හිඟන්නෙක් ගැන අනුකම්පා සිතුනු මිනිහෙක් ඔහුට මාස් පතා රුපියල් දාහ බැගින් දෙන්නට පටන් ගත්තේය . මෙහෙම අවුරුද්දක් විතර ගියා. එහෙත් ඊළඟ මාසයේදී එය රුපියල් හත්සිය පනහ දක්වා අඩුවිය. "කමක් නැහැ ."ඔහු හිත හදා ගත්තේය . "මේක වත් හම්බ වුනානෙ."
එහෙත් ඊළඟ මාසයේ දී ලැබුණේ රුපියල් පන්සීයකි. මෙවිට හිඟන්නාට මල පැන්නේය. "මේ උන්නැහැහේ, මොකද ඔයා මට දෙන මුදල එන්න එන්නම අඩුවෙන්නෙ?"
"අනේ මට කියන්න බැරි වුනා, ලොකු උන්නැහැහේ . මගේ ලමයෙක් ඉස්කෝලෙ යන්න පටන් ගත්ත. ඉතින් මට එයාට මේ දවස් වල අමතර වියදම් ගියා. ඒකයි , වුනේ."
"ඔහේට ළමයි , කී දෙනෙක් ද?"
"හතර දෙනෙක් නෙ."
"මල කරුමයක් නෙ මේක." හිඟන්නා කියනවා ."ඔහේගෙ ළමයි ,සේරම ඉස්කෝලෙ ගිහිල්ල ඉවර වෙනකල් මම පාඩු විඳින්න ඕනිද?."
ආදර්ශය:
කවරකුට වුවත් ඇප උපකාර කිරීමේදී සීමාව ඉක්මවා නොයන්න. කල් යාමේදී ඔව්හු ඒ නිසාම හුරතල් වී එය උපකාරයක් නොව තමන්ට අයිතිම දෙයක් යැයි සිතන්න පටන් ගනිති .
(ටීනා රිස්ක් ගේ පෝස්ටුවකින්)