හලාවත කචල්

nimal2011

Member
Sep 14, 2011
1,278
208
0
Riyadh
නොසන්සුන්වූ හලාවත නගරයේ විරෝධතාවය අතරතුරදී සිදුවූ කිසියම් වෙඩිතැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ඉන්ධන මිල ඉහළයාමට විරෝධය දක්වමින් දහස් ගණනක ජනකායක් මේ මොහොතේ විරෝධතාවයේ නිරතවන බවත් ,පිරිස් විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග බලවත් නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති බව අප වාර්තාකරු කියා සිටියි.

මෙම විරෝධතාවය අතරතුරදී කිසියම් වෙඩිතැබීමක් සිදුව ඇති අතර එයින් තුවාල ලැබූ කිහිපදෙනකු හලාවත රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කරයි.

පසුව අනාවරණය වූයේ රෝහල්ගත කරන විටත් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව සිටි බවයි.

කෙසේ වෙතත් අද දෙරණ කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියා සිටියේ වෙඩිතැබීමක් සිදුව නැති බවයි.

හලාවත නගරයේ නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගතවී ඇතත් ඒ සඳහා කිසිදු මැදිහත්වීමක් යුද හමුදාව විසින් මෙතෙක් සිදුනොකළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩයර් නිහාල් හපුආරච්චි මහතා අද දෙරණට කියා සිටියේය
 

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,418
    2,462
    113
    ඇල්ල




    142487.jpg
    හලාවත ධීවර උද්ඝෝෂණයට වෙඩිතැබීමෙන් එගොඩවැල්ලේ ඇන්ටනි නම් තිදරු පියකු මියගිය බව රෝහල් ආරංචි කියයි. කතුන් ඇතුළු පන්දාහක් දෙනා ලාම්පුතෙල් හා ඞීසල් සහනාධාර ඉල්ලමින් පෙළපාළි පවත්වද්දී පොලිස් අධිකාරි කාර්යාලය අසලදී වෙඩිතැබූ බව ධීවරයෝ කියති.
    සිවු වරක් පමණ කඳුළු ගෑස් ගැසූ බවද ඔවුහු පවසති. පොලිසිය, පොලිස් විශේෂකාර්ය බලකාය හා යුදහමුදාව එක් පසෙකද, පෙළපාළිකරුවන් තවත් පසෙකද සිටින අතර ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ මීසම් පාලක ක්ලෝඞ් හයසින්ත් පියතුමා හා තවත් පියතුමන්ලා මැදට වී ගැටුම් සමනය කිරීමට වෙහෙසෙති.
    මේ අතර හලාවත පල්ලියේ සීනුව ගැසීමෙන් පසු ධීවරයෝ හාරපන් දහසක් එහි පැමිණි බවද කියති.
    ඡායාරූප පහතින්…
    422745_258457834231080_165473230196208_612388_1191417612_n.jpg

    420063_258457887564408_165473230196208_612390_803611468_n.jpg
    401397_258457930897737_165473230196208_612393_411940572_n.jpg
    406433_258457957564401_165473230196208_612394_1787861465_n.jpg
    404445_258458027564394_165473230196208_612396_1634223826_n.jpg
    401075_258458034231060_165473230196208_612397_1711950108_n.jpg
    427402_258458044231059_165473230196208_612398_480879728_n.jpg
    402662_258458080897722_165473230196208_612399_1905762778_n.jpg
    430460_258458097564387_165473230196208_612400_193507534_n.jpg
    419120_258458120897718_165473230196208_612401_177636895_n.jpg
    420748_258457867564410_165473230196208_612389_1687263981_n.jpg
    424202_258457920897738_165473230196208_612392_418270603_n.jpg
    425297_258457974231066_165473230196208_612395_2048343253_n.jpg
    420748_258457867564410_165473230196208_612389_1687263981_n.jpg
    395357_258457907564406_165473230196208_612391_1003770902_n.jpg


     

    Similar threads