හැකි ලෙස ,හැකි පමන, හැකි සැම විට………….[donorshome]
අපි හැමෝම ජීවත් වෙන්නෙ අමාරැකම් මැද්දෙ අපි හැමෝමටම කියාගන්න බැරි තරම් ප්‍රශ්න තියෙනව ඒත් ඒ අමාරැකම් ,ප්‍රශ්න ජය අරගෙන ඉස්සරහට යන්න අපි ලග ශක්තිය තියෙනව.

මිනිසෙක් වෙලා ඉපදීමේදීම අපි වගකීමක් අරගෙනයි එන්නෙ ඒ මිනිසුන් වෙනුවෙන් යමක් කිරීමේ වගකීම… හැබැයි මේක නීති පොතේ ලියල තියෙන ඉටු නොකලොත් පොලිස්සියෙන් ඇවිත් දෙකක් ඇනල කුදලගෙන ගිහින් නඩු දාන විදිහෙ දෙයක් නෙමෙයි…
වගකීම ලියවෙල තියෙන්නෙ අපි හැමෝගෙම හදවත්වල…
කන්න දෙයක් නැතුව මිනිහෙක් අතපානකොට ඔරවල එහෙම නැත්නම් නොදැක්ක වගේ අහක බලාගෙන යන්න අපිට නිදහස තියෙනව….
operation එකක් කරගන්න ත්‍රී වීල් එකක ස්පීකරයක් බැදගෙන තමන්ගෙ, තමන්ගෙ දරැවගෙ ජීවිතය බේරගන්න අපෙන් උදවු ඉල්ලන්න එන මිනිස්සුන්ට මේ මොන කරදරයක්ද කියල බැනල එලෙවුවත් අපිට කාගෙන්වත් බලපෑමක් නෑ….
ඉන්න හිටින්න තැනක් නැතුව මහ පාරට වැටුන අසරන මිනිස්සු දැක්කම, පොතක් පැන්සලක් ගන්න බැරැව ඉස්කෝලෙ ගමන නවත්තපු පුංචි පැටවු ගැන ඇහුවම “වරෙන්කො ඕකුන් ආයෙ ඡන්දෙ ඉල්ලගෙන” කියල ආන්ඩුවෙ ආර්ථික, නිවාස, අධ්‍යාපන ප්‍රතිපත්ති වලට බනින්නත් අපිට නිදහස තියෙනව…… මොකද මේ හැම දේටම වග කියන්න ඕනි අපි නොවෙන නිසා……..
ඒත් අපි දන්නව අපේ හදවත එහෙම කරන්න ඉඩදෙන්නෙ නෑ……. තවත් කෙනෙකුගෙ අසරන කම, දුක කදුල ඉස්සරහ බහුතරයක් අපේ මිනිස්සුන්ගෙ හිත් උනුවෙනව කියන එක ප්‍රසිද්ධ රහසක්…
ඉතින් අපි කල්පනා කරා නොයෙකුත් හේතූන් නිසා පිහිටක් උපකාරයක් අවශ්‍ය වෙලා ඉන්න අපේම මිනිස්සුන්ගෙ තොරතුරැ එකතු කරල අනුන්ගෙ දුකකදි , අසරන කමකදි හිත් උනුවෙන ඔබට donorshome.org වෙබ් අඩවිය හරහා ඒ තොරතුරැ ලබා දෙන්න .. ඉතින් ඔබත් කැමතිනම් තමන්ට හැකි පමනින් පුංචි උදවුවක් හරි ඒ අය වෙනුවන් කරන්න.. අපිට පුලුවන් ඔබත් ඔවුනුත් අතර සම්බන්ධීකරනය කිරීම කරන්න…..
හැබැයි අමතක කරන්න එපා donorshome.org හරහා ආධාර එකතු කිරීමක් කරන්නෙනම් නෑ…. අපි කරන්නෙ සහයක් අවශ්‍ය පිරිස් සමග පරිත්‍යාගශීලීන් සම්බන්ධ කරදීම පමනයි…..

ඒ වගේම ඔබට හැකියාවක් තියෙනව උපකාර අවශ්‍ය අය අප වෙත යොමු කිරීම තුලිනුත්.පරිත්‍යාග කිරීමට කැමැත්තෙන් සිටින පරිත්‍යාගශීලීන්, ආයතන අපට සම්බන්ධ කර දිමෙන් මේ සද් කාර්යයේ හවුල් කරැවෙක් වෙන්න……
ඒවිතරක් නෙමෙයි….. ඔබත් facebook,twitter,google+ වගේ වෙබ් අඩවියක සාමාජිකයෙක්නම් අප donorshome.org වෙබ් අඩවියේ පලකරන තොරතුරැ ඔබේ මිතුරන් අතරේ Like, tag, share & comment කිරීම තුලිනුත් , email හරහා මිතුරන් වෙත දැන්වීම තුලිනුත් වැඩිදෙනෙක් මේ සේවාවට සම්බන්ධ කරදීමේ හැකියාව තියෙනව…..
අමාරැම කාරනය තමයි internet එකෙන් එලියට මේ සේවාව හදුන්වා දීම…. මොකද පරිත්‍යාග අවශ්‍ය පිරිස් වගේම පරිත්‍යාග ලබාදෙන්න කැමති අයගෙනුත් බහුතරයක් internet භාවිතා කරන්නෙ නෑ… මෙතනදිත් විශාල සේවයක් කරන්න ඔබට හැකියාව තියෙනව……
ඔබේ අදහස්, යෝජනා මේ සද් කාර්යයේදි ශක්තියක් වෙයි නිසැකවම….. ඉතින් ඔබට හැකියාව තියෙනව 0727440240, 0112713828 දුරකථන අංක ඔස්සේ අපිව සම්බන්ධ කරගන්න ඒ වගේම info@ donorshome.org ඔස්සේ email කරන්නත්………