හරීන්ට අද තීරණාත්මක පැය 8ක හෘද සැත්කමක්

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හදිසි හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගියදා රෝහල් ගත කෙරුණු සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද දිනයේදී පැය 08ක හෘද සැත්කමකට මුහුණ දීමට නියමිතය.

    මේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් සිය මුහුණු පොතේ තබා තිබු සටහනයි..


    ‘හෙට ඔක්තෝබර් පළවෙනිදා. මම තීරණාත්මක පැය අටක සැත්කමකට මුහුණ දෙනවා. පහුගිය මැයි මාසෙ 1වෙනිදාත් මේ වගේම ජීවිතයේ තීරණාත්මක පරීක්ෂණයකට මුහුණ දුන්නා.

    මුළු ජීවිතයම අභියෝගයක් වගේම සෑම දවසක්ම තීරණාත්මක දවසක් කියලා මේ කෙටි කාලය තුළදී මට අත්දැකීමෙන්ම තේරුම් ගන්න පුළුවන් වුණා.ඒ තුළින් මම මගේ ජීවිතයට බොහෝ පාඩම් ඉගෙන ගත්තා.

    ජීවිතයේ යම් යම් කාරණා සම්බන්ධව මම විවිධ අවස්ථාවල අවදානම් සහගත පරීක්ෂණවලට මුහුණ දීලා තියෙනවා.අභියෝග සහ අවදානමට මුහුණ දීමට කිසිම වෙලාවක මම පසුබට වෙලා නෑ.

    නමුත් සම්පූර්ණයෙන්ම ජීවිතය සම්බන්ධව පරීක්ෂණවලට මුහුණ දීමට ලැබීම අනෙක් සේරටම වඩා අභියෝගාත්මකයි.අවදානම් සහගතයි.
    හෙට මුහුණ දෙන්නෙ ජීවිතය සම්බන්ධ අන්න එහෙම අවදානම් සහගත දෙවෙනි පරීක්ෂණයට.

    ඒ වෙනුවෙනුත් මම සූදානම්! එකම අභියෝගය දෙවරක් භාර ගන්න එකත් එක අතකට පුදුමාකාර අත්දැකීමක්.
    මම රෝහල්ගත වූ බව දැනගත්ත මොහොතේ ඉඳලා මට සුවය ප්‍රාර්ථනා කළ, ඒ වෙනුවෙන් වෙහෙසුන,අදටත්,මේ මොහොතේත් සොබාදහමේ සහ විවිධ ආගම්වල ආශිර්වාදය පතන, හිතාගන්න බැරි තරම් විශාල පිරිසකගේ ප්‍රාර්ථනාවන් මට විශාල ශක්තියක්.මා ගැන විමසීම් කළ සියලුදෙනාටම ස්‍තූතියි.
    ජීවිතය සම්බන්ධ මහා අරුතක් ඒ සියලු දෙනා එක් කළ බව ආදරයෙන් මතක් කරනවා.

    මගේ පවුලේ සියලු දෙනා,මගේ වෛද්‍යවරුන්,මගේ හිත මිතුරන්, වගේම මාව විවේචනය කළ අය පවා මට හදවතින් කළ ආශිර්වාදය ශක්තියක් වුණා.
    අසනීප බවක් නො දැනෙද්දී පවා,තීරණාත්මක අවස්ථාවක් දෙකකදී කල් තියා මට ඒ බවට අනතුරු ඇඟවීම කළේ දෙවියන් හෝ ස්වභාදහමේ කිසියම් බලවේගයක් යයි මට හිතෙනවා. ඒක තාමත් මට අදහාගන්නට බැහැ.
    ඉතින්,හෙටින් පසු තවදුරටත් මිනිසුන්ගේ ජීවිත ආලෝකමත් කිරීම වෙනුවෙන් වෙන් කළයුතු බවට මගේ හෘද සාක්ෂිය මට නියෝග කරනවා.

    මට ශක්තිය දුන්නු,මග වටේ අත්වැල් පවුරක් වුණු,ඇතැම් විට මා එක්ක උරණ වූ සියලු දෙනා වෙනුවෙන් පවා කැපවිය යුතුයි කියලා මගේ හෘද සාක්ෂිය මට නියෝග කරනවා.

    මම හැමදාම සත්‍ය සහ හදවතට එකගව හරි කියන දේ වෙනුවෙන් පෙනී සිටියා.
    ඉතින්, මීටත් වඩා ලෙංගතුව,මීටත් වඩා ශක්තිමත්ව,මීටත් වඩා හෘදයාංගමව අනාගතයේ හමුවෙමු.
    ඔබට ජය.!

    ලංකාදීප..

    මෙයා ඔච්චර ලෙඩ තියන්ද දැන් දවස් 3කට කලින් පාලිමන්ට් ඵකේ කෑගහ ගහ හිටියේ..ලෙඩෙක් නම් ගෙදර ඉඳන් රෙස්ට් කරන්න තිබ්බනේ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Drug overdose එකක්ද දන්නේ නෑ.

    පව් ඉතින්. ඉක්මන් සුව අත්වේවා
     
    • Wow
    Reactions: N A K A M U R A

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    අභියෝග වලට මූන දෙන්න බය නැති මිනිහා පාස්කුවෙ ගේ ඇතුලෙ හැංගුනා.😂 දැන් නම් කයිවාරු එමටයි 🖕
     
    • Like
    Reactions: pathaleiretta

    planner123

    Well-known member
  • May 22, 2018
    8,828
    15,197
    113
    "මට ඒ බවට අනතුරු ඇඟවීම කළේ දෙවියන් හෝ ස්වභාදහමේ කිසියම් බලවේගයක් යයි මට හිතෙනවා."

    2019 nam warning eka dunne thaththa neh palli yanna epa kiyala.
     
    • Haha
    Reactions: amino

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,296
    21,271
    113
    අභියෝග වලට මූන දෙන්න බය නැති මිනිහා පාස්කුවෙ ගේ ඇතුලෙ හැංගුනා.😂 දැන් නම් කයිවාරු එමටයි 🖕
    සමහර විට මිනිහගේ හර්ද සාක්ශියත් එක්ක මිනිහ විදවනවත් ඇති පිටට නොපෙන්නුවට. ලෙඩේ ඔහොම වෙන්නෙත් ඒක නිසා වෙන්න පුලුවන්. 🤔🤔🤔
     

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    700
    393
    63
    Colombo
    අභියෝග වලට මූන දෙන්න බය නැති මිනිහා පාස්කුවෙ ගේ ඇතුලෙ හැංගුනා.😂 දැන් නම් කයිවාරු එමටයි 🖕
    Ai ban mokada awla. u danna tika ewele hari kiwa aranchiyak awa kiyala. mahinda la gota la policiya buddi anshayen kiyalath kiwe na. apith danagena hitiya apita msd eka kiwa kiyala. arula nikan kauru hari kiyapu deyak wela atta kiyala danunama kiwe. oka boru wak una nam mokada wenne. ara pereda wage navy eken karapu puhunuwak kiyanawada. karapu ewun eliye.