හැමොම කියවිය යුතු දෙයක්

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    හැමොම කියවිය යුතු දෙයක්

    389136_10151135528521934_924397672_n.jpg



    හදිසි ශල්‍යකර්මයකට රෝහලට කැඳවුණු වෛද්‍යවරයා ශල්‍යාගාරයට ඇතුළුවුනේ කඩිනමින්. සැත්කමට භාජනය වීමට නියමිත දරුවාගේ පියා, වෛද්‍යවරයා පැමිණෙන තුරු නොඉවසිල්ලෙන් බලා හිටියා. වෛද්‍යවරයා දුටු ගමන් එයා වෛද්‍යවරයා වෙත කඩා පැන්නා. “ඇයි ඔයා එන්න මෙච්චර වෙලා ගත්තේ? මගේ පුතාගේ ජීවිතය අනතුරේ බව දන්නෙ නැද්ද? කිසිම වගකීමක් නැති හැටි!”

    වෛද්‍යවරයා සිනහමුසුව මෙහෙම කිව්වා. “මම හිටියේ රෝහලේ නෙවෙයි. පණිවිඩේ ලැබුණු ගමන් තමයි මම ආවේ. දැන් ඉතින් කලබල නොවී ඉන්නකෝ…!”

    “කලබල නොවී ඉන්න?! කලබල නොවී ඉන්නෙ කොහොමද?! ඔයාගේ පුතාට මෙහෙම දෙය වුනොත් ඔයා කලබල නොවී ඉන්නවද?!” පියා තරහින් කෑ ගහුවා.

    තවමත් සිනහමුසුව ඉන්න වෛද්‍යවරයා පියාට උත්තර දුන්නේ මෙහෙම. “මිනිස්සු ඉපදෙනවා. ඒ වගේම මැරෙනවා. වෛද්‍යවරයෙකුට ඒක නවත්තන්න බැහැ. ඒත් ඔයා ඔයාගේ පුතාට කරදරයක් වෙන්න එපා කියලා අධිෂ්ඨාන කරන්න. අපි එයාව බේරගන්න හැම දෙයක්ම කරනවා.”

    “මහ ලොකුවට උපදෙස් නම් දෙනවා” පියා තමාටම කියා ගත්තා.

    සැත්කමට පැය කිහිපයක් ගත් වුනා. වෛද්‍යවරයා ශල්‍යාගාරයෙන් පිටතට ආවේ සතුටින්…
    “ඔයාගේ පුතාගේ වෙලාව හොඳයි. එයාගේ ජීවිතය බේරුණා!” වෛද්‍යවරයා එයාගේ වාහනය වෙත දුවමින් කිව්වා. “ඔයට දැනගන්න දෙයක් තියනවා නම් නර්ස්ගෙන් අහන්න.” එහෙම කියලා වාහනයට නැගපු එයා හදිස්සියෙන් වගේ පිටත් වුණා.

    “ඇයි එයා එච්චර ආඩම්බර? මගේ පුතාගේ තත්වය ගැන අහන්කන්වත් ඉන්නේ නැතුව එයා යන්න ගියා.” පියා වෛද්‍යවරයා ගැන හෙදියට කිව්වේ එහෙම.

    හෙදිය ඔහුට පිළිතුරු දුන්නේ හැඬුම්බර මුහුණින්. “එයාගේ පුතා ඊයේ සිද්ද වෙච්ච ඇක්සිඩන්ට් එකකින් මැරුණා. ඒ පුතාගේ අවසන් කටයුතු අද. ඔයාගේ පුතාගේ ජීවිතේ බේරගත්තට පස්සේ එයා ඉක්මනට ගියේ එයාගේ පුතාගේ ආදාහන කටයුතු ඉවර කරන්න”


    ♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦
    කවදාවත් කිසිකෙනෙකුට චෝදනා කරන්නවත් බණින්නවත් උත්සුක වෙන්න එපා. ඒ, ඔබ ඒ පුද්ගලයාගේ ජීවිතය ගැන හෝ එයාගේ කරදර බාධක ගැන දන්නේ නැති නිසා.
    ♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦
    උපුටා ගත්තෙ-Sinhala Buddhist page
    මූලාශ්‍රය: lankacnews
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    හද සසල කරවන කතාවක්........හෑමෝටම වෑදගත් පනිවිඩයක්.....:sorry::sorry::sorry::sorry:
     

    keerthiya

    Member
    Jun 17, 2012
    727
    85
    0
    Patta machan rep + Saved for future use

    Kata hari rep denna giyama me hutak enawa hamadama ,maala painawa macahn :angry::angry::angry::angry:mage rep kapala wadi welada ban?

    You must spread some Reputation around before giving it to wdk again.
     
    Last edited:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    ela


    ;)

    හද සසල කරවන කතාවක්........හෑමෝටම වෑදගත් පනිවිඩයක්.....:sorry::sorry::sorry::sorry:

    :yes::yes:

    Bump....

    +7 rep

    elz thnx

    bump nice story

    :yes:;)

    Patta machan rep + Saved for future use

    Kata hari rep denna giyama me hutak enawa hamadama ,maala painawa macahn :angry::angry::angry::angry:mage rep kapala wadi welada ban?

    You must spread some Reputation around before giving it to wdk again.

    ;) rep kannada bn