හැකර් කොලුවා ඇත්තටම වැඩ්ඩෙක්ද..?

ITtec

Member
Nov 19, 2015
369
106
0
හැකර් කොලුවා ඇත්තටම වැඩ්ඩෙක්ද..?

දැනට වටින්ගොඩින් අසන්නට දැන ගන්නට ලැබෙන තොරතුරු අනුව මෙම ප්‍රහාරය දියත් කර ඇත්තේ ඉතාම ප්‍රාථමික ආකාරයටය.
Loading...
බංග්ලාදේශ නඩයක් මගින් සකසන ලද “බැක්ඩෝ ෂෙල්” එකක්, එහෙමත් නැත්නම් කමාන්ඩ් ෂෙල් එකක් අප්ලෝඩ් කිරීම මගින් ප්‍රහාරය එල්ල කළ බවට දැනගන්නට ඇත. මොහු ඒ සඳහා යොදාගත්තේ SQL Injection ද, Brute Force ද, යනාදි කිසිවක් මෙතෙක් වාර්ථා වී නැත.(Disclaimer Notice : මේ සියල්ල කටකථා ඔස්සේ දැනගන්නට ලැබෙන දෑ පමණි)
ඒ කෙසේවෙතත් ජනපතිවරයාගේ අන්තර්ජාල ආරක්ෂකයන් Injection Vulnerability, Broken Authentication, Cross Site Scripting යන තුන පිළිබඳව නිසි පරිදි පරීක්ෂා කොට නැත. පරීක්ෂා කර තිබුණා නම් බැක්ඩෝ ඇටෑක් එකක් එල්ල කිරීම ඉතා දුෂ්කර වනු ඇත. ඔවුන්ද තම තමන්ගේ රැකියාවන්ට නුසුදුස්සෝ බව ඔප්පු කර ඇත.
පරිඝණක ගැන කිසිවක් නොදත් සීයලා ආච්චිලා විසින් “පට්ට වැඩර්ලා” ලෙස හඳුනාගෙන සිටින පින්වත් දරුවනි. ඔබ අමතමි…..
නියම හැකරෙකු බිහිවන්නේ නිර්මාණශීලිත්වය සහ පරිඝණක, මෘදුකාංග සහ ජාලකරණ විෂයන්හි “අ” යනු “ආ” යන්නේ සිට ගොඩ නගාගෙන ආ ගැඹුරු දැනුම යන දෙකෙහි සංකලනයක් මගිනි. කාටවත් වීඩියෝ පට වලින් ස්මාට් ෆෝන් රිවීව්ස් දෙන්නා සේ ඔබට හැකින් ඉගැන්නිය නොහැක. කොටිම්ම කිව්වොත් හැකින් උගන්වනවා කියා මගුලක් නැත.එය ඔබම සාදා ගත යුතු දැනුම් පද්ධතියකි. අසම්පූර්ණ දැනුමක් සහිතව කවුරු හරි එකෙක් වීඩියෝ පටයකින් කරන්නට කියන දේ කරන්න ගියොත්
– ඔබේ අසම්පූර්ණ දැනුම නිසා ඔබේ ට්‍රේල් කවර් කර ගැනීමට නොහැකිව ඔබ අසුවනු ඇත.
– අදාළ වීඩියෝ පටය කරන එකා එය කරන්නේ ඔබ වැනි ළදරුවන් ගොදුරු කර ගැනීමට නම්, ඒ “පයිඩ් පයිපරයාට” ඔබ පහසුවෙන් හසුවනු ඇත. ඔබ කරන්නේ ඔහුට අවශ්‍ය දේය. ඔබේ පරිඝණකයට ඔහුට ඇක්සස් සාදා ගැනීමද අවශ්‍ය නම් ඔබ ලවාම කර ගැනීමට ඔහුට හෝ ඇයට හැක. තමන් කරමින් සිටින්නේ කුමක්දැයි ඔබ නොදන්නා බැවින්, ඔබද ඔහුට අවශ්‍ය සියළු දේ කිසිදු තර්කයකින් තොරව කර දෙනු ඇත.
මේ සිද්ධියත් සමග Kali Linux ගැන කථා බස් කිරීම වැඩි වී ඇති අතර, අලුතින් එය හදාරන්නෝ බහුල වශයෙන් බිහිවන බව පෙනෙන්නට තිබෙන නිසා මහා භද්‍රකාළී මාතාවගේ ( Kali Linux) දේව වරම් ඔබේ ජිල්මාට් සඳහා යොදා ගන්නවා නම් කරුණාකර කාළි මාතාව හොඳින් හඳුනාගෙන සිටින්න. කාළි මාතාවගේ කෝවිල සහ ඇගේ බලය හරි හැටි හඳුනා නොගෙන කවුරුන් හෝ පෙන්වන වීඩියෝ පට පඩංගු වල මැජික් බලා කාළි මාතාව වඩම්මන්න ගියොත් සොහොන් කාළි දිෂ්ඨිය වැහී ඔබේ හත්මුතු පරම්පරාවටම කෙළවෙනු ඇත.( මා මේ කියන්නේ කුමක් ගැනදැයි දන්නෝ දනිති.. නොදන්නෝ ඒ ගැන සිතිය යුතු නැත)
ටී.වී සීරිස් වල, චිත්‍රපටි වල ඉන්නා හැකර් “නළුවන්” පෙන්වන මැජික් සැබෑ ලොවේදී කරන්නට ඒ මෙන් දහ ගුණයක පරිශ්‍රමයක් දැරිය යුතුය. ඒ විද්‍යා සහ තාක්ෂණ ෆැන්ටසි ලෝකවල කරන දේවල් වලින් බොහොමයක් සැබෑ ප්‍රායෝගික ලොවේ පහසුකම් පදනම් කරගෙන සිදු කළ නොහැක. ඔබේ කාමරයේ තිබෙන සීමිත සම්පත් යොදාගෙන ලොවෙත් කළ නොහැක. එකම මොහොතේ ෆෝන් එකකින් ලොග් වී, විනාඩි කිහිපයක් තුළ යම්කිසි ආයතනයක සී.සී.ටී.වී (පියවූ පරිපථ) කැමරා, සේවකයන්ගේ ජංගම දුරකථන වල කැමරා, ඩේටාබේස්, පුද්ගලික පරිඝණක සියල්ලට එකවර ඇක්සස් සපයාගෙන, ඒවා හැසිරවීම වැනි මැජික් සෙල්ලම් ඔය එක එක බහු භූත කථාවල තිබුණාට සැබෑ ජීවිතයේ හැකර් කරණය එයට වඩා අතිශයින් දුෂ්කර, අවදානම් සහිත ප්‍රයත්නයකි. එනිසා ටී.වී සිරීස්, මූවිස් බලා උෂාර් වී හැකර් ලොවට පිවිසෙන්න සිතා උඩින් පල්ලෙන් අතපත ගාගත් දැනුම සහිතව මොට්ට මෝල් වැඩකර අමාරුවේ වැටෙන්න යන්න එපා. උඹලාව ඉතා පහසුවෙන් අසුවනු ඇත. ඉන්ටනෙට් සේවා සපයන්නන් අල්පයක් සහිත, ඒ ඉන්නා එවුන්ද එකම යටිතල පහසුකම් වලින් හවුලේ සේවා සපයන දුප්පත් රටක ඉඳගෙන රුසියානු මොඩලයේ ගේම් දෙන්නට යෑමෙන් අවසානයේ ඔබේ අහිංසක අම්මා, තාත්තා වැලිකඩ ගේට්ටුව ළඟ ලැගීම හැර “පොෂ්, කූල්, පට්ට, සෙක්සි” කිසිවක් සිදු නොවනු ඇත.
තමන් උගත් දෙය භාවිතා කොට අනුන්ට පහර දෙන්නට යෑම තිරිසන් කමකි. තමන් අමාරුවෙන් ලද උගත්කමට කරන නින්දාවකි. ශිල්පයට ගැරහීමකි…..නිර්මාණශීලීත්වය සහ උගත් කම භාවිතා කොට මිනිස් වර්ගයාගේ තාක්ෂණික ශිෂ්ඨාචාරයට සම්පත් දායකයෙක් වන්න. බිල් ගේට්ස්ලා, ස්ටීව් ජොබ්ස්ලා පට්ට වැඩ්ඩන් වූයේ තක්කඩි කම් කරන්නට ගොස් නොවේ.
හැක් කරනවාය සිතා ගොන් පාට් එකක් දමන්නට ගොස් මාට්ටු වූ පොඩි එකා “පට්ට වැඩ්ඩෙකු කර”, ඒකාව ‍”MIT”යැවිය යුතුයැයි කියමින් උඩ දමන බුකියේ අනාථ සීයලා, ආච්චිලා, සහ නැන්දා මාමාලා වෙත.
“ස්ක්‍රිප්ට් සිඟිත්තන්” පට්ට පොරවල් කර “හිට්” කරන්න යන්න එපා. තොපි මේ ගැන දන්නා ගුඩු කජ්ජක් නොමැති නමුත්, මේවා ඉගෙන ගනිමින් සහ එම අධ්‍යාපනයේ මූලික අවදිය පසු කරමින් සිටින අහිංසකයන් සමාජයේ සිටිති. මෝඩ වැඩ කරන්නට ගොස් පහසුවෙන් මාට්ටු වූ වහු පැටියෙක්ව “මෙගා ස්ටාර්” කෙනෙක් කරගෙන තොපි දඟලන විට, මේ අනිත් අහිංසකයන් ඒවා “මාර සිරා වැඩ” ලෙස සළකති. කොහොමත් වත්මන් පරපුරෙන් බහුතරය ප්‍රසිද්ධියට ඉතා කැමති නිසා, මේ වගේ දේවල් කිරීමෙන් ප්‍රසිද්ධිය, පොරත්වය සහ අවසානයේ ලොකු ලොකු ආයතන වල රැකියා, හෝ සුපිරි විශ්ව විද්‍යාල වල පාඨමාලා දිනා ගත හැකිය යන වැරදි අදහස හිසට ගෙන උන් මේවා කරන්නට පෙළඹී අමාරුවේ වැටෙනු ඇත. එතකොට හිරගෙවල් වල ගේට්ටු ළඟ කඳුළු සලන්නේ තොපි වගේ ගොන් බාස්ලා නොව, ඒ අහිංසකයන්ගේ දෙමාපියන්ය.
දැනට ලාංකික සයිබරයේ අමන සිඟිති පාතාල රැප් රැල්ලක් ඇත. අනුන්ගේ පෞද්ගලිකත්වය විකුණාගෙන කන පාදඩ ෆේස්බුක් පේජ් පඩංගු රැල්ලක් ඇත. අඩුවී තිබෙන්නේ පරිඝණක විද්‍යාවේ හය හතර නොදත් “වෙන්ට හැකර් සිඟිත්තන්” එක්වී කරන හැකින් ප්‍රහාර රැල්ලක් පමණි. තොපි පුලුවන් නම් ඒකත් හදල දියව්. එතකොට මරුය. සැපේ ඉන්නට හැකිවන්නේය. තද තදය. අම්මට හුඩුය.

උපුටා ගැනීම” සයිබර වරිගෙ උණ්ඩියා
 
Last edited:

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    ශෙල් වලින් ඩීෆේස් කරන හැටි ටියුටෝරියල් එකකින් බලනවා ඊට පස්සේ කොට්ටෝරුවා ගහෙන් ගහට කොටනවා වගේ හැම සයිට් එකකටම ගිහින් චෙක් කර කර යනවා.
     

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    හැකර් කොලුවා උගේ වයසට, ලංකාවේ IT දැනුමේ ව්‍යාප්තියේ හැටියට වැඩකාරයෙක් තමා....
    එහෙම කියන්නේ මාත් IT security side එකේ වැඩ කරන නිසා. කොහොම වෙතත් හිටන්ගේ IT department එකේ ඉන්න උන්ට නම් වඩා වැඩ්ඩෙක් කියල කාටත් පේනවා.
     
    • Like
    Reactions: SAN_APIIT

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කොහොම වෙතත් හිටන්ගේ IT department එකේ ඉන්න උන්ට නම් වඩා වැඩ්ඩෙක් කියල කාටත් පේනවා.
     

    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    හැකර් කොලුවා උගේ වයසට, ලංකාවේ IT දැනුමේ ව්‍යාප්තියේ හැටියට වැඩකාරයෙක් තමා....
    එහෙම කියන්නේ මාත් IT security side එකේ වැඩ කරන නිසා. කොහොම වෙතත් හිටන්ගේ IT department එකේ ඉන්න උන්ට නම් වඩා වැඩ්ඩෙක් කියල කාටත් පේනවා.

    මට නම් IT security side එක ගැන වැඩි දැනුමක් නෑ. මේ මම අහන ප්‍රශ්නේ ඔය කොල්ලට අදාළත් නෑ. දැන් මචං ඔය සයිට් එක ඇත්තටම සරළ එකක්නේ. ඉතිං ඔය වගේ සයිට් එකක් HTML,CSS වගේ ලැංග්වේජ් වලින් විතරක් කරලා කරානම් (ඩේටාබේස් නැතුව) ඔහොම හැක් කරන්න අමාරුයි නේද.
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    හැකර් කොලුවා උගේ වයසට, ලංකාවේ IT දැනුමේ ව්‍යාප්තියේ හැටියට වැඩකාරයෙක් තමා....
    එහෙම කියන්නේ මාත් IT security side එකේ වැඩ කරන නිසා. කොහොම වෙතත් හිටන්ගේ IT department එකේ ඉන්න උන්ට නම් වඩා වැඩ්ඩෙක් කියල කාටත් පේනවා.

    ඌ වැඩ්ඩෙක් නම් දවස් දෙකෙන් මාට්ටු වෙන්නෙ නෑ.....හැකින් වල වැඩ්ඩන් කියන්නෙ මහසෝනා ගැහුව වගේ උන්...ගැහුවෙ මොකාද දන්නෙත් නෑ ආවෙ කොහෙන්ද දන්නෙත් නෑ
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ඕක අල්ල ගත්ත හැටි කියපන් කෝ

    කොහොමද ට්‍රෙස් කරේ
     

    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0

    කොල්ලව අයිටී පැත්තෙන් ඉස්සරහට යවන්න නම් ඕනේ තමයි. ඒත් ශිෂ්‍යත්ව දීලා ලමයව ඕනවට වඩා උස්සලා තියන්න දගලන එක නම් ගොං වැඩක්. එහෙම උනොත් AL වලට ICT ඉගෙන ගන්න කොල්ලෝ ඔක්කොම ඉගෙන ගැනිල්ල නවත්තලා ඉන්ටනෙට් එකෙන් හැකිං ටියුටෝරියල් බාගන හැක් කරන්න දගල දගල ඉදී.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,258
    9,078
    113
    Dubai
    කොල්ලව අයිටී පැත්තෙන් ඉස්සරහට යවන්න නම් ඕනේ තමයි. ඒත් ශිෂ්‍යත්ව දීලා ලමයව ඕනවට වඩා උස්සලා තියන්න දගලන එක නම් ගොං වැඩක්. එහෙම උනොත් AL වලට ICT ඉගෙන ගන්න කොල්ලෝ ඔක්කොම ඉගෙන ගැනිල්ල නවත්තලා ඉන්ටනෙට් එකෙන් හැකිං ටියුටෝරියල් බාගන හැක් කරන්න දගල දගල ඉදී.

    :lol::lol:ඒකත් ඇත්ත බන්.. ඊට පස්සේ ලංකාවේ වෙබ් සයිට් එකක්වත් තියන්නේ නැතුව හැක් කරන්න ගනී මුන් ටික:lol::lol:
     

    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    :lol::lol:ඒකත් ඇත්ත බන්.. ඊට පස්සේ ලංකාවේ වෙබ් සයිට් එකක්වත් තියන්නේ නැතුව හැක් කරන්න ගනී මුන් ටික:lol::lol:

    :lol::lol: :yes::yes:
     

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    ඌ වැඩ්ඩෙක් නම් දවස් දෙකෙන් මාට්ටු වෙන්නෙ නෑ.....හැකින් වල වැඩ්ඩන් කියන්නෙ මහසෝනා ගැහුව වගේ උන්...ගැහුවෙ මොකාද දන්නෙත් නෑ ආවෙ කොහෙන්ද දන්නෙත් නෑ

    ඌ amature කෙනෙක් බන්, දැන් ඔය බංගලා දේශයෙන් සල්ලි පන්නපු උන් අපේ කෙරුමෝ ඇල්ලුවද ?
    ඉස්සෙල්ලම බලපන් ඌ ඉස්කෝලේ යන පොඩි එකෙක්. උගේ තරමට ඒ හොදටම ඇති, ඌ ආසාවට නෙට් search කරලා තනියම ඉගෙන ගෙන, කහනවට කරපු දෙයක් නේ ඔය. උබ කියන්නේ උගෙනුත් ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ දේවල් වෙයි කියලද?
     
    • Like
    Reactions: චගු

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මට නම් IT security side එක ගැන වැඩි දැනුමක් නෑ. මේ මම අහන ප්‍රශ්නේ ඔය කොල්ලට අදාළත් නෑ. දැන් මචං ඔය සයිට් එක ඇත්තටම සරළ එකක්නේ. ඉතිං ඔය වගේ සයිට් එකක් HTML,CSS වගේ ලැංග්වේජ් වලින් විතරක් කරලා කරානම් (ඩේටාබේස් නැතුව) ඔහොම හැක් කරන්න අමාරුයි නේද.

    html, css වගේ නම් බැහැ, ඒත් අනවශ්‍ය application servers ඕක්කොම වහල දාන්න ඕන. available ports ගැන තීරණය කරන්න ඕන අනවශ්‍ය ඒව වහල දාන්න ඕන. නමුත් javascript වලින් ගැටලු එන්න පුලුවන් විශේෂයෙන් තර්ඩ්පාටි js script යූස් කරනව නම්.