~:~ හා හා පුරා කියලා පුංචි ඔයාලට ~:~

Aug 2, 2014
158
17
0
~:~ හා හා පුරා කියලා පුංචි ඔයාලට ~:~

ඔන්න මම හා හා පුරා කියලා පුංචි ඔයාලට කියලා දෙන්න හදන්නේ ප්‍රස්ථා පිරුළු ගැනයි. අපේ සිංහලයන් අතර ඉස්සර ඉදලම තැනට ගැලපෙන අයුරින් එක එක කියුම් කීමේ පුරුද්දක් තිබුනා. ඒ වගේ කියුම් උපහාසයට, අපහාසයට වගේම උපදෙස් දෙන්නත් අවස්ථාවේ හැටියට යොදා ගත්තා. මේ කියුම් වලට තමයි අපි ප්‍රස්ථා පිරුළු කියලා කියන්නේ. මේ ප්‍රස්ථා පිරුළු බොහෝමයකට හේතුවෙලා තියෙන්නේ රසවත් කතන්දරයක්. ඉස්සර උදවිය මේ ප්‍රස්ථා පිරුළු වලට බොහෝම ඇල්මක් දැක්වූවා. අදත් ගම්බද තරමක් වයසක කෙනෙක් එක්ක කතාබහේ යෙදුනොත් මේ කියන පිරුළු වලින් දෙක තුනක් වත් අහගන්න පුළුවන්.



අහසේ මාලිගා තනනවා


එක්තරා තරුණ ගොවියෙක් තමන්ගේ ගෙදර හාන්සි පුටුවේ දිගාවෙලා කල්පනා කරමින් හිටියා.
එයාගේ ගෙදර ගේට්ටුව දෙපැත්තේ ඇති මුරුංගා ගස් දෙක කරල් වලින් බරවෙලා තියෙනවා මේ තරුණයා දැක්කා. “මෙදා නම් මුරුංගා ගස් දෙකම කරල් වලින් බරවෙලා. මේ පලාතටම වෙන මුරුංගා ගස්වල කරල් නැහැ. මෙදා පාර නම් මුරුංගා විකුණලා මට මුදල් බොහෝමයක් එකතු කරගන්න පුළුවන්. මුරුංගා වලින්
ලැබෙන සල්ලි වලින් මම එළදෙනුන් හත් අටදෙනෙක් ගන්නවා.


එතකොට උන් පැටවුන් විසි තිස් ගණනක් බිහි කරාවි. එතකොට එළකිරි විකුණලා මට පවුම් හැට හැත්තෑවක් උපයා ගන්න පුළුවන්. වැඩි කාලයක් යන්නෙම නැතිව තවත් පැටවුන් ලැබෙයි. එතකොට එළදෙනුන් සියගණනක් මං ගාව ඉන්නවා. මාගේ මාසික ආදායමත් සිය ගණනක් වේවි.


එතකොට බැරියැයි මගේ තත්වයට ගැලපෙන විවාහයක් කරගන්න. ගමේ පළවෙනි ගමරාළගේ දූ මගේ බිරිද වශයෙන් ගැලපේවි. ඈ කැන්දාගෙන එන මගුල් උලෙල බොහෝම ලස්සනට කරන්ට ඕනෑ. නෑදෑයෝ බදින තොරණ ඇරෙන්න මාත් තොරණක් බදින්න ඕනෑ. ඒ තොරන මේ පළාතේ වෙන තැනක හැදුවේ නැති තරම් ලස්සන ලොකු එකක් වේවි.


මේ මුරුංගා ගස් දෙක නිසා මගේ මගුල් තොරණ බදින්ට ඉඩ නෑ. ඒ නිසා මේ ගස් දෙක කපන්ට ඕනෑ. මේ විදියට මනෝ රාජ්‍යෙයේ සැරි සැරූ තරුණයා පොරවක් ගෙන ගොස් මුරුංගා ගස් දෙක කපා දැම්මා. ඉන් පස්සෙයි සිදුවුණ අලාභය ඔහුට වැටහුනේ. අන්තිමේදී සියලුම යස ඉසුරු බලාපොරොත්තු වුණු මුරුංගා ගස් දෙකත් ඔහුට නැති වුණා.


සමහරුන්ට මුදල් ලැබුණාම මෙවැනි දේ කරනවා, මෙහෙම ඉන්නවා යනුවෙන් හිතා මනෝ රාජ්‍යෙය් සැරි සරන අයට මේ ප්‍රස්ථා පිරුල යොදා ගන්නවා.



උපුටා ගැනීමක්
 
Aug 2, 2014
158
17
0
1 අගුලේ රග දැනෙන්නේ පැද්ද කල්හි ගගේයා
(යමක් ගැන හොද අවබෝධයක් ඇති වෙන්නේ අත්හදා බැලීමෙන් පසුවයි)

2 අට්ටික්කා ගහේ මල් පිපුනා වගෙයි
(අට්ටික්කා ගස්වල මල් නැහැ කියලයි කියන්නේ මල් නැතිවම කදේ හා අතුවල ගෙඩි හටගන්නවාලු. මලක් පිපුනොත් පුදුමයක්. ඒ වගේ පුදුම දෙයක් දුටු විට මේ පිරුල කියනු ලබයි)

3 අටුවෙන් දුමට බැස්සා වගෙයි
(අටුව හදල තියෙන්නේ දුමට උඩිනුයි. අටුවේ ඉන්නා විට ලිපේ රස්නය නිසා දුමට බැස්සම රස්නය තවත් වැඩි වෙනවා. විපතක් සිදුවෙමින් තියෙන වෙලාවට සැනසීමක් ලබා ගන්නට විකල්පයක් සොයා ගොස් ඊටත් වඩා විපතකට පත්වීම මින් අදහස් කරනවා.)

4 අඩන්න ඕනැලු කිරි එරෙන්න
(පැටියා අඩන විට මවට කිරි එරෙනවා. ඒ වගේම තමයි යම් කිසිදෙයක් ලබා ගැනීමට නම් ඉල්ලන්න ඕනෑ)

5 අඩු කලෙයි සෙලවෙන්නේ
(කලය පිරී ඇත්නම් සෙලවෙන්නේ නැත. ඒ වගේම තමයි අඩු උගත් තැනැත්තා කෑ ගසයි. උගත් තැනැත්තා නිශ්ශබ්දව සිටී)

6 අඩුව තිබියදී අත පුළුස්සා ගන්ට එපා
(ඕනෑම දෙයකට නියම ක්‍රමයක් තිබියදී අයථා ක්‍රමයෙන් යමක් කරන්නට තැත් කිරීමේදී මෙසේ කියයි)

7 ඉදි කටුව ළිදේ වැටුනා වාගෙයි
(අති දුෂ්කර කාර්යයක් සම්බන්ධයෙන් කියැවෙන්නකි)

8 ඉබ්බාට පැරදුනු හාවා වාගෙයි
(තමන්ගේ තරගකරුවාගේ බලය සුළු කොට සැලකීම නිසා පරාජය වන්නන්ට මෙසේ කියයි)

9 ඉතිපිසෝ මතක් වෙන්නේ අතපය වාරු නැතිවුනාමයි
(බොහෝ දෙනෙකුට තමන්ගේ ආගම සිහිවන්නේ වයසට ගිය විටදියි)

10 ඉදිකටු තුඩේ තපස් රකින්නා වාගෙයි
(ඉදිකටු තුඩ ඉතා සියුම්ය. එහි ඉදගෙන කිසිවෙකුටත් කිසිවක් කල නොහැක. එසේම නොකල හැකි වැඩක් සම්බන්ධයෙන් මෙය කියැවේ.)