Kumara Indu
1ra2tS naSemppatSembefr oSaet snarSncc0soc8e:lri5euS7d ·
සත්‍ය කතාවක්..
මේක නොකියවන උන් ඇත්තටම ෆේස් බුක් ඇවිල්ලා වැඩක් නෑ...
.
මේ දිසානායක වගේ වෙයන්...!!!
දිසානායක හය දෙනෙකුගෙන් යුක්ත පවුලක හතර වෙනිය. පිරිමි ළමයි හතරයි. ගෑණු ළමයි දෙන්නයි. දිසානායකගෙ තාත්තට හරිහමන් රස්සාවක් තිබුන් නෑ. තමන් විතරක් දන්න හේතුවකට දිසානායකගෙ තාත්ත ගෑණිවයි දරුවන්වයි තනි කරල වහන්වෙලා යනකොට දිසානායකට අවුරුදු දොළහයි. තාත්ත ඉන්දැද්දි දිසානායකට ඉස්කෝලෙ අඳින්න තිබ්බෙ එක කලිසමයි කමිසයයි. තාත්ත තමන්ව දාල ගියාම ඒ කලිසමයි කමිසයයි දෙන එකත් අම්මට ලොකු අභියෝගයක් වුනු බව දිසානායකගෙ පුංචි හිතට තේරුණ. මළපොතේ අකුරක් නොදන්න අම්ම දිසානායකට පාසල් යන්න එපා කීවෙ නෑ. යන්න කියන්න හත්තියක් උන්දැට තිබුණෙත් නෑ. අෑ කුලී වැඩ කරා. ආප්ප ඉඳිආප්ප හදල කඩේට දැම්ම. මේ ඔක්කොම කරලත් වේලක් ඇර වේලක් ළමයින්ට කන්ට දෙන එකත් අමාරු වුණා. දිසානායකගෙ ජීවිතය කියන්නෙත් දුක කියන්නෙත් එකක් වුණා.
ඒ හින්දමදො පුංචි දිසානායක හයේ පන්තියෙන් පස්සෙ හතේ පන්තියට පාස් වුනාට ආයෙ ඉස්කෝලෙ ගියේ නෑ. අම්ම එක්ක කුලී වැඩට ගියා. අම්ම දුකෙන් හිටියා පොඩි එකාගෙ ඉස්කෝලෙ ගමන නැවතුණු හන්ද. පුංචි දිසානායක සතුටෙන් හිටිය අම්මගෙ බර හෑල්ලු වෙන නිසා.
දිසානායක පොත් කියෙව්ව. රුසියානු පොත්වල පිටු අස්සෙ හමපු ස්ටෙප්ස් තණබිම්වල සුළඟ දිසානායකගෙ මූණට වැදුණ. සයිබීරියානු දුම්රියෙ නලා හඬින් දිසානායකගෙ කන් පිරිල තිබුණ. ගෝර්කිගෙ අම්මා කියවන දිසානායකට තමන්ගෙ අම්මා මතක් වුණා. ඉස්කෝලෙ නොගියට දිසානායක බහුසෘතයෙක් වුනා. ඔය අතරෙ දිසානායක ගෙදරින් පැනල ගියා. කුරුණෑගල තේ කඩේක වැඩ කරා. නොවිඳිනා දුක් වින්ද. මිනිස්සුන්ගෙන් බැණුම් ඇහුව. ඇණුම් පද ඇහුව. උපහාසයට ලක් වුණා.
හැබැයි දිසානායක පොත් කියෙව්ව !
ලොකු මිනිස්සු එක්ක ලොකු දේවල් ගැන ලොකුවට වාද කළා. මේක අහගෙන හිටපු ගෑණු කෙනෙක් "උඹ විශ්ව විද්‍යාලෙ යන්ට ඕන" කිව්ව. මුලින් මේ වචනෙ ගණන් නොගත්ත දිසානායකට පස්සෙ හිතුණ " බොලේ මට බැරි වෙයිද?" කියල. මහා සයිබීරියන් දුම්රියේ නලා හඬට දිසානායකගෙ කන් බීරි වෙලා තිබුණෙ නැති නිසා ඒ පණිවිඩය දිසානායකගෙ මොළේට ගියා. දිසානායක තැපෑලෙන් උගන්නනන පාඨමාලාවක ලියාපදිංචි වුනා. මාස තුනක් ඉගෙන ගත්ත. සාමාන්‍ය පෙළ ලිව්ව. ප්‍රතිපල ආව; හත වසරෙන් පස්සෙ ඉස්කෝලෙක පස් නොපාගපු දිසානායකට වැඩ හයයි සම්මාන පහයි. ඒත් ගණිතය පේල්. දිසානායක අත ඇරියෙ නෑ. දිසානායකට නියත විවරණ දුන්නු "අම්ම" දිසානායකට ගණන් උගන්නන්න පටන් ගත්ත. ඊළඟ පාර දිසානායක ගණන් පාස්. නිකම්ම නෙවි, සම්මානයක් එක්ක.
දිසානායකට හිතුණ උසස් පෙළත් කරන්න ඔය ගැම්මටම. මේ වෙනකොට දිසානායක හිඟුරාණ සීනි කම්හලෙ සේවකයෙක්. උදේ ඉඳන් රෑ වෙනකන් උක්ගස් කපනව. උක්ගස්වලට ඇඟිලි හීරිල කැපිල ගලපු දිසානායකලගෙ ලේ හිඟුරාණ සීනිවල රහ වෙනස් කරේ නෑ. මිනිස්සු ඒ සීනි දාල තේ බීව. සීනි දාල තේ බොන්න සල්ලි නොතිබිච්ච දිසානායක උදේට උක් ගස් කෑල්ලක් කෑව. "උක්ගහත් රහයි" පොත දිහා බලාගෙන පාඩම් කරන දිසානායකට හිතුණ. හවසට කරත්තයක් දක්කගෙන ගෙදර යනකොට දිසානායක තෙමෙනව ඉඳහිට වහින මහ වැස්සට. තැඹිලි පාට හිඟුරාණ පොලොව මඩ පාට වුණා. ඒ වැස්සට දිසානායකගෙ ඇඟේ මඩ පාට හේදිල කලු පාට මතුවුණ. දිසානායක සතුටෙන් ගෙදර ගියා බුලත් විටක් හප හප.
උසස් පෙළ ප්‍රතිපල ආව. "ඒ දෙකයි සී දෙකයි".
වැස්සටත් හිඟුරාණෙ උක්ගස් කපපු දිසානායක කොළඹ විශ්ව විද්‍යාලයට තේරිල. හයෙන් පස්සෙ ඉස්කෝලෙ නොගිය දිසානායක කොළඹ යුනිවසිටියට යන්න යනව. අකුරක් කියවන්න ලියන්න බැරි වෙච්ච දිසානායකගෙ අම්මගෙ ඇහෙන් කඳුලක් වැටුණ. ජීවිතේ පළමු වතාවට ඈ සතුටට අඬනව. දිසානායකට තමන් දෙයක් කළ මිනිහෙක් බව තේරෙනව.
සති දෙකකින් ලියුමක් එනව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන්. "පහුගිය වසර පහක කාලය තුළ පාසල් අධ්‍යාපනය සම්පූර්ණ නොකළ නිසා දිසානායකව විශ්ව විද්‍යාලයට ඇතුල් කිරීමට ප්‍රතිපාදන නැති බව" දන්වල. දිසානායක තරහ ගත්තෙ නෑ. පුල්ස්කැප් කොළ හතරක ලියුමක් ලියනව යූජීසියට. ඒකාලෙ යූජීසියෙ සභාපති මහා ගාම්භීර මහාචාර්ය ස්ටැන්ලි කල්පගේ. එතුම හිඟුරානෙ දිසානායකගෙ ලියුම කියවල විශේෂ මහ සබාවක් කැඳවනව. ඒ අවුරුද්දට අර වගන්තිය අත්හිටුවල දිසානායකව විශ්ව විද්‍යාලයට ගන්නව.
දිසානායක කොළඹ එනව. ජ්‍යෙෂ්ඨයො රැග් කරල දිසානායකට දුක උගන්නන්න එනව. සමානාත්මතාව උගන්නන්න එනව.
"තෝ දණ ගහපිය" ජ්‍යෙෂ්ඨ උත්තමයෙක් කියනව.
"බෑ"
"කුණු ෆ්‍රෙෂා දණ ගහපිය"
"බෑ"
දෙසීයක් තුන්සීයක් වටවෙලා දිසානායකව මරන් කන්න හැදුවත් දිසානායක දණ ගැහුවෙ නෑ.
"මං වගේ අනන්ත දුක්විඳපු එකෙක්ට තවත් වද දීලද උඹල සමානාත්මතාවය උගන්නන්න යන්නෙ?" දිසානායකගෙ සාධාරණ ප්‍රශ්නෙට සින්නොන්ට උත්තර තිබුන් නෑ.
පස්සෙ අවුරුද්දෙ සින්නෙක් වුන දිසානායක ජුන්නන්ට රැග් කරන්න ගියෙත් නෑ. සමාජයෙ පොඩිම තැනින් ඇවිල්ලත් දුකින් මිරිකිච්ච ජීවිතයක් ගත කරලත් දිසානායකට ඒ සමාජය එක්ක ඇරියස් තිබුන් නැහැ. ඔහු බුලත් විටක් හප හප සන්තෝසෙන් හිටිය.
දිසානායක දේශපාලනේ කරා. ඒ ඔහුගෙ පසුබිමේ එකෙක්ට තාර්කික නවාතැන වෙච්ච ජේවීපිී දේශපාලනය නෙවෙයි.ඔහු කරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනය. ඒ කාලෙ රට ගිණි ගන්න ඔන්න මෙන්න. අත්අඩංගුවට ඇරන් රඳවගෙන හිටපු සගයො හතර දෙනෙක් බේරගන්න දිසානායක හටන්කරා. මතවාදීව සටන් කරා. තමන්ව විශ්ව විද්‍යාලෙට ඇතුල් කරගත්ත මහචාර්ය ස්ටැන්ලි කල්පගේ හම්බ වෙන්න ගිය දිසානායක අර ළමයි නිදහස් කරන්න කියල ඉල්ලුවා. "මම ආරක්ෂක ලේකම් නෙවෙයි දිසානායක" කල්පගේ මහචාර්යතුමා කීව. දිසානායකගෙ මූණ වෙනස් වුනා. ඒක දැකපු ආරක්ෂක ලේකම් ජෙනරල් ආටිගලට දුරකතන ඇමතුමක් ගත්ත කල්පගේ මහත්තය දිසානායකව එතුමාට සම්බන්ධ කරා. "මේක කරන්න පුලුවන් ජනාධිපති උතුමාණන්ට විතරයි. මට දිසානායකව ජනාධිපති තුමා ලඟට ගෙනියන්න පුලුවන්. තීරණයක් ඇරන් ඉක්මණට කියන්න."
දිසානායක ආපහු යුනිවසිටියට ආව. අන්තරේ සහෝදරයොත් එක්ක වාද කරා. "අපි සාකච්ඡා කරමු" දිසානායක කීව. "ධනපති ආණ්ඩු එක මොන සාකච්ඡා ද?" සහෝදරවරු කීව. "තෝ පාවාදෙන්නෙක්" සමහරු එහෙමත් කීව. "සහෝදරවරුනි තුවක්කු යුද්ධ ටැංකි වැඩිපුර තියෙන පැත්ත මේ යුද්ධෙ දිනනවා. රටත් විනාශ කරල උඹලත් විනාශ වෙනව මේ වැඩෙන්" මහපාරෙ, කම්හලේ, තේකඩේ ජීවිතේ ඉගෙන ගත්ත රුසියානු පොත්වල විප්ලවය කියවපු දිසානායක කීව. ඒ්ත් පුංචි දිසානායක ඒ සටනෙදි තනිවුණා. දවස් දෙකකින් ලංකාවෙම විශ්ව විද්‍යාල වැහුව. ඉතිරිය ඉතිහාසය...පිළිස්සෙන මළමිණී ගඳ ගහන ඉතිහාසය...ලේ වැකුණු කාලකණ්ණි මිනීමරු ඉතිහාසය...
අවුරුදු තුනකට පස්සෙ විශ්ව විද්‍යාලය අරිනව. දිසානායක උපාධිය ගන්නව. සනාතන මණ්ඩලයෙ විශේෂ නිර්දේශයකට අනුව දිසානායකට රුපියල් දහසක තෑගි මුදලක් එක්ක සුවිශේෂී සම්මානයක් හිමිවෙනව. ඒ "විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් අතර ප්‍රජාතාන්ත්‍රවාදය ප්‍රචලිත කිරීම වෙනුවෙන් කළ සටන ඇගයීමක් ලෙස"...
ප්‍රාදේශිය සභාවෙන් පලාත් සභාවට ගිය ඒ දිසානායක අද පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක්. ආණ්ඩුවෙ ඇමති කෙනෙක්. අදත් විට හපනව. ඉන්නෙ හිඟුරාණ සීනි කම්හලේ නිල නිවාසයක. දරුවන් දෙදෙන ලංකාවෙ විශ්ව විද්‍යාලවල උපාධිධාරීන්...
"මේ අත් දෙකෙන් සත පහක් හොරකමි කරල නෑ. මදුරුවෙක්වත් මරල නෑ"
තුන් පාරක් පාර්ලිමේන්තු ආපු දිසානායක අත් දෙකේම අල්ල පෙන්නල කියනව....
හැබැයි මේක කියවන සියයට අනූවක් මේ දිසානායකව දන්නෙ නෑ.
තව දිසානායකල වෙච්ච "එස්. බී ව", "දුමින්දව" "නවීන්ව" දන්න උඹල මේ දිසානායකව දන්නෙ නෑ.
මේ දිසානායකට දෙන්නෙ වනසම්පත්, කැලෑ වැවීම වගෙ ඇමතිකමක්. ඇයි ඉතින් හිඟුරාණෙන් ඇවිල්ල විට කන එකානෙ...
ඒ තමයි යතාර්ථය...
ආදරණීය මිත්‍රවරුනි,
මගෙ ආණ්ඩුවක අධ්‍යාපන ඇමති මේ දිසානායක...
හිඟුරාණෙ "විමලවීර දිසානායක"
ඒ කොටස සිහිනයක් විතරයි...
ඒ සිහිනය ඇතුළෙ යතාර්ථය කොටසෙ විමලවීරගෙ කතාව මගෙ දරුවන්ට මම කියල දෙනව. දේශපාලකයෙක් වෙච්ච "විමලවීර දිසානායක" වගෙ වෙයන් කියල විශේෂඥ වෛද්‍යවරයෙක් වෙච්ච මම උන්ට කියල දෙනවා.
විශේෂඥ වෛද්‍ය ලක්මාල් කුලසේකර