හැමෝටම joke එකක් උණු සනත්ගේ පස්

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
හැමෝටම joke එකක් උණු සනත්ගේ පස්

“පොෂ්” වෙච්ච උදවියට අද කාලයේ ඉංග්‍රීසි වචන දෙක තුනක් භාවිතා නොකර, වියරණ මරන්නේ නැතිව සිංහලෙන් වාක්‍යයක් හරියට කියාගන්නවත් බෑ. හැබැයි සිංහලයෙක් ඉංග්‍රීසි භාෂාව භාවිතා කරද්දී එහි සුළු හෝ වරදක් වුනොත් ඔවුන් මැරෙන්න හදනවා.

ගමෙන් ආපු සනත් ජයසූරිය, සුද්දාගේ ක්‍රමය අත හැරලා සිංහලයාගේ ක්‍රමයටම ක්‍රිකට් ගහලා එතනිනුත් නොනැවතී මෑතක අන්තර්ජාතික විස්තර විචාරයදී “You can see the ‘pas’ coming out” ලෙසට කියලා අන්න ඒ “ඉංග්‍රීසි සොඬුන්” ට හොඳ පාඩමක් ඉගැන්වුවා. බටහිර ගැත්තන්ට සුද්දගේ වචන භාවිතා කරමින් අපේ සිංහල කතා කරන්න හොඳනම්, අපිට සුද්දගේ ඉංග්‍රීසි කතා කරන වෙලාවට ඊට වඩාත් ගැලපෙන සිංහල වචන භාවිතය නරක් වෙන්න බැහැ. ඉයන් චැපල් උන්නැහේ උනත් තේරුං ගන්ට ඇති මේ මනුස්සයා මේ දූවිලි ඇවිස්සිච්ච එක ගැන ‍තමා කියන්නේ කියලා.

“මෙහෙම දේකුත් තියෙනවා. දැං ලංකාවෙ තියෙන දූවිලි සහිත පසට හරියටම හරියන ඉංගිරිසි වචනෙකුත් නෑ. Dust, Earth, Soil ඔය එකක්වත් හරියටම හරි යන්නේ නෑ. ඒක හින්දා සනා හිතලම ඒකට අලුත් වචනයක් නිර්මාණය කළා වෙන්ටත් පුළුවන්. අර ‘කන්ද’ කියන එක ‘Kandy’ උනා වගේ.” කියලයි අපේ මිතුරෙක් පැවසුවේ.

‘ඔක්ස්ෆර්ඩ්’ ශබ්ද කෝෂයට අනුව ඉංග්‍රීසි වචන භාවිතා කරන්න යන අයට කිව යුත්තේ භාෂාවක් යනු ව්‍යාකරණවේදීන්ට අවශ්‍ය ලෙස භාවිතා කරන්නක් නොව, ජනතාව යම් භාෂාවක් භාවිතා කරන ආකාරය අනුව ව්‍යාකරණ ගොඩ නැගෙන බවයි. ඒ අනුව ‘pas’ යන වචනය අනාගතයේදී ‘dust’ යන්නට විකල්පයක් ලෙස ඉංග්‍රීසි භාෂාවට එකතු වීමටත් ඉඩ තිබේවි. ඒ කෙසේ වෙතත් ඉංග්‍රීසි භාෂාවේ ව්‍යාකරන සහ උච්චාරණය හිස් මුදුනේ තියාගෙන සිංහලට ගරහන ‘පොෂ්’ උදවියට සනත් නිසා පොළොවේ ‘පස්’ කන්න වුන බවනම් කිව හැකියි.

ප.ලි.: බොහෝ බෞද්ධ භික්ෂූන් වහන්සේලා සනත් ව හමුවුන පසුව ඔහුගේ අතේ පිරිත් නුලක් බඳින අතර ඒ හිමිවරුන් ගැන ඇති ගෞරවය නිසාම සමහරුන් මෙන් සනත් එදාම පිරිත් නූල් ගලවා ඉවත් කරන්නේ නැති නිසා ඔහුගේ අතේ පිරිත් නූල කැපිලා පෙනෙන්නට පටන් ගත්තා. පන්සලකට නිකමටවත් ගොඩ වුනේ නැති සමහර ක්‍රිකට් ලෝලී මිතුරන් පවා සනත් ජයසූරිය ව අනුගමනය කරමින් ගමේ පන්සලට ගොස් පින්කම් වලට සහභාගී වී පිරිත් නූල් බන්දවාගැනීමට පටන් ගත් බව මට තවමත් මතකයි, ඔබටත් එවැනි අත්දැකීම් ඇති. මේ ලිපිය ලිව්වෙත් ගැමි කම අමතක නොකළ අන්න ඒ සනත්ට ගෞරවයක් පිණිසයි.




ගොඩක් මේ අපේ ඉංගිරිසි දන්නා කළු සුද්දන්ට මේක ලොකු විහිළුවක් උනානේ...මම මේක ලංකා සී නිව්ස් ඒකෙන ගත්තේ....