හාදුවකින් සෙම්ප්‍රතිශ්‍යා කෙනෙකුට බෝවේ&#
අව්ව, වැස්ස, සීතල මේ සියලුම කාලගුණ තත්ත්ව එකටඅත්විඳින කාලයක් උදාවී ඇත. ඒ නිසාම මිනිසා විිවිධ රෝගාබාධවලට ගොදුරුවිමේඉඩකඩ ද වැඩි වී තිබේ. මේ කාලයේ සුලබ ලෙසම හටගන්නා රෝග අතරින් ප්‍රමුඛයා වීසිටින්නේ සෙම්ප්රතිශ්යාවයි.
හොර රහසේ ශරීරගතවෙන වෛරසයකින් රෝගය වැළඳුණත් යන එන කොතැනකදීවත් රෝගයසඟවා ගැනීමට නම් කිසිවකුටත් කළ නොහැකියි. “හචිචිං” නම නොකීවද ලොවටම ලෙඩේහඳුනාගත හැකියි. වසරේ වැඩිපුරම වාර ගණනක් නොව, ජිවිතයේ ද වැඩිපුර වාර ගණනක්අත්විඳින රෝගය මෙයයි.
කෙනෙකු තම ජීවිත කාලයේ ද වසර දෙක හමාරක් සෙම්ප්‍රතිශ්‍යාව සමඟ සටන් කරනබව ඔබ දන්නවාද? ඒ නිසාම මේ ගැන ගෙතී ඇති මිථ්‍යා මතද බොහොමයි. කිවිසුම්යාම, සොටු දියර ගැලීම, උණ හට ගැනීම, හිසරදය, නාසය අවහිර වී හුස්ම ගැනීමටඅසීරු වීම, උගුරේ අපහසුතාව වැනි විවිධ ගැටලු නිසා සෙම්ප්රතිශ්යාවසැබැවින්ම කරදරකාරීය. මේ මිථ්‍යා මත නිසා සෙම්ප්‍රතිශ්‍යා ගැටලුව තවත්වධකාරී වී තිබේ.
වැස්සට අසුවීමෙන් හෝ තෙමීමෙන් සෙම්ප්‍රතිශ්‍යාවට ගොදුරු විය හැකියි. මේ මතය මිථ්‍යාවකි.
සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව හෝ ෆ්ලූ වෛරසය තෙමීමෙන් හට ගන්නක් නොවෙයි.එහෙත් ඔබ තෙමෙන විටත් සෙම්ප්‍රතිශ්‍යා වෛරසය ශරීර ගතවී සිටියා නම් රෝගීවීමවඩාත් ඉක්මන් වීමට පුළුවන.
සෙම්ප්රති්යාවට එරෙහිව තරමක ප්‍රතිශක්තියක් ඇති වේ. මිථ්‍යාවකි.
දැනට සෙම්ප්‍රතිශ්‍යාව ඇති කරන වෛරස දෙසිය ගණනක් හඳුනාගෙන තිබේ. මේ නිසාප්රතිශක්තියක් ඇති වේවියි කිව නොහැකියි. එක් සෙම්ප්‍රතිශ්‍යා වෛරසයකටඇතිවන ප්‍රතිශක්තිය වෙනත් සෙම්ප්‍රතිශ්‍යා වෛරසයකට එරෙහිව ප්රතිශක්තියක්ඇති නොකරයි.
හාදුවකින් සෙම්ප්‍රතිශ්‍යා වෛරසය එක් අයෙකුගෙන් තවත් අයෙකුට වැළඳිය හැකියි. මිථ්‍යාවකි.
හාදුදීම වැනි ක්‍රියාවකින් මේ වෛරසය ශරීරගත නොවෙයි. කැස්සෙන් කිවිසීමෙන්නම් රෝග බීජ ශරීර ගත වේ. ඒ වාගේම විසබීජ සහිත සෙම් බිඳිති දෑත්වල තැවරීඇති විටෙක නාසය, ඇස් ස්පර්ශ කිරිමෙන්ද රෝගය බෝවෙයි.
සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවිට හොඳින් කෑම බීම ගත යුතුයි.මිථ්‍යාවකි.
පෝෂණයෙන් සමබල ආහාරවේලක් නිරෝගී විට මෙන්ම රෝගී විට ද අත්‍යවශ්‍යය.එහෙත් වැඩි වශයෙන් ආහාර ගැනීමෙන් නම් කිසිදු යහපත් ප්‍රතිඵලයක් අත් නොවෙයි.කුකුළු මස් හෝ එළවළු සුප් පානයෙන් නම් සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවට සහනයක්ලැබෙන බව සොයාගෙන තිබේ.
රෝගය මට්ටු කරන්නේ කොහොමද?
වර්තමාන යුරෝපීය සමාජයේ නම් වැඩිහිටියකු වසරක 2 -5 වරක් පමණ රෝගයටගොදුරු වෙයි. දරුවන් 7 – 10 වරක් පමණ ගොදුරු වෙති. ලංකාව වැනි රටක ද මීටවැඩි වෙනසක් දැකිය නොහැකියි.
සීතල කාලගුණයකදී හා වැසි සහිත කාලගුණයකදී රෝගය පැතිරීම වැඩිය. සැවොම වැඩි කාලයක් නිවෙසට වී සිටින නිසා රෝගය එකිනෙකා අතර පැතිරීමට තිබෙන ඉඩකඩ දවැඩිය.
මෙවැනි කාලයකදී පෞද්ගලික සනීපාරක්ෂාව හොඳින් පවත්වාගෙන යන්න. රෝගයඋත්සන්න මුල් දින තුනේදී අන් අයගෙන් තරමක් ඈත් වී සිටින්න. මුල් දින තුනේදීකිවිසුම් යාම උග්‍රව පවතී.
නිතර විසබීජ ස්පර්ශ විය හැකි පරිගණක යතුරු පුවරු, රූපවාහිනී දුරස්ථපාලක, දොර අගුළු, වැසිකිළි සේදුම් උපකරණ, ටැප් ආදී තැන් ඇල්ලූ පසු සබන්ගල්වා දෑත් සෝදන්න. එවැනි තැන් පිරිසුදුව තබාගන්න. ඒවා භාවිතා කිරීමට පෙරහැකි නම් විසබීජ නාශකයකින් පිරිසුදු කරන්න.
දෑස්, නාසය, මුව ඇල්ලීමෙන් වළකින්න. ඔබේ ඇඟිලි තුඩුවල විසබීජ තැවරීඇත්නම් ඒවා පහසුවෙන් කඳුළු ග්රන්ථීන්, නාස් කුහරයකට සහ නාසය අවට කුහරවලටඇතුළු විය හැකියි. හැකි තරම් විවේකීව සිටින්න. සුව නින්දක් ලබාගන්න.ප්‍රතිශක්තිය වර්ධනය වී සෛල අලුත් වැඩියා වීමට සුව නින්දක් නැතිවම බැරිය.
රෝගයේ මුල් ලකුණු හඳුනාගන්නේ කෙසේද? උගුරේ ඇතිවන වියළි, කටුක ස්වභාවයමෙහි මූලික ලකුණකි. දිගින් දිගටම කිවිසුම් යාම ද සුලබ ලකුණකි. නාසයේඅපහසුතාව, දියරමය සොටු ද බොහෝ අය අත්දකිති. හිසරදය සහ මාංසපේශී වේදනාව, සුලබ ඉන්ෆ්ලුඑන්සා සහ බැක්ටීරියා ආසාදනයක ප්‍රතිඵලයක් ලෙසයි.
සෙම්ප්රතිශ්යාවෙන් පීඩා විඳින අයගෙන් 70% කගේ පමණ දෑත්වල විසබීජ පවතී.ඒ නිසා සබන් ගා නිතර දෑත් සෝදන්න. ඇඳ සිටින ඇඳුමේ නාසය පිස දැමීමත්කිසිවිටකත් නොකරන්න. ටිෂූ කඩදාසි නාසය පිසීමට භාවිතා කරනවා නම් ඒවා වහාමවළලා හෝ පුලුස්සා දමන්න.
උපුටා ගැනීම :http://life.asianmirror.lk/?p=960
හොදයි නම් සලකල යන්න..

Last edited: