මේකට මුල්වෙලා තියෙන්නෙ නාමල් උයනේ හාමුදුරුවෝ කියපු ප්‍රකාෂයක් මම දන්න විදියට. මම මීට අවුරුදු 10 කට විතර කලින් උදය වරුවෙ දඹුලු විහාරෙට ගිය ගමන් වාහනේ පාර්ක් කරල තිබුන තැන හරියෙ මම ඉන්නකොට ඕකට ආව පන්සලේ ලොකු හාමුදුරුවො කියන හිතන්න පුලුවන් හාමුදුරු නමක්, ආවෙ සුදුපාට බෙන්ස් එකකින් එතනම තිබුන ඒ වගේම තවත් ඒවගේම බෙන්ස් එකක් හෝදන්න දාල, සාමාන්‍යයෙන් බෙන්ස් එකක් ගන්නත් සල්ලි ගොඩක් තියෙන්න ඕන ඒ වගේම නඩත්තු කරන්නත් විශාල මුදලක් යනව. ඒ විතරක් නෙමෙයි අර ගෝල්ඩන් කී සිද්ධියෙත් ප්‍රකට හාමුදුරුනමක් කෝටි ගණන් ඕකෙ තැන්පත් කරපු බව හෙලිවුනේ, ඒ වගේම ලංකාවේ ප්‍රකට පන්සල් ගොඩකට බෙන්ස් ලෑන්ඩ් කෘෘසර් වගේ වාහන එමට තියෙනව මම දන්න විදියට.
දැන් මෙතන මට ප්‍රශ්නෙ තියෙන්නෙ සමහරක් පන්සල් ඔය ලොක් හාමුදුරුවරු සල්ලිකාරයො වෙන එක නෙමෙයි මට හිතට අමාරු එහෙම තියෙද්දි සමහර පන්සල් වල ඝාන්ඨාර කුළුණු හදාගන්නත් සල්ලි නෑ, සමහර පන්සල් වල ලයිට් බිල් ගෙවාගන්න බෑ, සමහර පන්සල් වල දානෙ නැතුව දානෙ තමන්ම උයාගෙන වළඳනව, මම සම්බන්ද එක්තරා ගමක පන්සලක දහම්පාසල් ගොඩනැගිල්ලක් හදන්නත් අරමුදල් හොයාගන්න වැඩකටත් මම දායක වුනා ඒ පන්සල් එච්චරම දුප්පත් පන්සලක් නෙමෙය් ඒ වුනත් සල්ලි හොයාගන්න අමාරුකම් හින්ද වැඩේ සෑහෙන ඇදුන. මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ සල්ලි යෙදවීමෙන් තමයි, මේකට රජය මැදිහත් වෙලා හරි නැතුව හරි ලංකාවේ දුප්පත් පන්සල් ටික හොඳ මට්ටමකට ගේන්න ඕන, ඊට පස්සෙ ඔය සල්ලිකාර පන්සල් වල හාමුදුරුවරු රෝල්ස් රොයිස් ලිමොසින් එකක වැඩල අනිත්‍යය, අතඇරීම ගැන බණ කිව්වත් මට කමක් නෑ. ඔය බෞද්ධයො අන්‍යාගම් වීමේ හේතු සමහරක් ගත්තාම ආර්ථිකය සම්බන්ධ කරුණු වැඩියි. රාමසාන් සීසන් එකට මුස්ලිම් සල්ලිකාරයො අනිත් මුස්ලිම් පවුල්වලට දන්දෙන හැටි ඇහුවහම මට බෞද්ධයෙක් විදියට පුදුම විදියට ලැජ්ජ හිතුනා. ඇත්තටම ඔය කතෝලික පල්ලි වලින් කොච්චර සල්ලි වියදං කරල charity වැඩ කරනවද, අපි ලෝකෙට පේන්න සමහර පන්සල් පෝසත් කරනව, දන්නෙම නැතුව බුද්ධාගමත් වියැකෙනව අපේ වැරදි හින්දම....