අනුරගෙ දිවුරුම්දීමෙ උත්සවේ ස්වාමීන් වහන්සේලා ජාතික ගීයට නැගිටපු එක ගැන විවේචන වගයක් තියෙනව දැක්ක..ජාතික ගීයට නැගිටිනව කියන්නෙ, ඒකට ගරු කිරීමක්..ඇත්තටම ස්වාමීන් වහන්සේලට එහෙම ගරු කිරීමක් කරන්ඩ හොඳ නැද්ද..
බුදු හාමුදුරුවන්ගේ සුලු මව උනේ මහා ප්‍රජාපතී ගෝතමිය, ගෝතමිය පිරිනිවන්පාන්ඩ යන වෙලාවෙ බුදු හාමුදුරුවොත් එතුමියට මේ විදිහේ ගරු කිරීමක් කරා.. බුදු හාමුදුරුවො තමන් වහන්සේ පොඩි කාලෙ අම්ම නැති අඩුව දැනෙන්ඩ නොදී, හදාවඩාගත්ත ප්‍රජාපතියට ගරුකිරීමක් වශයෙන් අවසන් මොහොතේ එතුමිය පිරිනිවන්පාන්ඩ යන වෙලාවෙ, භික්ෂූන් වහන්සේලත් පිරිවරාගෙන විහාර දොරටුව දක්වා ගෝතමිය පසුපසින් පසුගමන් ගියා ..
ඉතින් බුද්ධ ශාසනේ පවතින රටක් වශයෙන්, ලංකාව තියෙන හින්දයි ලංකා භූමියේ මුල්බැසගෙන බුද්ශාසනේ තියෙන්නෙ..ඒක හින්ද ලංකාවෙ ජාතික ගීය කියද්දි ඒකට ගරු කිරීමක් වශයෙන් ස්වාමීන් වහන්සේල නැගිට්ටට වැරැද්දක් කියන්ඩ බෑ..බුදු හාමුදුරුවො කියන ලෝකෙ හිටපු ශේෂ්ඨතම පුද්ගලයත් කෙනෙකුට ගරු කිරීමක් විදිහට පසුගමන් ගියා නන්, භික්ෂූන් වහන්සේල පිරිසක් ඒ විදිහෙ දෙයක් කරපු එකට කොහොමද වැරැදියි කියන්නෙ..
#madhawavish