හා.. කියන්න පෙර හිතන්න!

හා.. කියන්න පෙර හිතන්න!

මුලදි හා කියලා පස්සේ බෑ කියන පෙම්වතියගෙන්
පෙම්වතාට ලක්ෂ 50ක වන්දියක්




විවාහ බලාපොරොත්තු කඩ කිරීමෙන් පෙම්වතාට වූ හානියට රුපියල් පනස් ලක්ෂ පනස් දහසක වන්දියක් ගෙවන ලෙස කොළඹ දිසා අධිකරණය පෙම්වතියට නියෝග කෙළේය.
ඕමානයේ දී හටගත් ප්‍රේමය සුණු විසුණුකර දවමින් සිය විවාහ බලාපොරොත්තු කඩකෙළේ යැයි පවසමින් මුල්ලේරියාවේ පදිංචි ඒ. එන්. ..... මහතා මේ නඩුව පවරා තිබිණි. නඩුවේ විත්තිකාරිය ලෙස මීගම ඒ. ඒ. එස්...........නම්කර තිබිණි.
කොළඹ අතිරේක දිසා විනිසුරු විකුම් ඒ. කළුආරච්චි මහතා ඉදිරියේ නඩුව විභාග කිරීමෙන් පසුව මෙසේ රුපියල් ලක්ෂ පනහක වන්දියක්ද, තරුණියට රන් ආභරණ මිලදී ගත් රුපියල් පනස් දහසක මුදල හා නඩු ගාස්තු පැමිණිලිකාර පෙම්වතාට ගෙවන ලෙස විත්තිකාර පෙම්වතියට නියෝග කෙළේය.
තරුණිය අධිකරණයේ පෙනි නොසිටි අතර නඩුව ඒක පාර්ශ්විකව විභාග කෙරිණි.
විත්තිකාරිය අධිකරණයේ පෙනී සිටි නඩුවේ හරස් ප්‍රශ්න වලට මුහුණ දී නැතත්, විත්තිකාරිය පැමිණිලිකාර තරුණයාට ඉදිරිපත් කළ ලිපි (ආදර හසුන්) මගින් විවාහ බලාපොරොත්තුද තබා ඇති බව අධිකරණයට හැඟීයන බව විනිසුරුවරයා සිය තීන්දුව ලබා දෙමින් සඳහන් කර තිබිණි.
පැමිණිල්ලට ගොණුකර ඇති දෙදෙනාගේ ඡායාරූප මගින් එය වඩාත් තහවුරුවන බවද විනිසුරුවරයා සඳහන් කර ඇත. නඩුවේ කරුණු තහවුරු කරමින් මෙසේ ද සඳහන් කර තිබිණි.
1999 මාර්තු මාසයේදී මේ ප්‍රේම සම්බන්ධය ඕමානයේදී ආරම්භ වී ඇත. තරුණයා හා තරුණිය ඕමාන් ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කළහ. නිතර හමුවූ ඔවුන් විවාහ වන බලාපොරොත්තුවෙන් ලංකාවට පැමිණියේය.
දෙපාර්ශ්වයේ මව්පිය ආශීර්වාදය මැද ප්‍රේම සම්බන්ධය තවත් දළුලා වැඩෙන්නට විය. තරුණිය විවාහ දිනයේ පළදින රන් ආභරණ රුපියල් පනස් දහසක වියදමින් ලබා දෙන්නට තරුණයා උත්සුක වූවේය.
අනේ....... ඉතිං පැටියෝ අපි විවාහ වුනාම මේ දුක නැතිවේවි නේද? තරුණිය ආදර හසුන් දිගින් දිගටම ලීවාය. මෙසේ සඳහන් ලිපි පහක් සාක්ෂි ලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
2002 අප්‍රියෙල් 18 දින මේ බලාපොරොත්තුද බිඳ දැමූ පෙම්වතිය විවාහය සිදු නොවන බව තරුණයාට පැවසුවාය.
පෙම්වතියගේ් ක්‍රියා කලාපය හේතුවෙන් තමා සමාජය ඉදිරියේත්, දෙමාපිය නෑදෑ හිතමිත්‍රාදීන් හමුවෙත් සමච්චලයට ලක්වූ බව පැමිණිලිකරු අධිකරණයට කරුණු ගොණුකැර තිබිණි.
පැමිණිලිකරු හා විත්තිකාරිය විවාහ වී නොමැති වුවත් සිදුවී ඇති අගතිය වෙනුවෙන් පැමිණිලිකරුට මේ වන්දි මුදල හිමිවිය යුතු බවද විනිසුරුවරයා සඳහන් කර ඇත.
විත්තිකාරියට තීන්දුව භාරදීම ලබන 19 දින වාර්තා කැඳවන ලෙසද විනිසුරුවරයා නියෝග කෙළේය.
 

The_CN

Member
May 2, 2009
1,614
7
0
34
Anuradapura
මටත් තියනවා වන්දියක් ඉල්ලන්න මගේ කෙල්ල ගෙන් වන්දිය ලැබෙයිද මචං.....:nerd::nerd::nerd:
 

kitty***

Member
Feb 9, 2008
4,828
111
0
Negombo
Me Attama Atta News Ekakda?mona unat
Eka Nam Shoooy Wadak...
11.gif
:lol:
 

thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ගජං මල්ලී;5430561 said:
    නැති හැටි පෙනෙයි දෙයක් වුනාම.:lol:
    පොරොන්දු කඩ කිරීම-මානසිකව සිදු වූ පීඩනය-අවමානය වැනි මේ ඕන දෙයක් වන්දි ගන්න පුලුවන් වැරදි.
    marry karanna promise wena eka contract ekak widiyata gan na neda :rolleyes:
     

    Similar threads