සිතුනාද..... සිතුවාද.....
වීරයා හසළක.....
කඳවුර බේරාගන්නට....
පැන්නා ද පැන්නා.....
ඒ මරුවා දැක දැක.....
මාරක බුල්ඩෝසරෙට....
එදා අලිමංකඩ මහයුධ පිටියේ....
එයා දිවි පිදුවනෙ මරුවා ඉදිරියේ.....//
ඒ සුදු වැලි කතරේ මහ තල් ගස් අතරේ
එදා අලිමංකඩ මහ යුධ පිටියේ.....
මාර කොටි වනන්තරේ රෑ යාමෙ කළුවරේ.....
මේ ගාමිණි මුර සේවය හිටියේ.....
රුදුරු මහ ඝන අඳුරේ අවට කළු දුම පැතිරේ....
මරහඬ දීගෙන හිටි හැටියේ
කොටියන්ගෙ කරදරේ.....
රටට කොඩිවිනය කරේ.....
මේ බෝම්බ අටවල යුධ පිටියේ.....
එදා අලිමංකඩ මහ යුධ පිටියේ.....
එයා දිවි පිදුවනෙ මරුවා ඉදිරියේ....
එදා අලිමංකඩ මහ යුධ පිටියේ.....
එයා දිවි පුදකලෙ මරුවා ඉදිරියේ.....
මරාගෙනම මැරෙන්න
අපේ සෙබළු නසන්න....
මුන් එන්නෙ කඳවුර තුලට....
වීර උදාර ගාමිණී හනිකට
ගත්තා ගත යුතු පියවර ඊළඟට....
අතළඟම මරු කට මාර යක්ෂයො ලෙසට
කොටි එන්නෙ කඳවුර තුළට.....
ගාමිණී හනිකට බෝම්බ ගත්ත දෑතට
පැන්නලු එන බුල්ඩෝසරෙට.....
එදා අලිමංකඩ මහ යුධ පිටියේ.....
එයා දිවි පිදුවනෙ මරුවා ඉදිරියේ.....
එදා අලිමංකඩ මහ යුධ පිටියේ....
එයා දිවි පුදකලෙ මරුවා ඉදිරියේ.....
ඉතින් කොටි බළ බිදුනා ගාමිණී නැති උනා.....
ඒ බුල්ඩෝසරෙ සුණු විසුණු උනා
යුද්ධ කඳවුර රැකුනා අපේ සෙබළු බේරුනා
තවත් එඩිතර වීරයෙක් නැති උනා....
මුළු හසළක ගමට ඒ ගාමිණී නමට
වීර පදක්කම් ද හිමිවුනා....
සිංහල ජාතියට ඔබ කල සේවයට
අපේ උපහාරය පුදන්නට උනා.....
සිතුනාද සිතුවාද වීරයා හසලක.....
ගායනය : ධනපාල උඩවත්ත