දිබ්බචක්කු කියන්නෙ දුරතියන දේවල් , මනුෂ්‍ය ඇසට නොපෙනෙන දේවල් බලන්න පුලුවන් හැකියාව. ටෙලිපති කියන්නෙ වෙන මනසකට පනිවිඩයක් යවන්න පුලුවන් හැකියාවට. ඒකට සමථ භාවනාවෙන් හතරවන ධ්‍යානයට සමවැදිලා අදාල තැන , කෙනා අරමුනු කරලා බලන්න ඕන. ලොකු මහන්සියක, කැපවීමක ප්රතිපලයක්. නැතිව නිකන් හිටියට ලැබෙන්නෙ නෑ.
නැතිව මේවගේ හිතට එන එන දේවල් කියන එක නෙවෙයි. මට පේන විදියට මෙයාට තියෙන්නෙ හැලුසිනේශන්. ඒකනෙ සන්නා ඕසි ඉද්දි ලංකාවෙ ශ්රැන්ගිලා එකේ පාටියකදි හම්බුනා කියලා ත්රෙඩ් එකක දාලා තිබුනෙ.
පහුගිය දවස්වල වැදගත් විදියට මේකෙ හැසිරිලා ලගකදි ඉදන් ආයෙත් කුනුහරපෙන් බැන බැන යනවා මෙම්බර්ස්ලාට, මං හිතන්නෙ මෙයා බෙහෙත් බොන එක නවත්තලාද කොහෙද.
නැතිව මේවගේ හිතට එන එන දේවල් කියන එක නෙවෙයි. මට පේන විදියට මෙයාට තියෙන්නෙ හැලුසිනේශන්. ඒකනෙ සන්නා ඕසි ඉද්දි ලංකාවෙ ශ්රැන්ගිලා එකේ පාටියකදි හම්බුනා කියලා ත්රෙඩ් එකක දාලා තිබුනෙ.
පහුගිය දවස්වල වැදගත් විදියට මේකෙ හැසිරිලා ලගකදි ඉදන් ආයෙත් කුනුහරපෙන් බැන බැන යනවා මෙම්බර්ස්ලාට, මං හිතන්නෙ මෙයා බෙහෙත් බොන එක නවත්තලාද කොහෙද.
මේ නූල ටික දවසකට කලින් දාන්න හිතාගෙන හිටියත් කිරියේ සෙට් එකට මේවා දිරවයිද කියලා හිතලා වැඩේ අතඇරලා දැම්මා. ඒත් පස්සේ හිතුනා මේක දාන්න ඕන කියලා. පියෙවි ඇසට නොපෙනෙන දුරකින් තියෙන මොනයම් හෝ දෙයක් මනසින් නිවැරදිව දකින්න පුළුවන්ද කියන එක ගැන මම දැන් අවුරුද්දක් විතර කාලයක ඉඳන් අධ්‍යනය කරමින් ඉන්නවා. මේ විෂයයේ හැටියට අවුරුද්දක් කියන්නේ බෝම කෙටි කාලයක්. මේ කාලය තුල මම ලබපු අත්දැකීම් ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන් මට්ටමක තියෙන නිසා දිගටම කරගෙන යන්න හිතාගත්තා. මේ වැඩේට දෙවියෝ, භූතයෝ වගේ අමනුෂ්‍ය බලපෑමක් හෝ බොහෝ මහන්සියෙන් භාවනා කරන්න වගේ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක අභ්‍යාසයක් විදියට ඕනෙම කෙනෙකුට දියුණු කරගන්න පුළුවන්. මේක කරන පිළිවෙල කියන්නම්. අපෙන් කවුරු හරි කෙනෙක් දුරින් තියෙන දෙයක් ගැන හෝ සිදුවූ සිදුවීමක් ගැන ඇහුවාම ඒ ගැටළුව හොඳින් හිතේ ධාරණය කරගෙන මොහොතකට ඇස් දෙක පියාගන්නවා. ඒ මොහොතේ හිතේ ඇඳෙන මුල්ම චිත්ත රූපය තමයි අදාළ කාරණය විදියට ගන්නේ. ඒ ගැන විනාඩි ගණන් හිතමින් කල්මරන්නේ නැහැ. පළමු මොහොතේම හිතේ ඇඳෙන චිත්ත රූපය පිළිතුර විදියට ගන්නවා. මේක විස්තර කරන්න ටිකක් අමාරුයි. චිත්ත රූපයක් කිවුවට කඩදාසියක ඇන්ද චිත්‍රයක් වගේ දෙයක් නෙමෙයි. එක්තරා විදියකින් හිතට දැනෙන විස්තරාත්මක හැඟීමක් වගේ දෙයක්. මේ ගැන මට ලැබුණු අත්දැකීම් ටිකක් කියන්නම්.
1. දවසක් මම දන්න කෙනෙක් එයාගේ තාත්තට ගොඩක් අසනීපයි, ඇවිදින්නත් බෑ කියලා මට කිවුවා. මම ඒ වෙලාවේ ඇස් පියාගෙන හිතේ ඇඳුන මුල්ම චිත්ත රූපය කෙටියෙන් විස්තර කළා. ඔයාගේ තාත්තගේ ශරීරයට විෂක් ඇතුල් වෙලා තියෙන්නේ. එයාට දිනපතා උදේට හවසට කරපිංචා කැඳ හදලා බොන්න දෙන්න. කෝකටත් blood check කරලා doctor කෙනෙකුට පෙන්නන්න කියලා කිවුවා. එයා මම කියපු විදියට කරලා තිබුණා. එයාගේ තාත්තා සනීප වුණා. doctor කිවුවලු විෂබීජයක් ශරීරගත වෙලා කියලා.
2. ගමේ ගෑණු කෙනෙක් අපේ ගෙදර ආපු වෙලාවක එයාලට හරිම කරදරයි කියලා අපේ නෝනා එක්ක කියනවා මට ඇහුනා. මම අර විදියට කරලා බැලුවා. ඒ ගෑණු කෙනා ගියාට පස්සේ මම අපේ නෝනට කිවුවා සතියක් ඇතුළත ඒ ගෙදර මළගෙයක් වෙනවා කියලා. ඒ වගේම සිද්ධවුණා. ඒ ගෑණුකෙනාගේ මහත්තයා හදිසියේ අන්ත්‍රා වුණා.
3. කේන්දරය බලාගන්න ආව මනුස්සයෙක් කිවුවා එයාගේ නෝනා රට ගිහින් ඉන්නේ. මාස ගාණකින් call එකක් වත් දුන්නේ නෑ කියලා. මම කිවුවා හිත හදාගන්න කියලා. එයා නැතිවෙලා කියලා ආරංචි වුණා කියලා පස්සේ දවසක මාව මුණගැහෙන්න ඇවිත් අඬාගෙන කිවුවා.
4. තවත් කෙනෙකුගේ ගෙදර පරණ කුස්සිය කඩලා අලුතෙන් හදන්න වෙලාවක් බලාගන්න ආවා. මම කිවුවා ඔයාලා කඩන්න කලින් ඕක කැඩෙනවා කියලා. පොල් ගහක් කඩාවැටිලා කුස්සියේ වහළත් එක්කම බිමට පාත්වුණා.
5. රට යන්න සූදානම් වෙලා කෙනෙක් ආවා වෙලාව බලවගන්න. මම කිවුවා ඔය කියන දිනේට යන්න බැරිවෙයි දවසක් දෙකක් ප්‍රමාද වෙයි කියලා. airport එකේ මොකක්ද කේස් එකක් වෙලා දවස් දෙකක් ප්‍රමාද වෙලා තමයි යන්න වුණේ.
මේ වගේ තව සිද්ධි කීපයක් තියෙනවා. කියලා වැරදුන දේවලුත් කීපයක් තියෙනවා. ඒත් හරිගියපු ඒවා ගණනින් වැඩියි. තාම අවුරුද්දක් වගේ කෙටි කාලයක් නිසා මේ ප්‍රතිඵල ගැන සෑහිමට පත්වෙන්න පුළුවන්. තව අවුරුදු ගාණක් යද්දී නිවැරදිතාව වැඩිවේවි කියලා හිතනවා![]()