හාර ලක්ෂ මංකොල්ලය සහ ජෝන් සිල්වා මිනී මැරුම

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,927
    3,278
    113
    හාර ලක්ෂ මංකොල්ලය සහ ජෝන් සිල්වා මිනී මැරුම (ටර්ෆ් ක්ලබ් රොබරි )
    ======================================

    “හාරලක්ෂ මංකොල්ලය” නිකමට වගේ ඕබේ ආච්චිගෙන් හෝ සියගෙන් අහල බලන්න ශ්රීලංකා ඉතිහාසයේ සිදුවූ සුප්රකටම මංකොල්ලයක් සහ මිනීමැරුමක් වන ටර්ෆ් ක්ලබ් මංකොල්ලය ඒ කාලේ හැමෝගෙම අවදානය දිනා ගන්න සමත් වුනා. වැල්ලම්පිටිය හන්දියේ තිබුණ ජේම්ස් සෙනෙවිරත්න ගේ මිනී පෙට්ටි සාප්පුව තුල සුක්ෂමව සංවිධානාත්මකව සිදුකල ඒ අපරාධයේ මහමොලකරු වන්නේ ජේම්ස් සෙනෙවිරත්නයි හාරලක්ෂෙ මංකොල්ලයේ ප්රධාන මොළකාරයා.

    1949 ජනවාරි 31 වැනිදා සිදුවුණු හාරලක්ෂ මංකොල්ලය (ටර්ෆ් ක්ලබ් කොල්ලය) අපේ රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ දරුණුතම අපරාධයක්.

    හාරලක්ෂ මංකොල්ලය වෙන්නේ වයිට් හවුස් මිනීමරුමේ අතුරු ප්රතිපලයක් නිසා, ඒක තමයි මේ කතාවේ ආරම්භය . කොළඹ තුරඟ තරග පිටියේ සෙනසුරාදා පැවැත්වෙන තරගවලින් ලැබෙන සල්ලි කොළඹ කොටුවේ චාටඩ් බැංකුවේ තැන්පත් කරන්නේ සඳුදායි එක තමයි අපේ බාසාවෙන් කියනවනම් රූටින් එක. සල්ලි කොළඹ අම්ස්ටෝන් ගරාජ් කියන ආයතනයෙන් එන Chevrolet (චවොලේ ) ඉසැඩ් 6033 වර්ගයේ රථයකින් පොලිස් නිලධාරියෙක් සමග කොළඹ තුරග තරග පිටියට විත් එතැන් සිට කැෂියර් වරු දෙදෙනක් සමග බැංකුව වෙත ගෙනයනවා.

    තුරග තරග පිටියේ ඇත්තේ කළු සල්ලි බවත් අසාධාරණ සල්ලි මංකොල්ල කෑම සාධාරණය කරමින් ජේමිස් සෙනවිරත්න මෙම අපරාධය සැලසුම් කරනවා . ඒ සඳහා ඔහු තවත් කීපදෙනෙකුගේ සහාය ලබා ගන්නවා. ඒතමයි ; මාකවිටගේ විජේදාස , රාජපක්ෂ නොහොත් වෙදමහත්තයා සහ මුණසිංහ අරච්චි ලේකම්ගේ වජිර මුණසිංහ යන අයයි. ඔවුන් මේ මංකොල්ලය කුමන්ත්රණය කරන්නේ සෙනෙවිරත්නගේ මිනීපෙට්ටි සාප්පුවේ ඉඳන්. රාජපක්ෂ මෙයට වීරසිංහ නමැති පට්ටල්කාරයෙක් ද සම්බන්ධ කර ගන්නවා.

    සොරකමින් පසු එකලග සල්ලි වියදම් කිරීමෙන් පොලිසියට අසුවිය හැකි බවත් සොරාගත් මුදල බෙදා හරින්නේ මාස හයකට පසුව බව සෙනෙවිරත්න සගයන්ට කියද්දී වීරසිංහ ඊට විරුද්ධ වෙනවා. වීරසිංහ වැන්නකු මෙවැනි කුමන්ත්රණයකට එක්කර ගැනීම සම්බන්ධයෙන් සෙනෙවිරත්න රාජපක්ෂට අනතුරු අගවනවා. පසුව වීරසිංහ වෙනුවට රූපානන්ද නමැත්තකු යොදවා ගන්නවා .

    1949 ජනවාරි මස 29 වැනි දින සැලසුමට අනුව රූපානන්ද අම්ස්ට්රොන්ග් ගරාජයට ගොස් රුපියල් 50ක අත්තිකාරම් මුදලක් දී පුත්තලමට යෑම සඳහා වාහනයක් වෙන්කරවා ගන්නවා. සැලසුමට අනුව එම රථය ක්ලබ් එකේ සල්ලි ගෙනියන රථය වගේම වර්ගයේ වහනයකි. ගරාජයෙන් ඊට එකග වනවා. රූපානන්ද, මුණසිංහද සමඟ ගරාජයට ගොස් මෝටර් රිය ලබා ගන්නවා. එම රථයේ රියැදුරු වන්නේ කුරුවිටගේ ජෝන් සිල්වා නමැති අයයි. තොටළඟ වික්ටෝරියා පාලම අසලදී විජේදාස රථයට ගොඩ වෙනවා.

    මේ අතර සෙනෙවිරත්න හා රාජපක්ෂ CE 757 දරන කුඩා ස්ටැන්ඩර්ඩ් වර්ගයේ මෝටර් රියකින් පුත්තලම බලා පිටත් වෙනවා.

    ජෝන් සිල්වා ගේ මෝටර් රිය අනුරාධපුර පාරේ පුත්තලම් 13/4 දරන බෝක්කුව වෙත ළඟාවෙද්දී විජේදාසට බොරු බඩේ කැක්කුමක් එනවා.විජේදසට ඇතිවූ හදිස්සිය නිසා රිය නවත්වන ජෝන් සිල්වා ට නොසිතු ලෙස කැලයේ සිට කඩා වදින සෙනෙවිරත්න හා රාජපක්ෂගෙන් ප්රහාරයක් එල්ල වෙනවා රියදුරු කැලයට පැහැර ගෙන යනවා. වෙස්වළාගෙන සිටින ඔවුන් දෙදෙනා රියැදුරා ගසක බැඳ ගෑස් මුහුණක් පලඳවනවා ඝන කැලැව තුල රුවා රථය ගෙන පිටත් වෙනවා. රියදුරු ජෝන් සිල්වා මිය යන්නේ එහි ප්රතිඵල වශයෙන්. රියදුරු ජෝන් සිල්වා ඝාතනය කිරීමට සැලසුම් කර නොසිටි මුත් එය කරුමෙකට සිදුවූවක් බව අපරාධ කරුවන් පසුව පපොචාරණය කර තිබුනා.

    ජනවාරි 31 වෙනිදා අම්ස්ට්රොන්ග්ගේ ගරාජ් එකට අමුතු දුරකථන ඇමතුමක් එනවා. මරදාන ප්රදේශයේ නවාතැන් පොලක සිට දුරකතනයකින් ගරාජය අමතන රුපසිංහ ටර්ෆ් ක්ලබ් (තුරග තරග පිටිය ) එකේ මුදල් ගෙනියන්න එන වහනය මදක් ප්රමාද කොට ගෙනෙන ලෙස දැනුම් දෙන්නේ හරියට එහි සේවකයෙක් වගේ.මේ අතර තුරේ ජෝන් සිල්වා මරා පැහැර ගත් මෝටර් රියේ නැඟී රියැදුරු ලෙස විජේදාසත් පොලිස් පරීක්ෂක ලෙස මුණසිංහත් දක්ෂලෙස වෙස්වලාගෙන තුරඟ තරග පිටියට එනවා. සියල්ල වෙනදා මෙන් සාමකාමිව හරි ක්රමයට සිදුවෙන නිසා කැෂියර් තැන ලක්ෂ හතරේ මුදල් බහලු ට්රන්ක පෙට්ටිය රථයට දමා තවත් කැෂියර්වරුන් දෙදෙනකු සමඟ රියට ගොඩ වෙනවා.

    කිසිම වෙනසක් නැතුව මෝටර් රිය කොළඹ කෞතුකාගාරය ආසන්නයට ලගාවෙනවත් සමගම පොලිස් වෙස් ගෙන සිටි මුණසිංහ කෑෂියර්වරුන්ට රිවෝල්වරයක් එල්ලකොට ඔවුන් බිය වද්දනවා. කැෂියර් වරු මුණසිංහ සමග පොර බදින අතර මහිදී සිදුවූ වෙඩි පහරකින් එක කැෂියර් වරයෙක් තුවාල ලබනවා. ඒත් සමගම පිටුපසින් මෝටර් බයිසිකලයක එන සෙනෙවිරත්න හා රාජපක්ෂ මෝටර් රියට කඩා වැදී මුදල් පෙට්ටිය සොරකම් කරගෙන වෙනත් රියක නැඟී පලා යන්නේ අලුත්කඩේ සාංචි ආරච්චිගේ නොහොත් සයිමන් ද සිල්වා ජයසිංහගේ වත්තටයි . සංචි ආරච්චි විශේෂ පුද්ගලයෙකි ඔහු යනු දෙහිවල ගල්කිස්ස නගරාධිපතිව සිටි එස් ද එස් ජයසිංහගේ සහෝදරයෙකි. අදකාලේ වගේ තමයි එකලෙත් පොඩි දේශපාලන හයියක් ඔනී වැඩක් දෙන්න. කොහොම උනත් අරච්ච් වත්තට එන මංකොල්ල කරුවන් වේලු නමැති පුද්ගලයෙකුගේ නිවසේ මුදල් සගවනවා. රථය නොරිස් පාරේ අතහැර දමනවා.

    මතකද අපි අර කලින් සදහන් කල වීරසිංහ? ඔව් ඔක්කොටම කලින් සල්ලි ඕනේ කිව්වා වීරසිංහ, 1949 පෙබරවාරි 04 වැනි දා පැවතෙන නිදහස් සමරු උත්සවයට සහභාගි වන වීරසිංහ හන්දියේ කඩෙන් පත්තරයක් මිලට ගන්නේ සුපුරුදු ලෙස රටේ මොනවද වෙන්නේ කියල බලන්න.සිරස්තල දකින වීරසිංහට උන් හිටිතැන් අමතක වෙනවා. හැම පත්තරේකම මහා දවාලේ සිද්දවුන මේ මංකොල්ලය ගැන සදහන් වෙනවා. වහාම රාජපක්ෂ සොයා යන සල්ලි ඉල්ලනවා. එහිදී රාජපක්ෂ වීර සිංහගේ කට වැසීම සදහා මසතුනක් ගතවූ පසුව සල්ලි ලබා දෙන්න පොරොන්දු වෙනවා. මේ අතර මංකොල්ලය පිළිබඳ ඔත්තු සපයන අයට රුපියල් 20000/= මුදලක් දෙන බවට රජය නිවේදනය කරනවා .මුදල් කැදරකමේ සිටින වීරසිංහ පොලිසියට ඔත්තුව දෙනවා.

    ලැබුණු තොරතුරු මත ක්රියාත්මක වන පොලිසිය හොරුන් මංකොල්ල කරුවන් එකින් එකා කෙමින් නීතියේ රැහැනට හසුකර ගන්න සමත්වෙන අතර තුන්වැනි විත්තිකරු වන රාජපක්ෂ රජයේ සාක්ෂිකරුවකු වශයෙන් පෙනී සිටිනට එකග වීම සුවිශේෂී කාරණාවක් වෙනවා.

    මෙම නඩු විධාගයේදී සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගත් බව සදහන් වෙනවා ඒ අතුරෙන් මහා මොළකරුවන් වන

    1.ජේමිස් සෙනෙවිරත්න
    2.ජේ.පී. රාජපක්ෂ නොහොත් වෙද මහත්තයා
    3.මුණසිංහ අරච්චි ලේකම්ගේ වජිර මුණසිංහ
    4.මකවිටගේ විජේදාස පෙරේරා

    යන සිව්දෙනා ටර්ෆ් ක්ලබ් මංකොල්ලයටත් ජෝන් සිල්වා ඝාතනයටත් වරද කරුවන් වී පසුව පෝරකයට නියම වෙනවා

    මේ හාරලක්ෂෙ මංකොල්ලය ඇසුරෙන් ටයිටස් තොටවත්ත අපේ ටයි මාමා 1971 දී "හාර ලක්සෙ" නමින් විශිෂ්ට සිනමා නිර්මාණයක් කරනවා එය අනිවාර්යයෙන්ම මෙරට හදපු හොඳම චිත්රපට දහයෙන් එකක් එවගේම තමයි එය කාන්තා නියෝජනයක් නැතුව කෙරුණු එකම සිංහල චිත්රපටිය .හාරලක්ෂ මංකොල්ලය ගැන පොතක් ලියැවී තිබෙනවා. එහි පිටපත් හුඟක් දුර්ලභයි එකේ කතෘ ඒ.සී. අලස් මහතායි. ඒවගේම තමයි අමතක කරන්න බැරි අපෙ සුප්රසිද්ධ ගායක ඇන්ටන් ජොන් මහතා මේ කතාව අල්ලලා සිංදුවකුත් කරලා තියනවා නිවිහැනහිල්ලේ අහල බලන්න හරිම රසවත් ලෙස ඒ ගීතය රචනා කරලා තියෙනවා.

    උපුටා ගැනීමකි.

    #LawTalk #Lawstudents #Education ⚖
     

    Attachments

    • FB_IMG_1609943976324.jpg
      FB_IMG_1609943976324.jpg
      11.9 KB · Views: 154
    • FB_IMG_1609943978915.jpg
      FB_IMG_1609943978915.jpg
      11 KB · Views: 148
    • FB_IMG_1609943981338.jpg
      FB_IMG_1609943981338.jpg
      36.8 KB · Views: 148
    • FB_IMG_1609943983676.jpg
      FB_IMG_1609943983676.jpg
      63.2 KB · Views: 153
    • FB_IMG_1609943988574.jpg
      FB_IMG_1609943988574.jpg
      108.6 KB · Views: 149

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    වයිට් හවුස් මිනීමැරුමට හිරේ ගිය පීටර් පෙරේරා හෙවත් ලෑතර බාස් ව බේරා ගන්න මුදල් සපයා ගැනීමට තමයි හාරලක්ශේ මංකොල්ලය සිදු කරන්නේ. ඒකේ මහ මොළකරු උන ජේමිස් සෙනෙවිරත්න කියන්නේ පීටර් පෙරේරා ගේ මස්සිනා. මේ මිනීමැරුම් දෙක නිසා දහදෙනෙකුට දිවි අහිමි උනා.
     
    • Like
    Reactions: Stimulus mind

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,415
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    වයිට් හවුස් මිනීමැරුමට හිරේ ගිය පීටර් පෙරේරා හෙවත් ලෑතර බාස් ව බේරා ගන්න මුදල් සපයා ගැනීමට තමයි හාරලක්ශේ මංකොල්ලය සිදු කරන්නේ. ඒකේ මහ මොළකරු උන ජේමිස් සෙනෙවිරත්න කියන්නේ පීටර් පෙරේරා ගේ මස්සිනා. මේ මිනීමැරුම් දෙක නිසා දහදෙනෙකුට දිවි අහිමි උනා.
    දහ දෙනෙකුට දිවි අහිමි වෙන්නේ කොහොමද බං?

    පලිය ගන්න මාරළද?
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    දහ දෙනෙකුට දිවි අහිමි වෙන්නේ කොහොමද බං?

    පලිය ගන්න මාරළද?
    වයිට් හවුස් මිනීමැරුමේ මූලික විත්ති කාරයෙක් වෙච්ච A . R . පීටර් පෙරේරා හෙවත් 'ලෑතර බාස්' ව මිනීමැරුම් නඩුවෙන් බේරා ගන්න මුදල් හොයාගන්න එයාගේ මස්සිනා වන ජේමිස් සෙනෙවිරත්න හාර ලක්ෂෙ මංකොල්ලය හෙවත් සිලෝන් ටර්ෆ් ක්ලබ් මංකොල්ලය සිදු කළා.

    වයිට් හවුස් මංකොල්ලයේදී ජෝන් වයිට්හවුස් නැමැත්තාව වෙඩි තබා ඝාතනය කල අතර ලෑතර බාස් , හල්පේ මාටින්, සුරබියෙල් , කොටි ඇල්බට් යන හතර දෙනා එල්ලා මැරුවා.

    ඔවුන්ව බේරාගන්න මුදල් හොයාගන්න සිදු කරපු හාරලක්ෂේ මංකොල්ලයේදී ජෝන් සිල්වා ගෑස් මාස්ක් එකක් දැමීම නිසා හුස්ම හිරවී මියගිය අතර ජේම්ස් සෙනෙවිරත්න,ජයනන්ද ප්‍රේමලාල් ,වර්ලිස් මුණසිංහ, විජේදාස පෙරේරා මරණීය දණ්ඩනයට යටත් උනා. .

    අන්තිමට දහ දෙනෙකුට ජීවිත අහිමි උනා
     
    • Like
    Reactions: -333-