හැංගි හැංගි හෙලන බැලුම්...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හැංගි හැංගි හෙලන බැලුම්...

    හැංගි හැංගි හෙලන බැලුම්...
    ලංව ඉන්න හිතෙන තරම්...
    නින්ද අරං ඈත ගිහිං... මගේ ජීවිතේ....
    මන්ද තවත් සිටිනු දුරින්..
    එන්න මගේ ලගට ඉතින්...
    හද අඹරේ කැළුම් සලන තාරකාවියේ....

    නිසල හිතක් සසල කරන ඔය නිල් දෑසේ...
    බැල්මෙන් හිත ඔබට බැදුනෙ දුටු මුල් දවසේ....
    පහන් තරුව සේ පායා ගනදුරු අහසේ.....
    මගේ ලොවට පිබිද එන්න කාටත් රහසේ.....//

    හැංගි හැංගි හෙලන බැලුම්...

    පවස නිවන දිය දෝතක සිසිලේ බැදිලා....
    ගත නලවන සිත පොපියන රිද්මයක් වෙලා....
    තව අසරණ නොකර හිතේ සංකා නිවලා...
    ම‍ගෙ වෙනු මැන ආදරයේ සිහසුන් දරලා....//

    හැංගි හැංගි හෙලන බැලුම්...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එලිපිට කි‍යනවනේ.......:eek::eek::lol::lol:

    නි‍යම‍යි මචන්......:cool::cool::cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11.gif


    පට්ට:D
    ;)
    11.gif


    හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එලිපිට කි‍යනවනේ.......:eek::eek::lol::lol:

    නි‍යම‍යි මචන්......:cool::cool::cool:
    :lol: සිරා :cool: තෑන්කූ