මම දන්න විදිහට සිංහල භාෂාවට සංස්කෘත භාෂාවේ පද එකතු වෙලා කාලයක් යද්දි අපේ පැරැන්නන් අතින් තමයි ඔය වගේ දේවල් හැදිලා තියන්නේ. ඕවා පරණ වචන. අපි කතා කරන භාෂා මොඩන් වෙලා තිබුනට බුදුදහම ගැන කතා කරද්දි භාවිතා කරන්නේ ඒකාලේ ඉදලා භාවිතා කරපු වචන. බුදු දහමත් තෙක්ක විතරක් නෙවෙයි සිංහල චාරිත්ර වාරිත්ර එක්ක අපේ මිනිස්සු පාවිච්චි කරන්නේ ඒ කාලේ තිබුන වචන. ඒක ඉතිං අපේ සංස්කාතියේ ලක්ෂණයක්. ඕවා තියන නිසා තමයි අපේ තියන සිංහල සංස්කෘතිය මේ තරම් වචන වලින් සාරවත් වෙලා තියන්නේ.
නව නම කියලා අද ඉදලා භාවිතා කරන්න ගත්තා කියමුකෝ. එහෙනම් අනාගතයේ අය සිව්පස්නම කියන්නේ මොකද්ද කියලවත් දන්නෙ නෑ. දැන් ඔයා උනත් සිව්පස්නම කියන්නේ මොකද්ද කියලා දන්නේ ඒ වචන තිබුන නිසානේ. ඕවා වෙනස් කරන්න යන්න එපා.
මේ වචනත් හැදිලා තියන්නේ ඔය විදිහට
දහ අට = අටළොස්
විසි එක = එක් විසි
විසි දෙක = දෙ විසි
විසි හතර = සූ විසි
විසි පහ = පස් විසි
විසි අට = අට විසි
නවය නපුරු යි කියලා අපේ පැරැන්නෝ හිතලා තියනවා. තාමත් ජන සමාජයේ යම්තාක් දුරකට ඒ මතය තියනවනේ. ඒ නිසා කමතේ බැත මනින කොට අටට පස්සේ නමයයි කියන්න ගොවියෝ අකමැතී. ඉතිං නවය නොකියා ඒ වෙනුවට අට හොඳ යි කියනවලු. ඒ කියන්නේ අටට පස්සේ අට හොදයි කියනවලු. අන්න ඔය වගෙ කාරණාත් අපේ ජන සමාජයේ තියනවා.
ආයිත් කියන්නේ ඕවා තියෙන්න ඕනේ. තිබුන නිසානේ අපි කතා කරන්නේ. අනික ඔහොම වචනයක් තිබුනා කියලා කාටවත් වරදක් වෙන්නෙ නෑනේ. ඉතිං තිබුනදෙන් උඹලත් ඒවා ඒවිදිහට භාවිතා කරපල්ලා. ඕනවට වඩා රැඩිකල් වෙන්න ඕනෙ නෑ. ලෝකේ ඉතිහාසයක් තිබුන ඕනෙම රටක ඔය වගේ දේවල් තියනවා.
thanks maame



