හැඳුනුම්පත් කාර්යාලය බත්තරමුල්ලට

thilinatta

Active member
  • Apr 5, 2009
    360
    92
    43
    හැඳුනුම්පත් කාර්යාලය බත්තරමුල්ලට

    හැඳුනුම්පත් කාර්යාලය බත්තරමුල්ලට
    අද හා 26 එක්‌දින සේවාව නෑ


    ලසිත දුමින්ද

    ජාතික හැඳුනුම්පත් ලබාදීමේ එක්‌දින සේවාවන් 23 හා 26 යන දිනවල ක්‍රියාත්මක නොකරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

    පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව බත්තරමුල්ල පිහිටි 'සුහුරුපාය' ගොඩනැගිල්ලේ ස්‌ථාපිත කිරීමේ කටයුතු හේතුවෙන් එම දිනවල එක්‌දින සේවාවන් අත්හිටවූ බව එහි ප්‍රකාශකයෙක්‌ ඊයේ (22 වැනිදා) 'දිවයින'ට පැවසීය.

    27 වැනිදා (අඟහරුවාදා) දින සිට සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි නව කාර්යාලයේ සිට එක්‌දින සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.


    http://www.divaina.com/2016/09/23/news07.html
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එක අතකින් හොදයි එක අතකින් මල වදයක්, බත්තරමුල්ලෙ ටැපික් තව වැඩි වෙයි, පහසුකම් අතේ දුරට එනව ඒක පහසුවක්.

    ඔය බිල්ඩිම හැදුවෙ මහින්ද හොදේ, හිපාටුවො දෙන්න ලොකුවට ඇවිත් ඔපන් කරයි.:eek: