හැරි පොටර් සල්ලි ගහ උඩ
සල්ලි ගහේ මුදුනට ම නැඟි රෝලින්
ලෝකය පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ හැරී පෝටර් (Harry Potter) නමැති මනංකල්පිත අද්භූත කතාමාලාව නිර්මාණය කළ ජේ.කේ. රෝලින් (J.K. Rowling) මෙරට පාඨකයන්ට ද අමුත්තියක් නොවේ. ලංකාවේ ද ළමා පරපුර අතර ‘හැරී පෝටර්’ පොත් පෙළ ජනපි‍්‍රයය.
ජේ.කේ. රෝලින් නමැති සාමාන්‍ය කාන්තාව ගේ ජීවන ඉරණම වෙනස් කළේ ද ‘හැරී පෝටර්’ ය.
ඉතා දිළිඳු පවුලකට දාව, 1965 ජූලි 31 වෙනිදා එංගලන්තයේ, ග්ලුෂෙස්ටර්ෂයර් හිදී උපත ලැබූ රෝලින් කිසි දිනක ලේඛිකාවක වීමට සිහින නොමැවුවාය. එසේ ම දුප්පත් තමා මතු අනාගතයේ දී කෝටිපතිනියක වේයැයි කිසි දිනක නොසිතුවාය. එහෙත් නොසිතූ දෙයක් ම දැන් සිදුවී තිබේ.
ලෝකයේ සිටින ලේඛකයන් අතරින් වැඩිම මුදලක් ගෙවනු ලබන ලේඛිකාව ජේ.ආර්. රෝලින් බව ‘ෆෝබ්ස්’ (Forbes) සඟාව සඳහන් කරයි.
පසුගිය මාස දොළහ අතරතුර ඇය විසින් බැංකුවේ තැන්පත් කරන ලද මුදල පවුම් මිලියන 170 කි. (පවුමක් අපේ මුදලින් රුපියල් 167 ක් වෙයි.
පවුම් මිලියන 170 ක් යනු රුපියල් බිලියන ගණනකි) මේ සියලුම මුදල් ඇයට ලැබෙන්නේ හැරී පෝටර් පොත් පෙළෙන් හා එනමින් නිෂ්පාදනය කරන ලද චිත්‍රපටවලිනි.
පසුගිය අවුරුද්දේ ඇය සතියකට පවුම් මිලියන තුනක මුදලක් හැරී පෝටර් පොත්වලින් ලබාගත් බව ද ෆෝබ්ස් සඟාව සඳහන් කරයි. මෙයින් පෙනී යන්නේ ඇය සතියකට අපේ මුදලෙන් රුපියල් කෝටි 5 ක පමණ මුදලක් උපයාගෙන ඇති බවයි.
හැරී පොටර් මනංකල්පිත කතා මාලාව පසුබිම් කරගෙන නිර්මාණය කරන ලද චිත්‍රපට කීපයකි. බොක්ස් ඔෆීස් වාර්තා තබමින් ලොව පුරා ප්‍රදර්ශනය වූ මෙම චිත්‍රපටවලින් ලැබී ඇති ආදායම පවුම් බිලියන 2.6 ක් බව ෆෝබ්ස් සඟාව සඳහන් කරයි. හැරී පොටර් චිත්‍රපට තුනක් ළඟදීම ප්‍රදර්ශනය කිරීමට ද නියමිතය.
සිය නවකතාවලින් වැඩිම මුදලක් උපයන ලේඛකයින් නවදෙනකු ලොව පුරා සිටින බව සඳහන් කරන ෆෝබ්ස් සඟාව ඉන් පළමුවෙනියා රෝලින් බවත් දෙවැන්නා ස්ටීවන් කිං, බවත් තුන් වැන්නා ඩැනියල් ස්ටීල් බවත් සඳහන් කරයි.
ලංඩනයේ පළවෙන Sunday Times පුවත්පත බි්රතාන්යයේ සිටින ධනවත්ම පුද්ගලයන් (කාන්තාවන්) කවුදැයි සොයා ගැනීම සඳහා පසුගිය දා සමීක්ෂණයක් කළේය. මේ සමීක්ෂණයේදී හෙළිවූ තොරතුරු අනුව මහා බි්රතාන්යයේ සිටින ධනවත්ම කාන්තාවන් අතරින් දෙළොස්වෙනියාට තේරී ඇත්තේ රෝලින්ය.
පවුම් මිලියන 560 ක වත්කමකට ඇය හිමිකම් කියන බව ද සොයාගෙන තිබේ. මේ අතර ‘ෆෝබ්ස්’ සඟාව කළ සමීක්ෂණයකින් ලෝකයේ සිටින ජනකාන්ත පුද්ගලයන් ගෙන් රෝලින් හතළිස් අටවෙනියාට තේරී ඇති බව කියා සිටියි.
ජේ.කේ. රෝලින් ‘හැරී පෝටර්’ කතා මාලාව ලිවීමට පටන් ගත්තේ මීට අවුරුදු පහකට ඉහත දීය. එහෙත් එය නවකතාවක් ලෙස මුද්‍රණය කොට ප්‍රකාශයට පත් කිරීමටවත්, කතා මාලාවක් ලෙස දිගටම ලිවීමටත් ඇය තුළ අදහසක් නොතිබිණි.
‘හැරී පොටර්’ කතා සංකල්පය නොහොත් බීජය මුලින්ම ඇය තුළ ඇතිවූයේ අහම්බෙනි.
එය ද රසවත් කතාවකි.
1990 දිනක ඇය මැන්චෙස්ටර් සිට ලංඩනයට ඒම සඳහා දුම්රිය පොළට පැමිණියාය. පැය හතරක් ප්‍රමාද වී දුම්රිය පිටත්වෙන බව ඇයට දැනගන්නට ලැබිණි. මේ පැය හතර ගෙවන්නේ කෙසේ දැයි ඇය කල්පනා කළාය.
මෙසේ කල්පනා කරන අතරතුර පාසල් යන පුංචි කොලු පැටියෙකුගේ කතාවක් ඇගේ හිතට නැඟිණි. එහි කතානායකයා වූයේ හැරීය. පසුව ඇය මෙම කතාව විවේක ලැබුණු හැම මොහොතකම පොතක සටහන් කිරීමට පටන් ගත්තාය.
ඇය මෙම කතාව ලිවීම සඳහා වැඩි වශයෙන් ම ගියේ අවන්හල්වලටය. අවන්හලක මුල්ලකට යන ඇය පැය කීපයක් එහි රැඳී සිට කතාව ලියයි. ‘හැරී’ නමින් මුලින් නම් කළ හැරී පොටර් අද්භූත කතා පෙළ උපන්නේ ඔය ආකාරයෙනි.
රෝලින් ගේ නියම නම ජොනි ජෝ. රෝලින් ය. ඇය ජේ.කේ. රෝලින් වූයේ ‘හැරී පොටර්’ පොත් පෙළත් සමඟය.
කුඩා කල සිටම අද්භූත කතා කියවීමටත් ලිවීමටත් පි‍්‍රය කළ රෝලින් බී.ඒ. උපාධිය ලබා ගැනීමෙන් පසු ලංඩනයට පැමිණ “ඇම්නෙස්ට් ඉන්ටර්නැෂනල්” නමැති එන්.ජී.ඕ. ආයතනයේ ලේකම්වරියක ලෙස සේවය කළාය. ඇය පෘතුගාලයට පැමිණියේ 1992 දීය. ඒ ඉංගී්රසි ගුරුවරියක ලෙස සේවය කිරීම සඳහාය.
එහිදී ජෝර්ගේ අරන්ටන් නමැති මාධ්‍යවේදියා සමඟ විවාහ වූ රෝලින් 1993 දී ඔහුගෙන් දික්කසාද වූවාය. මෙම විවාහයෙන් ඔවුනට ජෙසිකා ඉසබෙල් නමින් දරුවකු ද සිටියි. 2001 දී ඇය යළිත් විවාහ වූවාය. ඒ නිර්වින්දන වෙද්යවරියකු වන නීල් මයිකල් මුරේ සමඟය. මෙම විවාහයෙන් ඔවුනට දියණියක හා පුතෙක් සිටිති.
පොත් පත් ලියා මහා ධනස්කන්දයක් එක් රැස් කරගත් ලේඛක ෙල්ඛිකාවෝ විශාල පිරිසක් බටහිර ලෝකයේ සිටිති. ජේ.කේ. රෝලින් නමැති ‘හැරී පොටර්’ ලේඛිකාව අද සිටින්නේ එහි මුල්ම පෙළේය.
ලෝකයේ සිටින ලොකුම පොහොසතුන් අතරින් ඇයට හිමිවන්නේ 1062 වන ස්ථානය බව ෆෝබ්ස් සඟාව සඳහන් කරයි. බි්රතාන්යයේ සිටින ලේඛක ලේඛිකාවන් අතරින් මහා ධනස්කන්දයකට හිමිකම් කියන එකම ලේඛිකාව ද ඇයයි.
ආතර් උස්මීයගේ

නැත්තම් කියෝන අය දන්නේ නැහැනේ මුල් නිර්මාණ කරුවා කවුද කියලා
විහිළුවක් කළේ
ඔයා කළින් දාපු ත්‍රෙඩ් ටිකත් උපුට ගත්තු ඒවා නම් ලින් ටික එවනවද ? මට ආසයි දැනගන්න ඒ ලස්සන ලිපි ලිව්වේ කවුද කියලා