ. මෙවන් පුද්ගලයින් කා සමගත් කතාබහ කරමින් සිටින්නට කැමැත්ත දක්කවන කිසිම කම්මැලි කමක් නොදක්වන පුද්ගලයින් පිරිසක්. මෙවන් පුද්ගලයින්ට ඕනෑම අමාරු තත්වයක් ලෙහෙසියෙන් ම කළමනාකරණය කරගන්නට පුළුවන්. මොවුන් බොහෝ නිර්මාණශීලී වන අතර මොවුන් සතුව ඇති චාම් ගති පැවතුම් නිසා කුඩා දරුවන් මෙන් ඇතැම් අවස්ථාවලදී හැසිරෙනවා දැකගන්නට පුළුවන්. නිතරම වගේ මෝවුන් පෙර පැවසූ දෙයක් ගැන කණගාටුවට පත්වනවා. :cool:

    වාඩිවීමේ ඉරියව්ව 2

    මෙවන් පුද්ගලයින් නිතරම තමන්ගේ ම ලෝකවල සිහින සමග ජීවත්වන අතර මොවුන් සතුව විශාල පරිකල්පන ශක්තියක් තිබෙනවා. සෑම විටකම නැවුම් සහ ඇති විශිෂ්ඨ අදහස් මොවුන් සතු වනවා. එනිසාම, මොවුන් කිසිවිටකත් කම්මැලි ස්වරූපයකට පත්වන්නේ නෑ. මෙවන් පුද්ගලයින් නිතරම වාගේ අලුත් මිතුරන් මුණගැසෙන්නටත් ලොව වටා සංචාරය කරන්නටත් ප්‍රියතාවයක් දක්වනවා. සෑම සඳුදා දිනයක ම හෝ වසරේ පළමු දින ඔවුන් සිදුකරන මොනයම් හෝ ක්‍රියාවක නව පිටුවක් පෙරලීමට ඔවුන් සමත් වනවා. :dull:

    වාඩිවීමේ ඉරියව්ව 3

    මෙවන් පුද්ගලයින්ට තමාගේ ජීවිතය සැප පහසුවෙන් තමයි ගෙවන්නට අවශ්‍ය වන්නේ. මේ පුද්ගලයින් සාප්පු සවාරි හෝ විවිධ ඇඳුම් පැළදුම් වලින් වඩාත් තෘප්තිමත් නොවුනත් මොවුන් අලුතින් මිලදී ගන්න ක්‍රීම් වර්ගයකින් හෝ සුවඳ විලවුන් වර්ගයකින් තෘප්තිමත් වනවා. මෙවන් පුද්ගලයින් ඇඳුම් පැළදුම් තේරීම සඳහා වැඩි වෙලාවක් ගතකරන අතර කා සමගවත් වැඩි වේලාවක් කතාබහ කිරීමට අකමැත්තක් දක්වනවා. මේ නිසාම මොවුන් මෙවන් අවස්ථාවල දී මොවුන් සමග කතා කරන මාතෘකාව මගහැර යෑමට උත්සහා කරනවා. :lol:

    වාඩිවීමේ ඉරියව්ව 4

    මෙවන් පුද්ගලයින් වෙලාවටම වැඩකරන අතර කිසිවිටකවත් ප්‍රමාද වී කිසිම ස්ථානයකට නොපැමිණෙන අතර මොවුන් තවකෙක් තමන් හමුවීමට ප්‍රමාද වී පැමිණීම කෙරෙහි දැඩි අකමැත්තක් දක්වනවා. මොවුන් ඉතා සංවේදී වන අතර සරල බුද්ධිමත් පිරිසක්ද වනවා. යම්කිසි පුද්ගලයෙක් මෙවන් අයෙකුගේ හැගීම් පිළිබදව ප්‍රසිද්ධියේ පැවසුව හොත් මේ පුද්ගලයින් වඩාත් අපහසුතාවයකට පත්වනවා. මොවුන් සෑම විටම විවෘත වන අතර යම් දෙයක් අයෙකුට පැවසීමට ඇත්නම් එය මුහුණටම පවසනවා. මොවුන් ඕනෑම අයෙකුට විරුද්ධ වන්න සුදානම් අතර ඔවුන්ට එරෙහිව සටන් වැදීමටත් නොපසුබටව කැපවෙනවා.:rofl:

    වාඩිවීමේ ඉරියව්ව 5

    මෙවන් පුද්ගලයින්ට පවුලක් වීමට ප්‍රථමයෙන් නිසි අධ්‍යාපනයක් ලැබ උසස් රැකියාවක් ලබාගැනීමේ දැඩි වුවමනාවක් තිබෙනවා. නමුත් ඇතැම් අවස්ථාවල දී මොවුන් මුරණ්ඩු තීරණ ගෙන ඇට්ටර ලෙසත් හැසිරෙනවා. මෙවන් පුද්ගලයින් සතු සිහින සැබෑ කරගන්නට ඕනෑම ස්ථානයකට ගමන් කිරීමට මොවුන් දිරිමත් වනවා. මොවුන් නිතරම වාගේ පොදු ස්ථානවල ගැවසීමට ප්‍රියතාවයක් දක්වන අතර මොවුන්ගේ සිත තුල යම් අනාරක්ෂිත බවකුත් තිබෙනවා.
    :nerd:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    5.කොටට ඇදලා ඉන්න ගෑණු නම් ඔහොම ඉන්නවා :rofl: