නොසන්සුන්වූ හලාවත නගරයේ විරෝධතාවය අතරතුරදී සිදුවූ කිසියම් වෙඩිතැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
ඉන්ධන මිල ඉහළයාමට විරෝධය දක්වමින් දහස් ගණනක ජනකායක් මේ මොහොතේ විරෝධතාවයේ නිරතවන බවත් ,පිරිස් විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග බලවත් නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති බව අප වාර්තාකරු කියා සිටියි.
මෙම විරෝධතාවය අතරතුරදී කිසියම් වෙඩිතැබීමක් සිදුව ඇති අතර එයින් තුවාල ලැබූ කිහිපදෙනකු හලාවත රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කරයි.
පසුව අනාවරණය වූයේ රෝහල්ගත කරන විටත් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව සිටි බවයි.
කෙසේ වෙතත් අද දෙරණ කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියා සිටියේ වෙඩිතැබීමක් සිදුව නැති බවයි.
හලාවත නගරයේ නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගතවී ඇතත් ඒ සඳහා කිසිදු මැදිහත්වීමක් යුද හමුදාව විසින් මෙතෙක් සිදුනොකළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩයර් නිහාල් හපුආරච්චි මහතා අද දෙරණට කියා සිටියේය