හැටන් නගරයේ සැරිසරන යාචකයන් හැටන් පොලිසියේ නිලධාරීන් විසින් 25 වැනිදා අල්ලා පොලිසිය වෙත රැගෙන ගොස් උපස්ථාන කිරීමේ ආදර්ශවත් ක්‍රියාවක් පසුගියදා සිදු කෙරිණි.
හැටන් ප්‍රජා පොලිස් ඒකකය හැටන් දික්ඔය ලෙදන්ටි ප්‍රජා පොලිස් ඒකකයට අනුබද්ධ දුප්පතාගේ හිතවතා සංවිධානයේ තරුණ කැළ සමග එක්ව කොණ්ඩය සහ රැවුල කපා උණුවතුරෙන් ඔවුන් නහවා අලුත් ඇඳුම් පැළඳුම් ලබා දී ඔවුන්ට දිවා ආහාරය ද ලබාදෙනු ලැබුණි.
හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතාගේ උපදෙස් පරිදි හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ආර්. ඒ. ඩී. සුගතදාස, ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුන්දර් රාජ් යන මහත්වරු මෙම සත්කාරයට මූල් වී ක්‍රියා කළහ.
හැටන් නගරයේ සැරිසරන අයිතිකරුවන් සිටින යාචකයන් අධිකරණය හරහා ඔවුන්ගේ ඥාතීන් වෙත භාර දීමට පියවර ගන්නා බව හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කියා සිටියේය.