~:~ හා හා පුරා කියලා පුංචි ඔයාලට ~:~
අහසේ මාලිගා තනනවා
එක්තරා තරුණ ගොවියෙක් තමන්ගේ ගෙදර හාන්සි පුටුවේ දිගාවෙලා කල්පනා කරමින් හිටියා.
එයාගේ ගෙදර ගේට්ටුව දෙපැත්තේ ඇති මුරුංගා ගස් දෙක කරල් වලින් බරවෙලා තියෙනවා මේ තරුණයා දැක්කා. “මෙදා නම් මුරුංගා ගස් දෙකම කරල් වලින් බරවෙලා. මේ පලාතටම වෙන මුරුංගා ගස්වල කරල් නැහැ. මෙදා පාර නම් මුරුංගා විකුණලා මට මුදල් බොහෝමයක් එකතු කරගන්න පුළුවන්. මුරුංගා වලින්
ලැබෙන සල්ලි වලින් මම එළදෙනුන් හත් අටදෙනෙක් ගන්නවා.
එතකොට උන් පැටවුන් විසි තිස් ගණනක් බිහි කරාවි. එතකොට එළකිරි විකුණලා මට පවුම් හැට හැත්තෑවක් උපයා ගන්න පුළුවන්. වැඩි කාලයක් යන්නෙම නැතිව තවත් පැටවුන් ලැබෙයි. එතකොට එළදෙනුන් සියගණනක් මං ගාව ඉන්නවා. මාගේ මාසික ආදායමත් සිය ගණනක් වේවි.
එතකොට බැරියැයි මගේ තත්වයට ගැලපෙන විවාහයක් කරගන්න. ගමේ පළවෙනි ගමරාළගේ දූ මගේ බිරිද වශයෙන් ගැලපේවි. ඈ කැන්දාගෙන එන මගුල් උලෙල බොහෝම ලස්සනට කරන්ට ඕනෑ. නෑදෑයෝ බදින තොරණ ඇරෙන්න මාත් තොරණක් බදින්න ඕනෑ. ඒ තොරන මේ පළාතේ වෙන තැනක හැදුවේ නැති තරම් ලස්සන ලොකු එකක් වේවි.
මේ මුරුංගා ගස් දෙක නිසා මගේ මගුල් තොරණ බදින්ට ඉඩ නෑ. ඒ නිසා මේ ගස් දෙක කපන්ට ඕනෑ. මේ විදියට මනෝ රාජ්යෙයේ සැරි සැරූ තරුණයා පොරවක් ගෙන ගොස් මුරුංගා ගස් දෙක කපා දැම්මා. ඉන් පස්සෙයි සිදුවුණ අලාභය ඔහුට වැටහුනේ. අන්තිමේදී සියලුම යස ඉසුරු බලාපොරොත්තු වුණු මුරුංගා ගස් දෙකත් ඔහුට නැති වුණා.
සමහරුන්ට මුදල් ලැබුණාම මෙවැනි දේ කරනවා, මෙහෙම ඉන්නවා යනුවෙන් හිතා මනෝ රාජ්‍යෙය් සැරි සරන අයට මේ ප්රස්ථා පිරුල යොදා ගන්නවා.
උපුටා ගැනීමක්
ඔන්න මම හා හා පුරා කියලා පුංචි ඔයාලට කියලා දෙන්න හදන්නේ ප්රස්ථා පිරුළු ගැනයි. අපේ සිංහලයන් අතර ඉස්සර ඉදලම තැනට ගැලපෙන අයුරින් එක එක කියුම් කීමේ පුරුද්දක් තිබුනා. ඒ වගේ කියුම් උපහාසයට, අපහාසයට වගේම උපදෙස් දෙන්නත් අවස්ථාවේ හැටියට යොදා ගත්තා. මේ කියුම් වලට තමයි අපි ප්රස්ථා පිරුළු කියලා කියන්නේ. මේ ප්රස්ථා පිරුළු බොහෝමයකට හේතුවෙලා තියෙන්නේ රසවත් කතන්දරයක්. ඉස්සර උදවිය මේ ප්රස්ථා පිරුළු වලට බොහෝම ඇල්මක් දැක්වූවා. අදත් ගම්බද තරමක් වයසක කෙනෙක් එක්ක කතාබහේ යෙදුනොත් මේ කියන පිරුළු වලින් දෙක තුනක් වත් අහගන්න පුළුවන්.