චගු;12538304 said:ඔබ හොඳ කතිකාවතකට සුදුසු ත්‍රෙඩ් එකක් දාල තියෙන්නෙ සහෝදරයා, එයට ස්තුතියි.
නමුත් පිරිත් තඹ පත් ඉරුවල, කඩදාසි වල ලියල තිබ්බට, ගමටම ඇහෙන්නට රේඩියෝ එකේ දැම්මට සෙතක් ලැබෙන්නෙ නෑ මචන්, ඒ ගෙදර ඉන්න අය ධාර්මික නැති නම්. ඒ ක්‍රියාවෙන් වැඩක් නෑ මචන්.
අහල තියෙනව නේද "ධම්මො භවෙ රක්ඛති ධම්මචාරි" කියල.. ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය මගින් රකිනු ලබයි.
චුට්ටක් තාර්කිකව හිතන්න; ඔබ ගංජා විකුණලා, ගේම් දීල, ගොන් බඩු සීන් එකේ ඉඳලා සල්ලි හම්බ කරලා, ඒවා පෙට්ටගමක දාල, ඒක ඇතුලට මේ ගාථාව ලියපු කොළයක් දාල, පෙට්ටගමටයි, ගමටයි ඇහෙන්න පිරිත් දැම්මාම ඒ මුදලට ආරක්ෂාවක් පිරිතෙන් ලැබෙනවා නම්, ඒකටද අපේ තථාගතයන් වහන්සේ සාරාසංඛ්ය කල්ප ලක්ශයක් පෙරුම් පිරුවෙ ?
පෙර ආත්ම භවයන්හි ඔබ අනුන්ගෙ දේ බලෙන් හොරකමින් අරගෙන අකුසල් රැස්කර ගත්තු කෙනෙක් නම්, පිරිත් කිව්වා කියල පවු පටිසන් දෙන එක නවතින්නෙ නෑ, ඔබේ දෙයත් අනුන් බලෙන්, හොරකමින් ගන්නවා.. ඔබ දුන්න ගේම ඔබට රිටර්න් වෙනවා.. ඒක තමයි කර්මය හා එහි ඵලය.
අපි නිවැරදිව දකිමු සහෝ.. ඔබ ධාර්මික කෙනෙක් නම් තමයි පිරිතේ බලය ඔබ කෙරෙහි පවත්වන්නෙ.. සමහර විට ඔබ දන්නව ඇති පිරිත් වල තියෙනව ස්වර මාත්‍රා.. ඒ මාත්‍රා හරියට අනුගමනය කරල තමයි අපේ ස්වාමීන්වහන්සේලා පිරිත් කියන්නෙ. එහෙම නැතුව ඇදලා-පැදලා රැප් කරලා විරිඳු වගේ කියන පිරිතෙන් ඒ රැකවරණය ලැබෙන්නෙ නෑ.
අනිත් එක තමයි ධාර්මික පුද්ගලයා රැකීමට දෙවිවරුත් පෙලගැසී ඉන්නවා.. ඔබ ටිකක් විස්තර හෙව්වොත් මේවට උදාහරන ඕනි තරම්.
හොඳට තේරුම් ගන්න මචන්, පිරිත් කියන්නෙයි, මන්තර කියන්නෙයි දෙකක්.
මන්තර පොතක් අරන් ගිහින් ඒක බලාගෙන මන්තර කියෙව්වට අපිට පුළුවන් ද මන්තර වලින් වැඩ ගන්න ? බෑ නේද
ඒ වගෙ තමයි, මිත්‍යාදෘෂ්ඨික වෙලා හෝ, පාපතරයෙක් වෙලා හෝ පිරිත් කිව්වට කිසිම දෙයක් වෙන්නෙ නෑ මචන්.
මුලින්ම ධර්මය අවබෝධයෙන් පිළිපදින්න. එතකොට ඔබත්, ඔබේ දේත් ඔබට දුකක් නොවෙන්නට ධර්මය විසින් ම රැකේවි.
තෙරුවන් සරණයි සහෝ.
ත්‍රෙඩ් එක නවත්වන්න එපා මචන්.. අපි මෙතන ඒ පිරිත් පෝස්ට් කරමු.. ධාර්මිකව ජීවත් වෙන අය ඒ පිරිත් ගෙදර සඤ්ඤායනා කළොත් ඒ අයට සෙතක් වේවි. දිගටම ලියන්න සහෝ. මේක බොහොම හොඳ වැඩක්.
.....well said....