හැඩ වැඩ වෙනකොට මට ඉවසන්න බෑ
මේ මිහිතලය මත ඉපිද සත්ත්වයන් අතර ජීවත්වන මිනිසාට හිමිවන්නේ සුවිශේෂ තැනකි. “මනං උස්සෝතීති මනුස්සෝ”, උසස් මනසක් ඇත්තේ මනුස්සයා ය. එසේ ම ශරීරය සිරස් අතට නැගී සිට හිස ඔසවා ගෙන සිටින සත්ත්වයා ද මනුස්සයා ය. දෙව් ලොව දෙවියන් අතර දෙවියෙකු ලෙස ඉපිද සිට පුණ්‍ය ශක්තිය පිරිහී නැවත මිනිස් ලොව ඉපදෙන විට ද ඒ දෙවියා මිනිස් ලොව උපදින්නේ ද බොහෝ දැහැමි බලාපොරොත්තු ඇතිවය.
එසේ දෙව් ලොව දිව්‍ය සැප විඳීමේ පුණ්‍ය කර්ම ශක්තිය හීන වන දෙවිවරුන් පැළඳි මල් පරවී යයි. දිව සළු කිළිටි පැහැ ගනී. ඒ අනුව ඔහු ඇසුරු කරන මිතුරු දෙවිවරු තම මිත්‍ර දෙවියා දෙව් ලොවෙන් චුත වී යෑමට ආසන්න බව දැන ගනිති. ඔවුන් ඔහු ආපසු දෙව් ලොවට ගෙන්වා ගැනීම හා ඔහුගේ යහපත පිණිස අවවාද කරති.
“ඉතෝ භෝ සුගතිං ගච්ඡ
මනුස්සානං සහාව්‍යතං
මනුස්ස භූතෝ සද්ධම්ම
ලභ සද්ධමනුත්තරං”
“භවත! යන්න සුගතියට. (මිනිස් ලොවට) මනුස්සයනට සහාය වෙන්න. (පරාර්ථයෙහි යෙදෙන්න.) මිනිස් ලොව සද්ධර්මය පවතී. ඒ උත්තරීතර සද්ධර්මය ලබන්න.” යැයි උපදෙස් දෙති
එහෙත් එසේ දෙව් ලොවක හෝ වෙනත් ස්ථානයක හෝ සිට පැමිණ මිනිස් ලොව උපත ලබන මිනිසා තණ්හාව නිසා උසස් වූ මනස කිළිටි කැර ගනී. කෙනෙක් කුසලයේ යෙදෙති. බොහෝ දෙනෙක් අකුසලයේ යෙදෙති. මෙසේ ජීවත්වන මිනිසාට මරණයෙන් පසු යෑමට දොරටු හතක් විවෘතව ඇත. ඒ බ්‍රහ්ම, දිව්‍ය, මනුෂ්‍ය, යන සුගතීන්හි හා නරක, තිරිසන්, පේ‍්‍රත, අසුර යන දුගතීන්හි උපත ලැබීමට සකස් වී ඇති දොරටුය. ඇත්ත වශයෙන් ම මේ දොරටු විවෘත කැර ගත්තේ තමන් ම ය.
“ගබ්භ මේකේ උප්පජ්ජන්තී
නිරයං පාප කම්මිනෝ
සග්ගං සුගතිනෝ යන්තී
පරිනිබ්බන්ති අනාසවා” (ධම්ම පදය)
එකෙක් මව් කුසේ උපදිත්. පව් කළ අය නිරයේ උපදිත්. පින් කළ අය දෙව් ලොව යත්. කෙලෙස් ආස්‍රව ප්‍රහීන කළ අය පිරිනිවන් පාති.
මිනිස් ලොව ජීවත්වන මිනිසා තවත් පුද්ගලයින් කෙරෙහි හා වෙනත් වස්තූන් කෙරෙහි තණ්හාව නිසා (ඇලීමෙන් හෝ ගැටීමෙන්) මිය ගොස් බහුල වශයෙන් ම පේ්රතාත්මයක ඉපැදීමට ඉඩ කඩ වැඩිය. මේ එවැනි සිද්ධියකි