පසුගිය දිනවල බංග්ලාදේශයේ පැවැති ගැටුම්කාරී වාතාවරණය අතරතුර ඝාතනයට ලක්වූ බවට පැවසෙන ෂෙයික් හසීනාගේ අවාමි ලීගයේ නායකයින් 29 දෙනෙකුගේ මළ සිරුරු හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අගමැතිනිය රටින් පළායාමෙන් අනතුරුව මෙම පිරිස ඝාතනයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කෙරෙයි.
වසර 15ක් රට පාලනය කළ අවාමි ලීගයේ සාමාජිකයින්ට අයත් නිවාස, ව්‍යාපාර, ආයතන ඇතුළු ස්ථාන රැසක් විනාශ කිරීමට හෝ කොල්ලකෑමට ඇතැම් ප්‍රචණ්ඩකාරී පිරිස් කටයුතු කර තිබුණි.
ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වන නොබෙල් ත්‍යාගලාභී මුහමද් යුනිස්ගේ ප්‍රධානිත්වයෙන් යුතු අන්තර්වාර රජය අද (08) පත්කිරීමට නියමිතය.