හැමදේම වෙන්නෙ කර්මය නිසාද..
හැමදේම වෙන්නෙ කර්මය නිසාද..
කාට හරි කියන්ඩ පුලුවන්,අපිට ජීවිතේ හම්බෙණ නැත්තන් නොලැබෙන හැමදේම තීරණේ වෙන්නෙ අපි කරපු කර්මෙ හින්ද එහෙම නැත්තන් පව් පින් හින්ද කියල..ඇත්තටම කර්මය කියන්නෙ අපේ ජීවිතේ නැත්තන් ලෝකෙ සිද්ධවෙන දේවල් තීරණේ කරන,පාලනේ කරන එක සාධකයක් විතරයි...මේ වගේ ලෝකෙ වෙන දේවල් පාලනේ කරන සාධක 5ක් තියෙනව...
උතු නියාමය
බීජ නියාමය
ධම්ම නියාමය
කර්ම නියාමය
චිත්ත නියාමය.. මේ විදිහට,
.......................................
කලු පාට හම තියෙන දෙමව්පියො දෙන්නෙකුට හම්බෙණ ළමයත් කලු පාට නන් ඒක බීජ නියාමෙ, පැළේකට හරි ළමයෙක්ට හරි දෙමව්පියෝ නැත්තන් මව් ශාකයේ ගතිගුණ එන්නෙ බීජ නියාමෙ හින්ද...ගිය ආත්මෙ කරපු කුසල කර්මයක් හින්ද මේ ළමය ලස්සන රූපයක් එක්ක ඉපදෙනව ...ඒක කර්ම නියාමය,මොකද කර්මය හින්ද ඇතිවුණු ප්රතිඵලයක්...ඉතින් ඔහොම කාලෙ ගිහිල්ල දෙසැම්බර් කාලෙ සීත සෘතුවක් එනව, ඒ සීතල හින්ද අර ළමයට හෙම්බිරිසාව හැදිල ලෙඩවෙනව, එතකොට එවෙලෙ ළමය ලෙඩවුණේ උතු නියාමෙ, ඒ කියන්නෙ සෘතුව වෙනස් වීමෙන් වෙච්ච බලපෑම හින්ද....කාලෙකදි මෙයාට හිතෙනව සිල් ගන්ඩ දන් දෙන්ඩ පින්කම් කරන්ඩ, ඉතින් මෙයා ඒ විදිහට බොහොම ධාර්මික පින්වත් ජීවිතයක් ගතකරනව...එහෙම කරන්න එයාට හිතුණෙ හිතේ ඇතිවුණ සිතිවිලි හින්ද...ඒක හින්ද ඒක චිත්ත නියාමය.....කොහොම හරි මේ ළමය කාලෙත් එක්ක තරුණයෙක්, වැඩිහිටියෙක් වෙලා අන්තිමට වයසට යනව...කොණ්ඩෙ පැහිල, හම රැලිවැටෙනව...මේක ලෝකෙ ඉපදුණ හැම කෙනෙකුටම වෙන දෙයක්...ඒ කියන්නෙ ලෝක ධර්මතාවක්....එහෙම නැත්තන් ධම්ම නියාමෙ කියල කියන්නෙත් මේකම තමා...
.
ඉතින් සමහර අය හිතාන ඉන්නව, තමන්ට මේ කර්මෙට අනුව ලැබුණු විදිහ, උපතෙන් ලැබුණු විදිහ මේක වෙනස් කරන්ඩ බෑ කියල..ඇත්තටම ඒක වැරදියිනෙ,..චිත්ත නියාමෙ පාවිච්චි කරල..ඒ කියන්නෙ තමන්නෙ හිත මෙහෙයවල පින්කම් කුසල් රැස්කරල කරල තියෙන අකුසල කර්මයන්ගෙ විපාක හම්බෙන කාලෙ පස්සට දාගන්ඩ පුලුහන්, එහෙමත් නැත්තන් යහපත් කුසල කර්ම කරහම ඒවයෙ විපාක වලින් අර නරක අකුසල විපාක වල ප්රබලකම අඩුවෙනව...හරියට වතුර වීදුරුවකට ලුණු කැටයක් දැම්මහම ලුණු රස වැඩිවුණාට ඒ ලුණු කැටේ ළිඳකට දැම්මහම ඒ වතුරෙ ලුණු රස ඉස්සෙල්ල තරන් දැනෙන් නෑ වගේ...මේ විදිහට අලුතින් කරන කුසල කර්ම වල විපාකයන්ගෙන් පරණ අකුසල විපාක යටපත් කරන්ඩ පුලුහන්....ඒ විතරක් නෙමේ අනිත් නියාම ධර්ම වලින් සිද්ධවෙන අයහපත් විපාක තියෙනව නන් ඒවත් මේ විදිහට කුසල කර්ම විපාක වලින් යටපත් කරහැකි.....කෙනෙකුට හිතෙන්ඩ පුලුහන් දැන්, කුසල කර්ම කරල ඒවයෙ විපාක හම්බවෙන්න හුඟක් කල් යයිද, මේ ආත්මෙදිම ඒ කියන්නෙ දිට්ඨධම්මවේදනීය විදිහටම ඒව හම්බවෙයිද කියල......බුදු හාමුදුරුවෝ සන්දිට්ඨික දානඵල සීහසේනාපති සූත්රයේදි සීහ සේනාපති කියන කෙනාට කියනව දානයේ ඒ කියන්නෙ දන්දෙන එකේ මේ ලෝකෙදිම ලැබෙන ආනිශංස 4ක් තියෙනව කියල........
බොහෝ දෙනාට ප්රිය පුද්ගලයෙක් වීම
යහපත් සත්පුරුෂයන් විසින් ආශ්රය කිරීම
කීර්තිය පැතිරයාම
බය නැතුව පිරිසක් මැදට යාමට හැකිවීම...ඔය විදිහට....
ඊට අමතරව නිතර ශ්රද්ධාවෙන් දන්දෙන අයට දීර්ඝායුෂ ලැබීම, නිරෝගි බව,ඉක්මනට ධනය නොපිරිහීම, සතුරු උවදුරු අඩුවීම කියන ආනිශංසත් මෙලොවදීම ලැබෙනව කියල සඳහන් වෙනව...එතකොට තේරෙනවනෙ,චිත්ත නියාමයෙන් පරණ අකුසල විපාක වගේ නරක දේවල් යටපත් කරන්ඩ ලොකු කාලයක් ඉන්න ඕන නෑ කියල...මේ ආත්මෙදිම පුලුවන්....ඔය වගේ කරපු කුසල කර්ම වල විපාක මේ ආත්මෙදිම ලැබුණු සිද්ධි ත්රිපිටකේ, බණ කතා වල වගේම අටුවාවෙත් තියෙනව...මහාවංශෙත් මේ වගේ ලස්සන කතාවක් තියෙනව...වසභ රජතුමාට රජකම ලැබුණට පස්සෙ එතුමට අහන්ඩ ලැබෙනව අනාවැකියකින් තමන්ගෙ ආයු කාලය තව අවුරුදු 12යි කියල...ඉතින් එතුමා හාමුදුරුවරුන්ගෙන් අහල බලනව මේකට මොකද්ද ගන්ඩ පුලුහන් ප්රතිකර්මයක්, පිළියමක් තියෙනවද කියල...පස්සෙ හාමුදුරුවො එතුමාට කියනව, දාන මාන පින්කම් වැඩිපුර කරන්න කියල...ඉතින් මේ විදිහටම දානමාන පින්කම් හුඟක් කරල, ආගම දහමට ලැදිව හිටපු හින්ද එතුමාගෙ අර අල්පායුෂ තිබුණ එක වැඩිවෙල තවත් අවුරුදු 44ක් රජකම් කරන්ඩ අවස්ථාව හම්බුණා කියල සඳහන්වෙනව.....පේනවනෙ මේ විදිහට කර්මය හරි වෙනත් මිනිස්සුන්ට බලපෑම් කරන දෙයක් තියෙනව නන් ඒක එකක් විතරයි...මිනිස් හිතට හිතුවොත් ඒ හැමදේම යටපත් කරන්ඩ පුලුවන්...