හාට් ඇටෑක් එකක් ඉක්මනින් හඳුනාගනිමු...... නිද&

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    හාට් ඇටෑක් එකක් ඉක්මනින් හඳුනාගනිමු...... නිද&

    කිසිවකුගේ වම් අත එක්ක වම් පපුව වේදනා දුන්නොත් ඒ හෘදයාබාධයක් නිසා කියලා බොහෝ දෙනෙක් කියනවා. මේ වන විට තරුණ තරුණියන් අතර පවා හෘදයාබාධ වැළඳීමේ සම්භාවිතාව ඉහළ ගිහින්.

    අපි හැමෝම දන්නවා හදවත එහෙම නැතිනම් හෘදය වස්තුව කියන්නේ අපේ ශරීරයේ “ඇන්ජිම” කියලා. මේ ඇන්ජිමෙන් කරන්නේ පොම්පයක වැඩ කොටසය. එනම් හෘදයෙන් සිදු කරන්නේ ශරීරය පුරාම රුධිරය බෙදා හැරීමයි.

    රුධිරය යනු අපේ ජීවයයි. ශරීරයේ ඒ ඒ කොටස්වලට ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ඉන්ධන ඒ කියන්නේ ආහාර, ඔක්සිජන් ආදිය රැගෙන යන්නේ මේ රුධිරයයි. හෘදය වස්තුවේ නැවතීම යනු ශරීරයේ අනිකුත් සෑම කොටසක් දක්වා ම රුධිර ගමනාගමනය නැවතී ඒවා අක්‍රිය වීමයි. අවසානයේ සිදු වන්නේ මරණයයි.

    මොළය වැනි අවයවවලට රුධිරය නැතිව පැවතිය හැක්කේ විනාඩි 2-3 පමණි. මස් පිඩු වැනි අවයවවලට නම් විනාඩි 20-30 පමණ සජීවී ව පවතින්න පුළුවන්. ඒ කෙසේ වෙතත්, රුධිරය නැතිව, රුධිර ගමනාගමනය නැතිව විනාඩි 2-3කින් මොළය මැරී, ඊළඟ විනාඩි 20-30 ඇතුළත අනිකුත් අවයවත් මැරෙනවා.

    රුධිරය පොම්ප කරන අවයවය, ඒ කියන්නේ හෘදය වස්තුව “නතර වීම”අපි “හාට් ඇටෑක්” එකක් එහෙම නැති නම් හෘදයාබාධයක් කියලා හඳුන්වනවා.

    හෘදය වස්තුව නතර වෙන්නේ ඇයි?

    හෘදය වස්තුවට ක්‍රියා කරන්නත් රුධිරය අවශ්‍ය වෙනවා. හෘදය තුළට ප්‍රධාන රුධිර නහර (Coronary arteries) දෙකකින් රුධිරය ලබා දෙනවා. මේවා හෘදය වටේ කැරකී ගොස් තව තවත් අතු වලට බෙදිලා හෘදය වස්තුව පුරා ම තමන්ගේ දෛනික කටයුතුවලට අවශ්‍ය රුධිරය ලබා දෙනවා. මේ රුධිර නාලයක් ඇතුළත ලේ කැටියක් එහෙම නැතිනම් තෙල් කැටියක් ඇති වුනොත් එහෙමත් නැතිනම් ඒ දෙක ම නිසා සම්පූර්ණයෙන් රුධිර ගමන ඇනහිටිනවා.

    එවිට සිදු වෙන්නේ, එම අවහිරතාව එහෙම නැතිනම් “බ්ලොක් එක “ නිසා ඉන් ඔබ්බට “ ලේ ගලා යෑමක් සිදු නො වීමයි. ඒ අවහිර වුණ නාලයෙන් රුධිරය සැපයෙන හෘද මාංශ පේශිය ‘මරණයට’ පත් වීමයි. එම මාංශ පේශී කොටස මියගිය පසුව ඒ ස්ථානය ක්‍රියා කිරීම නැවතී, හෘදයේ මුලු ක්‍රියාකාරිත්වයට ම බලපෑමක් ඇති කරනවා. සමහර විට එම හෘද මාංශය විනාශ වීම නිසා හෘදය නැවති යනවා. ඒක නිසා තමයි හෘදයාබාධයක් බොහෝ විට “මරණීය” දෙයක් වන්නේ.

    කොලොස්ටරෝල් අධික බව, දියවැඩියාව ආදි නොයෙකුත් කාරණා නිසා ලේ වල අහිතකර කොලොස්ටරොල් ප්‍රමාණය වැඩි වෙනවා. එහෙම අවස්ථාවක, මේ වැඩි කොලොස්ටරෝල් රුධිර නහර වල ඇතුලත බිත්තියේ, විශේෂයෙන් හෘදයට ලේ රැගෙන යන නහර වල ඇතුලු බිත්තියේ තැන්පත් වීමෙන් සමහර ස්ථාන වලින් අවහිර වෙනවා.

    ඇතුළත කුහරය ටික ටික අවහිර වීම කාලයක් පුරාවට සිදු වෙනවා. එක දවසක අවහිර වීම උපරිම සිදු වී එම අවහිරතාවය නිසා එම ස්ථානයේ රුධිර කැටියක් ඇති වී නහර ඇතුලත සිදුර සම්පූර්ණයෙන් වැසී යනවා.

    ප්‍රතිඵලය එතැනින් එහාට කිසිම රුධිර ගමනයක් සිදු නොවීම හෙවත් එම නහරයෙන් ලේ සපයන හෘද මාංශ කොටස විනාශ වීමයි දුම්පානය, සිගරට් බීම වගේ අවස්ථාවල සිදු වන්නේ නහර ඇතුළත තුවාල වී ඒ මත රුධිර කැටියක් සෑදී නහරය සම්පූර්ණයෙන් අවහිර වීමයි. කෙසේ වෙතත් අවසාන ප්‍රතිඵලය හෘදයාබාධයයි. ඇති වූ හෘදයාබාධය හෘදයේ ක්‍රියාකාරීත්වයට තදින් ම බලපාන්නේ නම් හෘදය නැවතී මරණය සිදු වෙනවා. හෘදයට සිදු වූ හානිය සමඟ හෘදය තවමත් ක්‍රියාකාරී නම් ජීවත් වෙන්න වාසනාව ලැබෙනවා.

    නමුත් නිසි ප්‍රතිකාර ඒ වගේ වෙලාවක නො ලැබෙන්නේ නම් පසු කලක නැවත අලුත් හෘදයාබාධයකින් හෝ කලින් සිදු වූ හෘදයාබාධයේ අතුරු ප්‍රථිඵල නිසා හෝ මරණය සිදු වන්න පුලුවන්.

    ඒ නිසා හෘදයාබාධයට ප්‍රතිකාර ලෙස ලබා දිය යුතු වන්නේ ඒ ලේ කැටිය දිය කරන බෙහෙත් හා කොලොස්ටරෝල් අඩු කර තෙල් කැටිය දිය කරනා බෙහෙත් වර්ගයි.

    මීට අමතරව ලේ කැටිය දිය කළ පසුව එම අවහිර වූ කුහරයේ ඇති ලේ නහරය තුලට කෘතීම දැලක් බටයක් වැනි දෙයක් (Stent) තැන්පත් කිරීමෙන් හෝ වෙනත් නහරයක් මගින් අවහිර වූ ස්ථානය මඟ හැර ලේ ගැලීමට සැලස් වීමෙන් (Bypass Surgery) අනාගත හෘදයාබාධයක් වළක්වා ගන්න පුළුවන්.

    පූර්ව හෘදයාබාධ ලක්ෂණ 🔥🔥🔥

    පපුවේ වේදනාව – දැඩි තෙරපුමක ස්වභාවයක්, පපුව මැද හිර වනු දැනීම
    ශරීරයේ වෙනත් ප්‍රදේශවල දැඩි වේදනාවක් ඇති වීම – පපුවේ සිට අත (සාමාන්‍යයෙන් වම අතෙහි මෙම ස්වභාවය හට ගත්ත ද, දෑතට ම බල පාන්න පුළුවන්), හකු ප්‍රදේශය, බෙල්ල, කොන්ද ප්‍රදේශය හෝ උදරය දක්වා දිවෙන වේදනාවක්.
    ක්ලාන්ත ස්වභාවයක් ඇති වීම
    දහදිය දැමීම
    හුස්ම ගැනීමේ අපහසුතාව
    වමනය දැමීමේ අවශ්‍යතාව – අසනීප ගතියක් දැනීම
    අධික නො සන්සුන් බව (තැති ගත් ස්වභාවයක්).
    කැස්සක් හෝ ඇදුම ස්වභාවය.
    නමුත් ඇතැම් අවස්ථාවල විශේෂයෙන් ම කාන්තාවන්, වයස්ගත පුද්ගලයන් සහ දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයන්ට පපුවේ වේදනාවක් කිසි සේත් දැනෙන්නේ නැහැ. මෙවැනි රෝග ලක්ෂණ වගේ ම කොලොස්ටරෝල් අධික බව, දියවැඩියාව වැනි බෝ නොවන රෝග තිබෙන රෝගීන් මේ ගැන සැලකිලිමත් වීම වැදගත්. මෙවැනි රෝග ලක්ෂණ මතු වූ විගස පළපුරුදු වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගැනීම මෙන් ම උපදෙස් ගැනීම හා පරීක්ෂණ කර ගැනීම අවදානම අවම කර ගන්න පුළුවන්.


    https://www.facebook.com/groups/meedumarana/permalink/2357021067650413/
     

    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    machan ape wife tath ava

    thama vayasa 32 i......stent 2 k dala thiyenne...
    general hospital eke cardiology unit eken thamai damme...
    machanla block 4 thibuna....


    Anidu Pathirana Doctor thamai...Balala vadee kareee..
    Dan ithin jivitha kaletama hemadama beth bonna venava..clinic yanna venava..kemen

    parissam venna venava bara ussanna hoda nee...ammoo veda godai...
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    BUMP....


    Matath choleterol...Pranajeewa ganath mama thread ekak damma :( danna pin watek eka ganath kiyapan ko
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    math awidinna patangaththa hawasata. sathiyata dawas 3k 4k dawasata 6km gaane awidinawa. nathnam ikmanatama matath oka wenawa. wahane gaththata passe awidina eka naththatama nathi una. e nisa dan yanawa hawasata bellanwila park ekata awidinna