හාමුදුරුවන්ට රස්සාවක්‍.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හාමුදුරුවන්ට රස්සාවක්‍.

    1(1979).jpg


    රට ජාතිය ආගම රැක ගැනීමට පාරට බැස්ස, අරගල කරපු භික්ෂූන් වහන්සේලා එමටයි. ඒ නිසාම සිය ජීවිත පවා පූජා කරන්න, පහර දීම්වලට ලක්වන්නට, කඳුළු ගෑස් පහරවල් කෑමට උන්වහන්සේලාට සිදුවුණා. ඒ අතරේ ඊයේ බස්නාහිර පළාත් මහ ඇමති කාර්යාලය ඉදිරියේ භික්ෂූන් වහන්සේ නමක් මෙසේ පාරේ නිදා ගත්තා. ඒ තමන්ට ලැබිය යුතු රැකියාවක් වෙනුවෙන්. මේ අරමුණ වෙනස්. උපාධිධාරී භික්ෂුවක් රැකියාවක් පතා පාරේ නිදා ගැනීම ගිහියන්ගේ වරදද ශාසනයේ වරදද කියා සොයා බැලිය යුතු කාලය එළැඹිලා. මේ ඡායාරූපය බනින්න නොව හිතන්නයි.

    #ada.lk
     

    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    පිරිවෙන් කැම්පස් කරලා භික්ෂූන් ටිකත් පිරිවෙන් වලට දාපු වැරැද්ද තමා පේන්නේ.
    පිරිවෙන් අද්‍යාපනව විදියට භාශා සහ සාහිත්‍ය ඉතිහාසය ත්‍රිපිටක අද්‍යාපනය වගේ තිබුනනම් ධර්ම ධර භික්ෂූන් බිහි වෙන්න තිබුනා. දේසපාලකයන්ගේ අදූරදර්ශී වැඩ සහ දේශපාලනයට කත් ඇදපු ගනින්නාන්සෙලා නිසා තමා අද බුද්ධසාසනය විනාස වෙලා මේ විදියට වෙලා තියෙන්නේ