හිජාබ් හුටපටේ ඉවරයි

Paradox1

Member
Jul 25, 2014
2
1
0
හිජාබ් හුටපටේ ඉවරයි

මුස්ලිම් මවු වරුන්ට ඔවුන්ගේ පාරම්පරික හිජාබ් ඇඳුමින් පාසල්වලට ඇතුළු වීම තහනම් නො කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අධ්‍යාපන බලධාරීන්ට නියෝග කළේය.



මෙම නියෝගය කඩ කරන විදුහල්පතිවරුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරු මොහාන් පීරිස් කියා සිටියේ.

රාජගිරිය, ජනාධිපති බාලිකා විදුහලේ ඉගෙනුම ලබන මුස්ලිම් ජාතික දැරියකගේ මවකට පාරම්පරික හිජාබ් ඇඳුම ඇඳ පාසලට ඇතුළු වීම තහනම් කරමින් එහි විදුහල්පතිවරිය විසින් කරන ලද නියෝගයක් අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සමක තීන්දුව දෙමින් අගවිනිසුරුවරයා ඉහත කී තීන්දුව ප්‍රකාශය කල බව පෙත්සම්කාර පාර්ශවයේ නීතිවේදී එම්.එම්.සුහයිර් බීබීසී සංදේශයට ප්‍රකාශ කළේය.

“අධිකරණ පිළිබඳව අපි සතුටු වෙනවා. හිජාබ් ඇඳුම පිළිබඳව සමාජයේ දුර්මත රාශියක් පැතිරී තිබුණා. මේ තින්දුවත් සමගම ඒ සියල්ල බිඳ වැටුණා”යි කියා සිටි නීතිවේදී සුහයිර් එය මුස්ලිම් ජනතාවගේ අයිතීන් තහවුරු කෙරුණ නඩු තීන්දුවක් ලෙසයි හඳුන්වා දුන්නේ.

පෙත්සම විභාගයට කැඳවන ලද අවස්ථාවේ කරුණු දැක්වූ බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පෙත්සම්කාරියට හිජාබ් ඇඳුමින් රාජගිරිය,ජනාධිපති බාලිකා විදුහලට ඇතුළු වීමට පනවා තිබුණ තහනම ඉවත් කරන බව දැනුම් දුන්නේය.

මෙතනින් ඉස්සුවේ > http://www.gossiplanka-hotnews.com/2014/07/sri-lanka-school-hijab-problem-ok.html






 
  • Like
Reactions: බකුනා