හලාවත_අවුල_(Lankadeepa_Confirm_News)

signshop

Well-known member
  • May 30, 2011
    12,171
    8,876
    113
    Dubai
    හලාවත_අවුල_(Lankadeepa_Confirm_News)

    පස්වරු 1.00

    ශ්‍රී ලංකා තව්හීත් ජමාත් සංවිධානයේ හලාවත කාර්යාලය හා යාඥා කිරිමේ මධ්‍යස්ථානය වශයෙන් හලාවත වට්ටක්කලිය පවත්වා ගෙන ගිය නිවසට හා එහි තාප්පයකට අද (12) මැර ප්‍රහාරයක් එල්ල වී ඇති බව හලාවත පොලිසිය කියයි.

    සංවිධානය වී පැමිණි පිරිසක් කෑ කෝ ගසමින් ප්‍රථමයෙන්ම නිවසේ තාප්පය පෙරලා බිම දැමු අතර පසුව පිරිස එම වත්තට ඇතුළු වී එහි තිබු නිවසේ ජනේලවල වීදුරු වලට පහර දුන් බව ප්‍රදේශවාසීහු පවසති.

    පසුව හලාවත පොලිසිය හා යුද හමුදා භට පිරිස් පැමිණි කළහකාරීන් සහ එම සිද්ධිය ජායාරූප ගත කිරිමට පැමිණ සිටි මාධ්‍යවේදීන් ද පලවා හැරියහ.

    මේ වන විට ප්‍රදේශය පුරා සාමය රැකීමට යුද හමුදාව හා පොලිසිය කටයුතු යොදා ඇත.

    ====================================================================


    මිනිස් සංහාරයක් නොබෝදිනකින් සිදු විය හැකි බවට මුහුණු පොතේ යොදා ඇති සටහනකින් පසු හලාවත නගරයට පැමිණ නොසන්සුන්කාරී ලෙස හැසිරුණ පිරිසක් පළවා හැරීමට අහසට වෙඩි තැබීමට යුද හමුදාවට සිදු විය.

    මුහුණු පොතේ දමා තිබූ සටහන අනුව තමන්ට කිසියම් බියක් හට ගෙන ඇති නිසා වහාම මේ සම්බන්ධයෙන් පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් අද තරුණ කල්ලියක් මුලින්ම හලාවත මුලස්ථාන පොලිසිය අසලට රැස්වී මෙලෙස කළහකාරී ලෙස හැසිරෙන්නට වූහ.

    එමෙන්ම පොලිසිය තම ඉල්ලිමට අවශ්‍ය පියවර ගැනීම පමා කරණ බව කියමින් පසුව යතුරු පැදි හා ත්‍රිවිල් රථවල නැග හලාවත නගරයේ කඩ විදිය වෙත ගොස් එහි පිහිටි කඩයක සිටි පිරිසගෙන් මුහුණු පොතේ යොදා ඇති සටහන පිළිබදව ප්‍රශ්න කරමින් ඇවිද ගියහ.

    ඒ අතර පිරිසක් කඩ විදියේ වෙලද සැල් වසා දැමීමට උපදෙස් දුන් අතර ඒ අවස්ථාවේදී ඒ අසළට පැමිණි යුද හමුදා නිලධාරීහු අහසට වෙඩි තබා ඔවුන් පළවා හැරිමට කටයුතු කළහ.

    පසුව පැයක පමණ කාලයක් ගත වන විට කලහාකාරින් විසිර ගිය අතර පසුව හලාවත පොලිසිය ද පැමිණ කලහකාරිව හැසිරුන පිරිස විසුරුවා හුරීමට යුද හමුදාවට සහය දුන්හ.

    කඩ විදියේ සියලු වෙළදසැල් වහා වසා දැමු අතර වෙළද සැල්හිමියන් සිය වෙළ‍ෙසැල් අගුල් දමා නිවෙස් වෙත යනු ද දැක ගත හැකි විය. මේ වන විටත් නගරය තුළ යුද, පොලිස් නිලධාරීහු ආරක්ෂක රාජකාරිවල නිරතව සිටිති.


    image_7d465900a9.jpg


    image_6a361b2f8e.jpg


    image_b6eb099892.jpg


    image_30c4433e25.jpg


    Lankadeepa
    http://www.lankadeepa.lk/latest_news/%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD-%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BD-%E0%B6%AF%E0%B7%94%E0%B6%BB-%E0%B6%AF%E0%B7%92%E0%B6%9C-%E0%B6%BA%E0%B6%BA%E0%B7%92/1-550285
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,889
    40,659
    113
    Laksha 20k innakota mehema tharjanaya karanawa nam mun bahuthare una daaka apita mona wei da. Ape daruwanta mun mona karaida
     

    Similar threads